කොමර්ෂල් බැංකුව ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස පිදුම් ලබයි

439

කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය බැංකු මෙහෙයුම වන බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් වනවිට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස සම්මානයට ලක්වී තිබේ. මීට අමතරව, බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව 2021 වසරේදී ස්වාධීන ආයතන දෙකක් විසින් බංග්ලාදේශය තුළ ක‍්‍රියාත්මක ‘හොඳම විදේශීය බැංකුව’ ලෙස තෝරාගෙන තිබෙන අතරම තවදුරටත් ” ණය වර්ගීකරණය එලෙසම පවත්වාගැනීමට සමත්වී ඇත. කොමර්ෂල් බැංකුවට ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ යන සම්මානය ඩුබායි පදනම් කරගත් ‘ඉන්ටර්නැෂනල් බිස්නස්’ සඟරාව විසින් 2021 වසරේදී පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයකදී ප‍්‍රදානය කළ අතර මෙම සම්මාන මගින් ජාත්‍යන්තර ව්‍යාපාරික සහ මූල්‍ය ක්ෂේත‍්‍රයේ විවිධ ආයතනවල ජයග‍්‍රහණ ගෞරවයට පාත‍්‍ර කරයි. මෙම සම්මානය මගින් බංග්ලාදේශ කොමර්ෂල් බැංකුව වසර ගණනාවක් පුරා ලබාගත් තිරසාර සහ ස්ථාවර වර්ධනය ඇගයීමට ලක්කර තිබේ.


advertistmentadvertistment