කොදෙව් දඟයෝ ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 204කට සීමා කරති

204

පර්මාල් 35/05

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර කි‍්‍රයාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (30 වැනිදා) දිනයේදී ද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය. එ් අනුව ඊයේ දින තේ පානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී ගාල්ල කී‍්‍රඩාංගණයට ඇද වැටුණු වර්ෂාවත් සමගින් තරගය නතර කර දමන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන සංචාරක කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබා සිටියේය.

ඊයේ උදෑසන තරගය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ශී‍්‍ර ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 113ක් ලබා සිටි අතර පැතුම් නිස්සංක සහ ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය එහෙත් කොදෙව් දඟ පන්දුව හමුවේ අසරණ වූ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දිවා භෝජනයට පෙර මුළු ලකුණු 204කට සියලූ දෙනා දැවී ගියේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕෂධ ප‍්‍රනාන්දු සහ පැතුම් නිස්සංක එක්ව ගොඩනැගූ ලකුණු 33ක සබඳතාව හැරෙන්නට කිසිදු කඩුල්ලක් අතර සැලකිය යුතු ලකුණු සබඳතාවක් ගොඩනැගීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසමත්වූ අතර ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් කඩුලූ 9ම පන්දුවාර 30යි පන්දු 5ක් තුළ ලකුණු 91කදී බිඳ දැමීමට ජමෙල් වරිකන් සහ වීරස්සාමි පර්මාල් සමත්විය.

වසර 5කට පසු ජාත්‍යන්තර ටෙස්ට් තරගයකට කී‍්‍රඩා කරන වීරස්සාමි පර්මාල් ඊයේ දිනයේදී සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 35කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 5ක් බිඳ හෙළීමට සමත්විය. එය පර්මාල් විසින් ඉනිමකදී කඩුලූ 5ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින්ද සටහන් විය. පර්මාල්ට අනෙක් අන්තයෙන් සහාය දැක්වූ වරිකන්ද ලකුණු 50කට ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලූ 4ක් බිඳ හෙළමින් සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ පැතුම් නිස්සංක ලකුණු 73ක් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එක් කළේය. පන්දු 148ක් පුරා දිගහැරුණු එම ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

කොදෙව් දඟයෝ ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 204කට සීමා කරති

ශී‍්‍ර ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 12ක් ලබා සිටියදී ඇති වූ මස්පිඩු පෙරළීමක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව ශී‍්‍ර ලංකා 8 වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු නැවතත් පිටිය පැමිණ තවත් ලකුණු 17ක් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුවට එක් කළේය. එ් අනුව නිස්සංක සහ කරුණාරත්නට අමතරව ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට ලකුණු 29ක් ලබා ගත් මැතිව්ස් පත්විය.

කොදෙව් පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 62කට සීමා කිරීමට ප‍්‍රවීන් ජයවික‍්‍රම සමත්විය එ් අනුව ලකුණු 44ක් ලබා සිටි ජර්මින් බ්ලැක්වූඞ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්වී ගියේය.

කොදෙව් ඉනිමේ පළමු ලකුණු 50 පන්දුවාර 19ක් තුළ වාර්තාවීද අනතුරුව කි‍්‍රයාත්මක වූ පන්දුවාර 10 තුළදී ඔවුන් වාර්තා කළේ ලකුණු 19ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment