සංවාදයට විවෘතයි
මේ දිනවල සමාජය උණුසුම් කෙරෙන මාතෘකා කිහිපය අතර කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත ඉදිරියෙන්ම සිටින අතර විපක්‍ෂය මෙන්ම විවිධ සමිති සංවිධාන ද එයට එරෙහිව අතට ගත හැකි සියලූ ආකාරයේ අවි අමෝරාගෙන සිටින බව පෙනෙන්නට තිබේ. මේ අතර පසුගිය ”ඉරිදා දිවයින” පුවත්පතේ ”මිලිටරි අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය දෙකම නසන කේ.ඞී.යූ. පනත” යන හිසින් ”මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි” ඒ සම්බන්ධ සිය මතය ඉදිරිපත් කරමින් පළ කරන ලිපිය මගින් අදාළ පනතට බරපතල විරෝධයක් දක්වනු ලබන අතරම සාවද්‍ය මත කිහිපයක් ඉදිරිපත් කරනු ලබයි. ”අධ්‍යාපනය කිසි විටෙකත් වෙළඳ භාණ්ඩයක් නොවිය යුතුය” යන සුනිල් සෙනෙවිගේ ස්ථාවරය සමග අප ඉඳුරාම එකඟ වන නමුත් කොතලාවල විශ්වවිද්‍යාලය, මිලිටරිකරණය සහ විනය සම්බන්ධයෙන් ඔහු විසින් දක්වනු ලබන සාවද්‍ය සහ නොමග යවන සුළු අදහස් සම්බන්ධයෙන් නිහඬව බලා සිටිමින් එය සමාජගතවන්නට ඉඩ හැරීම තවත් බරපතල අපරාධයක් බව අපි කල්පනා කරන්නෙමු. එසේ හෙයින් මෙම ලිපිය ලියැවෙන්නේ උගත් මහාචාර්යවරයා නොකියා මගහරින කාරණාවල සත්‍ය තත්ත්වය ජනතාව වෙත පැහැදිලිව තේරුම් කරලීම පිණිසය.
මහාචාර්ය සෙනෙවි සිය ලිපියේ පළමු කොටසේ ”අධ්‍යාපනය යනු ශිෂ්ටාචාරමය කාර්යයකි” යනුවෙන් වන උප ශීර්ෂයෙන් යුතු කොටසේ විනය සම්බන්ධයෙන් පළ කරන අදහස් මෙබඳුය.
”කොතලාවල සරසවිය සම්බන්ධව අසන්නට ලැබෙන ප‍්‍රධාන තර්කයක් නම් එය නීති රිති රැකෙන විනය උපරිම ලෙස සැලකෙන අඩවියක් බවය. එහි අසත්‍යයක් නැත. මිලිටරිමය ආයතන යනු දැඩි ලෙස විනයගත ක්‍ෂේත‍්‍රයකි. එම විනය යනු අණ පිළිපැදීමය. විනය යනු අණ පිළිපැදීම ඉතා පෘථුල ලෙස ඉක්මවා ගිය දියුණු මනුෂ්‍ය ක‍්‍රියාවලියකි. එසේම හමුදා විනය සහ සාමාන්‍ය සිවිල් සමාජයේ විනය යනු කිසිම ලෙසකින් සමාන ලෙස පිළිගත යුතු අඩවි නොවේ. සාමාන්‍ය සිවිල් සමාජයේ විනය යනු මනුෂ්‍ය ජීවිතවල සංකීර්ණතා සහ ආවේණිකතා සමග මෝරා ගිය දඬුවම් මගින් පමණක් ශික්‍ෂණය කළ හැකි විෂය පථයක් නොවේ.”
මහාචාර්යවරයා කියා සිටින්නේ එසේ වුවත් පිළිගත් සම්මතයන්ට අනුව විනය යනු කිසියම් පාලන රාමුවකට නතු කරන ලද චර්යා සමුදායක් ලෙස හැඳින්විය හැකි අතර එය කිරීමක් හෝ නොකර සිටීමක් විය හැකිය. නූතන ලෝකයේ එය දැනුම, පුහුණුව සහ අවබෝධයේ ප‍්‍රමිතිගත ප‍්‍රකාශනයයි. සරලව කිවහොත් එය කිසියම් නීති රීති පද්ධතියකට අනුගතව කටයුතු කිරීම වේ. මෙසේ අනුගත වීම ස්වභාවිකව සිදුවන්නක් නොවන නිසා ඒ සඳහා නියමිත නීති රීති පද්ධතියකුත්, එම නීති රීති කඩ කළ විට ප‍්‍රතිවිපාක ලැබීමේ යාන්ත‍්‍රණයකුත් අවශ්‍යය. ඒ අනුව ඕනෑම ආයතනයක විනය හැඩගැස්සවීම සඳහා නීතිරීති පද්ධතියක් භාවිතා කරන බව පැහැදිලි වේ. විනය හැඩගස්වන්නේ මෙම නීතිරීති පිළිපැදීම මගින් මිස අන් ආකාරයකින් නොවේ. එය මිලිටරි හෝ සිවිල් කියා වෙනසක් නැත. ඒ අනුව මිලිටරි විනය යනු අණ පිළිපැදීම මිස අන් යමක් නොවේ යයි මහාචාර්යවරයා කරන ප‍්‍රකාශය නිවැරදි නොවේ. සියලූ විනය පද්ධති මගින් සිදුකෙරෙන්නේ කිසියම් ආකාරයක අණ (නීති හෝ සම්මතයන්) පිළිපැදීමක්මය.
එසේම සිවිල් සමාජයේ විනය සහ මිලිටරි විනය යනුවෙන් දෙවර්ගයක් තිබෙන බවත් ඒවා අත්‍යන්තයෙන්ම එකිනෙකට සමාන නොවන බවටත් ඔහු කරනා ප‍්‍රකාශය ද වැරදි සහගතය. මහාචාර්ය සුනිල් සෙනෙවි මේ කාරණා නොදන්නා බවක් අප සිතන්නේ නැත. ඔහු තම සිවිල් ප‍්‍රතිරූපය භාවිතා කරමින් සහ දැනුවත්ව මේ සිදුකරන්නේ සමාජය තුළ වැරදි මතයක් රෝපණය කරමින් මිලිටරි විරෝධය අවුළුවාලමින් තමා අනුදකින දේශපාලන පක්‍ෂයේ ක‍්‍රියාකාරකම් සඳහා අරගල අවකාශයක් නිර්මාණය කිරීමය.’ මෙම නොමග යවන සුළු උත්සාහය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තක්කඩි, ආත්මාර්ථකාමී සහ මුග්ධ ක‍්‍රියාවක් බව ජනතාව අවබෝධ කරගත යුතුය.
එසේම ලිපියේ තවත් තැනෙක හමුදා දණ්ඩ නීති සංග‍්‍රහයක් බඳු ශිෂ්‍ය අත්පොත යනුවෙන් වන අනු මාතෘකාව යටතේ මහාචාර්යවරයා දක්වන අදහස් මෙබඳුය.
”දැනට බඳවාගෙන ඇති සිසු සිසුවියන් සඳහා ඇති ශිෂ්‍ය අත්පොත ඔබ දන්නේ නම් සාමාන්‍ය විශ්වවිද්‍යාලයක අර්ථයෙන් දරුවන් එහි යවන්නේ නැත. එය එක්තරා දණ්ඩ නීති සංග‍්‍රහයකි.”
මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත සහ අගතිගාමී ප‍්‍රකාශයකි. අදාළ ලිපියේ වන මහාචාර්යවරයාගේම පිළිගැනීමට අනුව කොතලාවල සරසවිය තුළ නීති රීති රැකෙන විනය උපරිම ලෙස සැලකෙන පරිසරයක් තිබෙන බව පැහැදිලිය. එම තත්ත්වය ගොඩනංවනු ලැබ ඇත්තේ අදාළ විනය නීති පද්ධතිය පිළිපැදීම සඳහා ක‍්‍රමවත් ශික්ෂණයක් ඇතිකිරීම තුළිනි. මෙහිදී මහාචාර්යවරයා ඉතා කපටි ලෙස මගහැර යන කාරණය නම් කොතලාවල විශ්වවිද්‍යාලයට සාපේක්‍ෂව අනෙකුත් විශ්වවිද්‍යාලයන්හි විනය පවතින්නේ කෙබඳු මට්ටමක ද යන්නයි. කොතලාවල විශ්වවිද්‍යාලයට මෙන්ම අනෙකුත් සියලූම විශ්වවිද්‍යාලයන්වල ද ඒවාට ආවේනික විනය නීති සංග‍්‍රහයන් පවතියි. අතුරු නීති (By Laws) යනුවෙන් හැඳින්වෙන මේවායේ අන්තර්ගත කරුණු බොහෝ දුරට එක හා සමාන බව ඒවා පරිශීලනය කරන විට පෙනී යයි. උදාහරණයක් ලෙස කිවහොත් විශ්වවිද්‍යාලය තුළ රැස්වීම් පැවැත්වීමට මෙන්ම දැන්වීම් ප‍්‍රදර්ශනයටත් උපකුලපතිවරයාගේ අවසරය ලබාගත යුතු බවට වන අතුරු නීතිය දැක්විය හැකිය. මෙම නීතිය කොතලාවල මෙන්ම වෙනත් බොහොමයක් විශ්වවිද්‍යාලයන්හි අතුරු නීතිවල අන්තර්ගතය. නමුත් මහාචාර්ය සෙනෙවි හුවා දක්වනුයේ කොතලාවල විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අත්පොතෙහි සඳහන් කරුණු පමණි. සත්‍ය නම් කොතලාවල විශ්වවිද්‍යාලයේ මෙන්ම ශ‍්‍රී ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවලත් තදබල විනය නීති පද්ධතියක් පවතින බවයි. වෙනස ඇත්තේ කොතලාවල විශ්වවිද්‍යාලයේ පවතින විනය නීති සක‍්‍රීය තත්ත්වයේ පැවතීමත් අනෙකුත් විශ්වවිද්‍යාලවල පවතින විනය නීති හුදු නාමික නීති වශයෙන් අක‍්‍රීය තත්ත්වයේ තිබෙන ඒවා වීමත්ය.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින විනය නීති පද්ධතිය නාමික නීති පද්ධතියක්ව පවතිද්දී ඒවායේ අද ක‍්‍රියාත්මක වන්නේ මහාචාර්යවරයා ද අනුදකින දේශපාලන පක්‍ෂවල අතකොළු ලෙස ක‍්‍රියාකරන ශිෂ්‍ය සංගම්වල ඊනියා නීති පද්ධතියකි. එම ඊනියා නීතීන්ට අනුව සරසවියට එන නවක සිසු සිසුවියන් මුල් මාස තුනක කාලය ගතකරන්නේ ඊනියා ජ්‍යෙෂ්ඨයන්ගේ නිල නොවන රැඳවුම්කරුවන් සේය. මේ කාලය තුළ ඔවුන්ට තමන් කැමති ඇඳුමක් ඇඳීමට නිදහසක් නැත. තමන් කැමති තැනක ඇවිදීමට ඉඩක් නැත. අවම තරමේ රැවුල කොණ්ඩය තමන් කැමති ලෙස සකසා ගැනීමටවත් ඉඩක් නැත. තමන් නිවසින් රැගෙන එන හෝ කැන්ටිමෙන් ලබාගන්නා කෑම පාර්සලය නිදහසේ කෑමට ඉඩ ලබාදෙන්නේ නැත. කන්නට ඉඩ ලබාදෙන්නේ සතෙකුටවත් කන්නට අප‍්‍රසන්න වන තරමට එකට කලවම් කරමිනි. පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල එක් නිශ්චිත කාල සීමාවකදී යට ඇඳුම් ඇඳීමට ද තහනමක් ඇත. ”ඉටිපන්දම් පත්තු කිරීම” ”ප්ලග් ගැසීම” ”ගුල හෑරීම” ”පෑනට කොපුව ගැසීම” වැනි ලිංගික හිංසන ගණයට වැටෙන අප‍්‍රසන්න ක‍්‍රියාකාරකම් ද බොහෝ වෙයි. මේවා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයන් බවත් ඒවාට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත යුතු වන බවත් මහාචාර්යවරයා නොකියන්නේ එම තිරස්චීන ක‍්‍රියාවන් තමන් අනුදකින දේශපාලන පක්‍ෂයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් විසින් සිදුකරන බැවින්දැයි ඇසීමට අපට සිදුව තිබේ.
පසුගිය දිනවල රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ශිෂ්‍ය සංගම්වල මෙම ඊනියා පාලනයට එරෙහි හුදෙකලා අරගලයක යෙදෙන බව දකින්නට ලැබුණ අතර එක් අවස්ථාවක මාධ්‍ය වාර්තා කළේ කාර්ය මණ්ඩලයට සහ ආචාර්යවරුන්ට තහනම් ප‍්‍රදේශයක් බවට බලහත්කාරයෙන් පත්කරගත් ගොඩනැගිල්ලක තිබී භාවිතා කරන ලද උපත් පාලන කොපු ගෝනි කිහිපයක් සොයා ගත් බවයි. මේ ආකාරයෙන්ම පේරාදෙණියේ ද ”අම්බලම්” ලෙස හඳුන්වන ස්ථානයන්හිී තිබී පාවිච්චි කළ උපත්පාලන කොපු ගෝනි කිහිපයක් සොයා ගැනීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුණි. වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ද මේ වන විටත් නිල නොවන ලෙස පවත්වාගෙන යන පෙම්වතුන්ට පමණක් සීමාවූ මෙවැනි ඊනියා නිදහස් කලාප පරික්‍ෂා කළහොත් උපත්පාලන කොපු තවත් ගෝනි ගණනක් සොයාගැනීමට නිසැකවම හැකියාව ලැබෙනු ඇත. මෙම උපත් පාලන කොපු ”බැලූම් පිපිරවීම” වැනි අහිංසක ක‍්‍රීඩාවක් කිරීමට භාවිතා කළා වෙන්නට බැරිය. බුද්ධියේ පාරාදීසයේ විනය සහ සදාචාරය පිරිහී ඇති තරම එබඳුය. අප මේ සිසුන්ගේ නිදහසට විරුද්ධ නැත. නමුත් තමන් භාවිතා කළ උපත් පාලන කොපු නිසි ලෙස බැහැර කිරීමට තරම්වත් විනයක් මෙම සිසු සිසුවියන්ට නොමැතිවීම විනය පිරිහීමේ එක් අංශයක් බව පැහැදිලිය. නමුත් කොතලාවල සරසවියෙන් එවැනි සොයාගැනීම් සිදු කළ බවක් නම් අසන්නට නැත. වඩා හොඳ කොතලාවල විනය ද රාජ්‍ය විශ්වවිද්‍යාලවල විනය ද යන්න බුද්ධිමත් දෙමව්පියන් තේරුම් ගන්නවා ඇත. කනගාටුවට කරුණ නම් ඒ පිළිබඳව කථා කළ යුතු මහාචාර්ය සෙනෙවි වැනි පුද්ගලයන් ඒ පිළිබඳව බිඳක් හෝ කථා නොකර වෙනත් දේශපාලන අරමුණු වෙනුවෙන් පමණක් හඬ තැලීමය. ඇතැම් විට නිදහස් මානව ක‍්‍රියාකාරීත්වයට සීමා පැනවිය යුතු නොවන බවට විද්වත් නිර්වචනයක් ඉදිරිපත්වීමට ඉඩ ඇත. කෙසේ වුවත් තම තරුණ දරුවන් රාජ්‍ය සරසවි වෙත යවන දෙමාපියන්ට අප අනතුරු අඟවා සිටින්නේ මේ සදාචාරාත්මක කරුණ පිළිබඳවත් මදක් සැලකිලිමත් වන ලෙසය. මේ සම්බන්ධයෙන් තවත් බොහෝ කරුණු සාක්‍ෂි සහිතව කථා කිරීමට අපට හැකියාව ඇත. අවශ්‍ය වේ නම් මහාචාර්ය සෙනෙවි හෝ වෙනත් ඕනෑම විශේෂඥයකු සමග ඒ පිළිබඳව සංවාදයක යෙදීමට අප සූදානම්ය. ලිපියේ තවත් ස්ථානයක මහාචාර්යවරයා මෙසේ කියයි.
”සරසවියක් බඳු ප‍්‍රඥාවේ ගිරි මුදුනක් සිවිල් බුද්ධියේ පාරාදීසයක් කිසිසේත් පාලනය කළ නොහැකිය. යටත් පිරිසෙයින් එබඳු අඩවියක් වටහා ගැනීම හෝ කළ නොහැකිය.”
මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත සහ උද්දච්ච ප‍්‍රකාශයක් වන අතර එමගින් ඔහු අන්‍යයන් පහත්කොට සැලකීමේ තම වැඩවසම් ආකල්පය ප‍්‍රදර්ශනය කරයි. මහාචාර්යවරයා පවසන ආකාරයට විශ්වවිද්‍යාල යනු ප‍්‍රඥාවේ ගිරි මුදුනකි. සිවිල් බුද්ධියේ පාරාදීසයකි. අප ඒ අදහස සමග එකඟ වන්නේ සරසවිය යනු එවැන්නක් විය යුතුය යන ඌණ පූරණයද සහිතවය. මන්ද බොහෝ ඒවා දැනට ක‍්‍රියාත්මක වන්නේ එම අර්ථයෙන් නොවන බැවිනි. උදාහරණයක් ලෙස පවසතොත් මහාචාර්ය සෙනෙවි ද ශිෂ්‍යයකු ලෙස ගත කළ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1994 – 1998 ආසන්න කාල සීමාවේ සිදු වූ එක් සිදුවීමක් මෙහි සටහන් කළ හැකිය. එකල ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අධ්‍යනාංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ රට පිළිගත් මහාචාර්යවරයකු වූ සුනිල් ආරියරත්නයන් හට පරිපාලනයෙන් සහ ආචාර්ය මණ්ඩලයේ ඇතැම් පුද්ගලයන්ගෙන් තමනට සිදුවන හිරිහැර සහ පලිගැනීම්වලට විරෝධය පාමින් සුමංගල ශාලාවේ පඩිපෙළෙහි වාඩිවී විරෝධතාවයක නියැලීමට සිදුවිය. එසේම ඒ ආසන්න කාලයේ සිසුන් පිරිසක් විසින් සරසවි භූමිය තුළදීම පරිගණකයකින් පහරදී තවත් සිසුවෙකු ඝාතනය කරන ලදී. ඒ මීට අවුරුදු 25 කටත් එහා අතීතයේ බුද්ධියේ පාරාදීසයක තත්ත්වයයි. 2008 හෝ ආසන්න කාලයේ පේරාදෙණියේ මහාචාර්යවරුන් දෙපලක් සහ හිටපු ලේඛකාධිකාරිවරයකු විශ්වවිද්‍යාලයේම සේවිකාවන් තිදෙනකු සමග කාම මිථ්‍යාචාරයේ යෙදීම පිණිස ? මැදියමේ අනවසරයෙන් රැගෙන ගිය කේ.ඞී.එච්. වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථය ඉන් පැය කිහිපයකට පසු සනාථන මන්දිර පරිශ‍්‍රයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ විය. මහජන මුදලින් ලක්‍ෂ 100 කට ආසන්න මුදලක් කාබාසිනියා කළ මෙම සිදුවීම අදටත් අභිරහසකි. එසේම පේරාදෙණියේ බලය හෙබවූ මානසික විකෘතියකින් පෙළුන එක්තරා උපකුලපතිවරයකු නවක වධයට එරෙහිවීමේ හේතුව මත පශු වෛද්‍ය පීඨයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් සේවයෙන් නෙරපා දැමුවේ මෙම අන්තවාදී සිසුන්ගේ ඉල්ලීමක් ඉටුකරදීම පිණිසය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු විසින් පසුව සිදුකරන ලද පරික්‍ෂණයකදී උපකුලපතිවරයා විසින් නගා තිබුණ චෝදනා 13 න්ම අදාළ මහාචාර්යවරිය නිදොස්කොට නිදහස් කර තිබූ නමුත් අවාසනාවකට ඇය ඒ වන විට විශ‍්‍රාම ගොස් තිබුණි. කළමනාකරණ පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා සහ ඉංජිනේරු පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු වෙතින් පලිගන්නා ලද්දේ ඉතාම නින්දිත ආකාරයෙනි. ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා සේවයෙන් ඉවත් කරලීමට හේතු කාරක කර ගත්තේ මහාචාර්යවරයකුට ”සර්” යනුවෙන් ආමන්ත‍්‍රණය නොකිරීමය. එසේම වැඩ ඉංජිනේරුවරයා සේවයෙන් ඉවත් කර ඇත්තේ මෙම උපකුලපතිවරයාගේ බිලියන ගණනක මූල්‍ය වංචාවලට අකුල් හෙලීම නිසාවෙනි. මේ ලැයිස්තුව තවත් බොහෝ දිගය. මේ සම්බන්ධයෙන් තවත් බොහෝ උදාහරණ දිය හැකි නමුත් ලිපියේ ඉඩකඩ සලකා මේ අවස්ථාවේදී අප ඊට උනන්දුවන්නේ නැත. ඇත්තවශයෙන්ම ප‍්‍රායෝගික අර්ථයෙන් මෙවැනි විශ්වවිද්‍යාල අද ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රඥාවේ ගිරි මුදුන්වලට අලඟු තැබීමටවත් නොහැකි දඩබිම් ලෙසින් බව සැඟවිය නොහැකි අමිහිරි සත්‍යයි.
අනෙක් කාරණය වන එය කිසිසේත් පාලනය කළ නොහැකි බවට වන අදහස මෝඩ තර්කයකි. මිසයිලයකට වුවත් කිසියම් පාලනයක් තිබිය යුතුය. එසේ නොවන විට එය ඇදී යන්නේ විනාශයටය. ”යටත් පිරිසෙයින් එබඳු අඩවියක් වටහා ගැනීමටවත් නොහැකිය.” යනුවෙන් ඔහු සිදුකරන ප‍්‍රකාශය නින්දා සහගතය. එයින් පෙන්නුම් කරන්නේ ”අප හැර වෙන කෙරුමන් ලොව නැතැයි යන මුග්ධ ආකල්පයයි.” සංග‍්‍රාමයෙහි දක්‍ෂතාවය විශිෂ්ට බුද්ධිමය හැකියාවක ඵලය බව ලොවම පිළිගනී. එය කලාවක් සේම එක්තරා අන්දමක විද්‍යාත්මක විෂය ක්‍ෂේත‍්‍රයකි. ඒ සදහා තීක්‍ෂණ බුද්ධිය දැනුම මෙන්ම අභ්‍යාසය ද තවත් බොහෝ කුසලතාවයන් ද තිබිය යුතුය. කනගාටුදායක අවසානයක් කරා යා හැකිව තිබූ තිස් වසරක ත‍්‍රස්තවාදී යුද්ධය අවසන් කර ශ‍්‍රී මේ වන විට පවතින සාමකාමී තත්ත්වයෙන් පවතින්නේ එබඳු කුසලතාවයන් සහිත විශිෂ්ටයන්ගේ සංග‍්‍රාමික දක්‍ෂතාවයන්ට පින්සිදුවන්නට බව අප මතක තබා ගත යුතු අතර දේශපාලනික අරමුණු වෙනුවෙන් එය අවතක්සේරු කිරීමට තරම් අකෘතඥ නොවිය යුතුය.
මහාචාර්යවරයා සිය ලිපියේ අවසන් භාගයේ ”මිලිටරිකරණය යනු තියුණු සංකල්පයකි” යනුවෙන් වන උප ශීර්ෂය යටතේ මිලිටරිකරණය සම්බන්ධයෙන් දක්වන අදහස් ද ජනතාව නොමග යවන සුළුය. මිලිටරිකරණය යනු කිසියම් රටක සෑම සියලූ අංශයක් කරාම හමුදාවේ බලහත්කාරි බලපෑම ව්‍යාප්ත කිරීම බව සරලව තේරුම් කළ හැකිය. වඩාත් පැහැදිලි කළහොත් පූර්ණ මිලිටරිකරණයක් සඳහා අංශ හතරක් සම්පූර්ණ විය යුතුය. පළමුව විශාල සන්නද්ධ හමුදාවක් නඩත්තු කිරීමත්, දෙවනුව දේශපාලනයේ මිලිටරි ආධිපත්‍ය පවත්වාගැනීමත්, තෙවනුව දේශපාලන සහ සිවිල් ගැටලූ වෙනුවෙන් වන විසඳුම් සඳහා බලහත්කාරි හමුදා පෙළඹවීම සහ සිව්වනුව සන්නද්ධ හමුදා යොදාගනිමින් සිදුකරන රාජ්‍ය හිංසනය යන කාරණා සම්පූර්ණ විය යුතුය. මහාචාර්යවරයා සිය ලිපියේ ”අපේ අති විශාල හමුදාව” යනුවෙන් විශේෂණයකින් යුක්තව සඳහන් කරන්නේ නිකමට නොවන අතර එමගින් කරන්නේ මිලිටරිකරණයේ පළමු කොන්දේසිය අප විසින් සම්පූර්ණ කර ඇති බව සියුම් ලෙස සංජානනය වන්නට ඉඩ හැරීමයි. මෙය සහමුලින්ම තක්කඩි උත්සාහයකි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විට මේ එකදු කොන්දේසියක්වත් තවම සම්පූර්ණ වී නොමැති බව යථාර්ථයයි. ඉදිරියේදී ද එසේ වීමට කිසිදු ඉඩක් අප නම් දකින්නේ නැත. එසේ නම් සැබෑ අපරාධය වන්නේ නැති බිල්ලෙකු මවා පෙන්වමින් ජනතාව මුලා කිරීම මිස අන් යමක් නොවේ.
මෙහිදී ඔහු තවත් ප‍්‍රාථමික අදහසක් ගෙනහැරපායී එනම් ”මිලිටරියට විශ්වවිද්‍යාලය කිසි ලෙසකින් නොපරවමු!” යනුවෙන් කියා සිටී. මෙය ලාභ සටන් පාඨයකි. එසේම ඔහු විසින් මවාගත් සතුරෙකුට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමකි. විශ්වවිද්‍යාලය මිලිටරියට පවරන්න යයි කිසිම කෙනෙක් මෙතෙක් කියා නැත. එසේම විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමට මිලිටරි අංශ උත්සාහ දරා ඇති බවට වාර්තා වන්නේ ද නැත. එසේ නම් නැති බිල්ලෙක් මවාගෙන මේ කෑගසන්නේ කුමක් නිසාද. ඒ අන් යමක් නිසා නොවේ සරසවි සිසුන් සහ සාමාන්‍ය ජනතාව අවුළුවා ලීමට පහසුම මග එය වන බැවිනි. නව දැනුම නිෂ්පාදනය කිරීමේ කාර්යය සුනිල් සෙනෙවිලාට පමණක් පවරාදුන් පොල්මඃකාර අයිතියක් නොවේ. ඒ සඳහා මිලිටරියට මෙන්ම වෙනත් ඕනෑම අයෙකුට ද අයිතියක් ඇති අතර ඉතිහාසය පිරික්සීමේදී ලෝකයේ ගමන් මග වෙනස් කළ බොහෝ නිර්මාණාත්මක සංකල්ප සම්මත අධ්‍යයන මධ්‍යස්ථානවලින් බැහැර ස්ථානවල බිහිවූ අයුරු දැකගත හැකිය.
එසේම මහාචාර්යවරයා සිය ලිපියේ අවසන් භාගයේ ”කොතලාවල යනු රාජ්‍ය පෞද්ගලික සරසවියකි” යනුවෙන් වන උප ශීර්ෂය යටතේ කියා සිටින කරුණුද ගමේ භාෂාවෙන් කිවහොත් කොළේ වසා ගැසීමකි. එහිදී ඔහු මෙලෙස කියා සිටී.
”මේ අමුතුම මාදිලියකි. කොතලාවල සරසවිය දැනටද ඉදිරියට ද නඩත්තු වන්නේ ජනතා අරමුදල් මගිනි. රාජ්‍ය වියදමෙනි. එහෙත් එය මුදල් අය කරයි.”
මෙතනදී මහාචාර්යවරයා කොතලාවල සරසවිය සම්බන්ධයෙන් කියන පාඨමාලා සඳහා මුදල් අයකිරීමේ කථාව සත්‍යයක් විය හැකිය. නමුත් ඔහු සඟවන ඇත්ත නම් කොතලාවල පමණක් නොව බොහෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයන් ද මුදල් අයකරන පාඨමාලා පවත්වාගෙන යන බවයි. බාහිර උපාධි පාඨමාලාවන් සඳහා මෙන්ම පරිගණක, ඉංග‍්‍රීසි භාෂා, මානව සම්පත් කළමනාකරණ ආදී බොහෝ පාඨමාලා මුදල් අයකිරීමේ පදනම මත රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පවත්වාගෙන යනු ලබන අතර රාජ්‍ය විශ්්වවිද්‍යාල තුළ පවත්වාගෙන යනු ලබන බොහෝ පශ්චාත් උපාධි ආයතන පාඨමාලා පවත්වන්නේ ද මුදල් අයකිරීමේ පදනම මතයි. පූර්ණ රාජ්‍ය අයිතිය යටතේ පවත්වාගෙන යනු ලබන එන්.එස්.බී.එම්. හරිත සරසවිය සහ තොරතුරු තාක්‍ෂණ විශ්වවිද්‍යාලය ද (ස්ලිට්) තමන්ගේ සියලූ පාඨමාලා ලබාදෙන්නේ මුදලටය. ඒ ගැන කිසිවක් කථා නොකරන්නේ ඇයි. අවසන් වශයෙන් අපට හිනිදුම සුනිල් සෙනෙවි මහාචාර්යවරයාගෙන් අසන්නට සරල පැනයක් තිබේ. මුදල් අයකිරීම අපරාධයක් වන්නේ කොතලාවල එය කරන විට පමණක්ද?
එපමණකි.
නන්දජීව සූරියබණ්ඩාර