කොමර්ෂල් බැංකුව වයිබර් තුළින් බැංකුකරණ සේවා හඳුන්වාදෙයි

292

වයිබර් තුළ තිබෙන එකිනෙකට ක‍්‍රියාකාරී කෘත‍්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත.

මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ සේවා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව හිමිවන බව බැංකුව සඳහන් කරයි. මෙම සේවාව ‘Bank with ComBank on Viber’ නමින් නම් කර තිබෙන අතර කොමර්ෂල් බැංකු ශාඛාවක් වෙත නොයා මූලික බැංකු සේවා මේ තුළින් ලබාගැනීමට හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ සිටින වයිබර් භාවිතා කරන්නන් සඳහා පුරෝගාමීව ආරම්භ කළ මෙම සේවාව පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ලියාපදිංචි භාවිතා කරන්නන් මිලියන 15 කට වැඩි පිරිසක් සමඟ ආසියානු ශාන්තිකර කලාපයේ වයිබර් වෙළෙඳපොළවල්වලින් මුල් පහ අතර ශ‍්‍රී ලංකාවත් සිටිනවා. ඒ නිසා, තාක්ෂණයෙන් ඉහළ බැංකුවක් ලෙස වඩාත් කාලීන විසඳුම් ගනුදෙනුකරුවන්ට ලබාදීමට කැපවීමක් ලෙස මෙම ජනප‍්‍රිය සේවාව තුළින් බැංකු සේවා ලබාදීම වඩාත් තර්කානුකූල පියවරක් ලෙස සඳහන් කළ හැකියි. මෙය බැංකුවේ සමාජ ජාලා බැංකුකරණ මෙහෙයුම් කටයුතුවල තවත් සංධිස්ථානයක් වෙනවා.’

මේ අනුව, ‘Bank with ComBank on Viber’ සේවාව භාවිතා කිරීම සඳහා පළමුවෙන්ම ‘App Store’ හෝ
‘Google Play’ මගින් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට වයිබර් ඇප් එක ඉන්ස්ටෝල් කර ඉන්පසුව, ‘Bank with ComBank on Viber’ සේවාව සර්ච් කළ යුතුවේ. මෙහිදී, කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන්ට ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීම, ගිණුමේ ඉතිහාසය පිරික්සීම, චෙක් පොතක් ඉල්ලා සිටීම ඇතුළු සේවා ගොන්නක් ලබාගැනීමේ අවස්ථාව උදාවන අතර ගනුදෙනුකරුවන්ට සහ ගනුදෙනුකරුවන් නොවන අයට මේ තුළින් ස්ථාවර තැන්පතු පොලී අනුපාත සහ විනිමය අනුපාත දැනගැනීම, කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ඇප් සේවාවේ ස්වයංව ලියාපදිංචි වීමේ අවස්ථාව, ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම මගින් අලූතෙන් ගිණුමක් විවෘත කිරීම හෝ පුද්ගලික ණය, නිවාස ණය සහ ලීසිං පහසුකම් අයදුම් කිරීමේ අවස්ථාව ලබාගත හැකිවේ.

advertistmentadvertistment