කොමර්ෂල් බැංකුව අනගි කාන්තා බැංකුකරණ සේවාව එළිදක්වයි

124

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සනත් මනතුංග මහතා නිල සමාරම්භක උත්සවයේදී ‘අනගි කාන්තා බැංකුකරණයේ’ වෙබ් පිටුව එළිදක්වමින්. (පහළින්) කාන්තා බැංකුකරණය සඳහා වූ සහයෝගය තහවුරු කරන ඔවුන්ගේ ‘අනගි’ ලාංඡුන ලබාගනිමින්.

කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ගේ අභිලාෂයන්ට සහාය වීම වෙනුවෙන්ම සැලසුම් කර ඇති වඩාත් පුළුල් නව සේවාවන් මාලාවක් යටතේ, නව ණය යෝජනා ක‍්‍රමයක්ද ඇතුළත් අනගි කාන්තා බැංකුකරණ’ සේවාව එළිදක්වා ඇත.

ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් එළිදක්වන ලද ‘අනගි කාන්තා බැංකුකරණ’ සේවාව දැනට පවතින ‘අනගි කාන්තා ඉතිරිකිරීමේ ගිණුම’ සහ අලූ‍තින් හඳුන්වාදුන් ණය ක‍්‍රමයක් වන ‘කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයන්’ සඳහා වෙන් වූ ‘අනගි ව්‍යාපාර ණය’ ක‍්‍රමයෙන් සමන්විත වන අතර අනාගතයේදී තවත් නව නිෂ්පාදන සහ සේවා හඳුන්වාදෙන බව බැංකුව පවසයි.

IFC-DFAT Women in Work වැඩසටහන යටතේ ඉන්ටර්නැෂනල් ෆිනෑන්ස් කෝපරේෂන් (IFC) සමඟ සහයෝගයෙන් මෙම සේවාව නිර්මාණය කර ඇත. වැදගත් නමුත් අඩු වශයෙන් අවධානයට ලක් වූ අංශයක් වන ‘කාන්තාවන් සඳහා මූල්‍යකරණය’ට වැඩි ප‍්‍රවේශයක් ලබා දීම සඳහා එම වැඩසටහන සතු විශේෂඥ දැනුම භාවිතා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment