ඉදිරියට එන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සහ රාමදාන් සමයට සූදානම් වන මේ කාලයේදී, කොමර්ෂල් බැංකුව හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදාවී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව මගින් රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පෙබරවාරි මස සිට අප්‍රේල් 9 වනදායින් අවසන් වන සති අටක කාලය තුළදී බැංකුවේ ‘RemitPlus’ විදේශ මුදල් හුවමාරු සේවාව හරහා මුදල් ලබාගන්නන් 160ක් තෝරාගනු ඇත. කොමර්ෂල් බැංකුවේ RemitPlus ‘පිට රට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන මගින් සතියකට වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකුට මෙම ත්‍යාග ප්‍රදානය සිදුකරනු ඇත. බැංකුව පැවසුවේ පෙබරවාරි 19 වන දින සිට බැංකුවේ සමාජ මාධ්‍ය නාලිකා හා RemitPlus යෙදවුම හරහා ජයග්‍රාහකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරන බවයි.