ලීසිං පහසුකම් මාර්ගයෙන් DIMO සමාගමෙන් වාණිජ වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට ආකර්ශණීය වට්ටම් හා තවත් ප්රතිලාභ පිරිනැමීමට කොමර්ෂල් බැංකුව සහ DIMO නැවතත් එකතු වී ඇත.
මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් දේශීයව ‘ඩීමෝ බට්ටා’ ලෙස සුපතල වාණිජ වාහන අංශයේ ප්‍රසිද්ධ TATA Ace HT2, මහින්ද්‍රා සහ ස්වරාජ් ට්‍රැක්ටර්, හා කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ LOVOL සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර ආවරණය කරයි. TATA Ace HT2 සඳහා ලබාදෙන විශේෂ වට්ටම් 2024 ජුනි 30 දක්වා වලංගු වන අතර, දැනට ලබාදෙන රුපියල් 600,000 ක සාමාන්‍ය වට්ටමට අමතරව DIMO වෙතින් රුපියල් 15,000 ක සුවිශේෂී වට්ටමක් සහ RMV හි නොමිලේ ලියාපදිංචිය ලබාදෙයි. කොමර්ෂල් බැංකුවේ ලීසිං පහසුකම් සඳහා ලබාදෙන සම්මත පොලී අනුපාතිකය මත 1% ක අඩු කිරීමක් බැංකුව විසින් ලබා දෙනු ඇත.
මෙම විශේෂ ලීසිං පහසුකම යටතේ, DIMO විසින් 2023 දෙසැම්බර් 1 වනදා සිට 2024 නොවැම්බර් 30 දක්වා කාලය තුළ ලබා ගන්නා මහින්ද්‍රා සහ ස්වරාජ් ට්‍රැක්ටර් සඳහා වසර හතරක පුළුල් වගකීමක්, නොමිලේ ගොවි කට්ටලයක් හා වසර දෙකක් සඳහා නොමිලේ තෙල් පෙරහන් ලබා දෙනු ඇත. 2023 දෙසැම්බර් 1 වනදා සිට 2024 නොවැම්බර් 30 දක්වා කාලය තුළ ලබා ගන්නා LOVOL සංයුක්ත අස්වනු නෙළන යන්ත්‍ර සඳහා වසරක පුළුල් වගකීමක් ද ලබා දෙයි. මෙම හවුල්කාරීත්වය යටතේ වාණිජ වාහන අංශය සහ කෘෂි යන්ත්‍රෝපකරණ අංශය ආවරණය කරමින් කොමර්ෂල් බැංකුව මගින් ලීසිං සඳහා සම්මත අනුපාතයට වඩා 0.5% ක් අඩු පොලී අනුපාතයක් ලබා දේ.