කොරෝනාවෙන් අඳුරට වැටුණු සංචාරක කර්මාන්තය

436

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ සමාජයේ සියලූ දෙනාම පීඩාවට පත්ව සිටින අතර ඒ අතරින් වඩාත්ම බලපෑමට ලක්ව ඇති කණ්ඩායමක් වන්නේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටි පිරිස්ය. පසුගිය කාලයේ සංචාරක බුබුළු සංකල්පය යටතේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කටයුතු කළත්, මේ කොවිඞ් තෙවන රැල්ල ඉතා අවදානම් තත්ත්වයට පත් වීම නිසා එයද ඉතා අභියෝගාත්මක තත්ත්වයට පත්ව ඇත. දැනට කොවිඞ් තෙවන රැුල්ල පාලනය කර ගැනීම සඳහා සංචරණ සීමා පනවා ඇති නිසාත් එසේම අපේ රටේ දැන් පවතින අවදානම් සහගත වසංගත තත්ත්වය අනුවත් විදෙස් සංචාරකයන් මෙරටට පැමිණීමට ද අකමැති වනු ඇත. වියට්නාමය සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක සංචාරකයන්ට දැනට මෙරටට පැමිණීමට ඉඩ නොදෙයි.

ඒ හැර අනෙක් රටවල විදෙස් සංචාරකයන්ට දැනට පවතින ක‍්‍රියාවලිය අනුගමනය කරමින් මෙරටට පැමිණීමට හැකියාව තිබේ. එහෙත් මේ දිනවල රටේ පවතින තත්ත්වය අනුව මෙරටට සංචාරක පැමිණීම් ඉතාම සීමිත වී තිබේ. ඒ නිසා කොවිඞ් තෙවන රැල්ල සෑහෙන දුරකට පාලනය කර ගන්නා තුරු සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීමට අපහසුය. එසේම මේ මොහොතේ අප සිදු කරන සංචාරක ප‍්‍රවර්ධන කටයුතු ද ඵලදායි නොවනු ඇත. මේ හමුවේ සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට තවදුරටත් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ.

මේ වන විට සංචරණ සීමා දින ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක කළත් ආසාදිතයින් වාර්තා වීමේ විශාල අඩුවක් දක්නට නැත. කොරෝනා තෙවන රැුල්ල හමුවේ වෛද්‍ය අංශ ප‍්‍රකාශ කළ මුල් අවස්ථාවේදීම එනම් පසුගිය අපේ‍්‍රල් සිංහල අවුරුද්දේ සිට රට වැසීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මේ දැඩි අවදානම් තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ. කොවිඞ් පළමු රැුල්ල අවස්ථාවේ අප විසින් මේ කොරෝනා වසංගත තත්ත්වය හොඳින් පාලනය කරගත් බව කීවත් කොරෝනා දෙවන රැල්ල සහ දැන් අප මුහුණ දී සිටින කොරෝනා තෙවන රැුල්ල හමුවේ එය එසේ පිළිගැනීමට අපහසු බව කිව යුතුව තිබේ.

මේ නිසා කොරෝනා තෙවන රැුල්ල හමුවේ එදිනෙදා ආදායම් උපයන්නන් බලවත් අසරණ තත්ත්වයට ඇද වැටී අතරම බොහෝ ණය සහ ලීසිං ගැනුම්කරුවන් බලවත් දුෂ්කර තත්ත්වයට පත්ව ඇත. මෙය සංචාරක කර්මාන්තයේ අයටත් අදාළය. ඔවුන් ද ණය සහ ලීසිං පහසුකම් ලබාගෙන සංචාරක කටයුතු සඳහා වාහන මිලදී ගෙන තිබේ. එහෙත් අඛණ්ඩව පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ට එම ණය සහ ලීසිං වාරික ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත. මේ අපහසු තත්ත්වය සංචාරක කර්මාන්තයේ අයට පමණක් නොව අනෙක් සෑම අයකුටම අඩුවැඩි වශයෙන් තිබේ. මේ අනුව කොවිඞ් තෙවන රැුල්ලෙන් පීඩාවට පත් ආයතන සහ පුද්ගලයින්ට ණය සහන සැලසීමට මහ බැංකුව පියවර ගෙන ඇත. එහෙත් මේ කොවිඞ් තෙවන රැල්ල හමුවේ තවදුරටත් අපහසුවට පත්ව සිටින ලීසිං ගැනුම්කරුවන්ට තවමත් සහන සලසා නැත.

ශ‍්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව පවසන පරිදි ඔවුන්ගේ සාමාජිකයන්ගේ වාහන ඇතැම් ලීසිං ආයතන විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත. එසේ අත්පත් කරගත් වාහන නැවත ලබා ගැනීමට අවශ්‍ය කටයුතු අදාළ බලධාරීන්ගෙන් ඉටුවනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වෙති. මේ සංචාරක රියදුරු සංගමයේ සාමාජිකයන් පවසන්නේ දැනට පවතින කොවිඞ් වසංගත තත්ත්වය නිසා තම සාමාජිකයින් ඉතා අසරණ තත්ත්වයට පත්ව සිටින බවයි. ඔවුන්ගේ දරුපවුල් නඩත්තු කරගැනීමට නොහැකිව කුලී වැඩකරන හා පාරවල්වල භාණ්ඩ සහ මාස්ක් විකුණන තත්ත්වයට පත්ව සිටින බවයි. එම සංගමය පවසන පරිදි ඔවුන්ට පවතින ප‍්‍රධාන ගැටලූ කිහිපයක් මෙසේය.

* මහ බැංකු චක‍්‍රලේඛ හා නියෝග හා ජනාධිපති නියෝග බැංකු සහ ලීසිං ආයතනවල වාසියට ක‍්‍රියාත්මක කිරීම.

* අදාළ ලීසිං සහන විවිධ හේතු ප‍්‍රකාශ කරමින් ලබා නොදීමට බැංකු සහ මූල්‍ය ආයතන කටයුතු කිරීම.

* ලීසිං හා ණය ලබා ගත් අය ණය කාර්යාංශයේ (ක‍්‍රිබ්) අසාදු ලේඛනගත කිරීම.

* පසුගිය අදාළ සහන කාලයෙන් පසු ලීසිං හෝ ණය වාරිකයට අමතර මුදලක් එකතු කර වාරික ගෙවීමට සිදු වීම.

* ලේඛන කියවීමට නොදී ගිවිසුම් වලට අත්සන් කරන ලෙස බල කිරීම සහ එසේ නොමැති නම් මහ බැංකුව ප‍්‍රකාශයට පත් කළ සහනය ලබා නොදෙන බව ප‍්‍රකාශ කිරීම.

* අප ලීසිං ලබා ගත්තේ අපගේ ආදායමට සරිලන පරිදි වාරික ගෙවීමට වන අතර එහෙත් සහන කාලයෙන් පසු කිසිදු විමසීමක් නොමැතිව අධික පොලී මුදල් එකතු කර ගෙවිය නොහැකි වාරික මුදලක් ගෙවීමට සිදුවීම.

* රජයේ චක‍්‍රලේඛවලට පටහැනිව සංචාරක අංශයේ වාහන සීසර්ලා යොදා බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.

මේ සියලූම ප‍්‍රශ්න ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ප‍්‍රකාශ කරන ඒවාය. එහෙත් මේවායේ සත්‍ය තත්ත්වය සොයා බලා එම කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට ලබාදිය හැකි සහන සැලසීමට පියවර ගැනීම ඉතා වැදගත්ය. කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තය අඳුරට වැටී ඇති මේ මොහොතේ මහා පරිමාණ හෝටල් හිමියාගේ සිට විදෙස් සංචාරකයන්ට වැල්ලේ විසිතුරු බඩු විකුණන වෙළෙන්දා දක්වා සියලූම දෙනාගේ ආදායම් බින්දුවටම පහත වැටී ඇත. කොටින්ම මේ මොහොතේ සංචාරක කර්මාන්තය අකර්මණ්‍ය වී තිබේ. එහෙත් සංචාරක කර්මාන්තය යනු අපගේ ආර්ථිකයයේ ප‍්‍රගතියට විශාල දායකත්වයක් ලබාගත හැකිව තිබෙන කර්මාන්තයකි. මේ නිසා වසංගත තත්ත්වය පහව යනතුරු මේ පිරිසට හැකි පමණින් සහන සැලසීමට රජය මැදිහත් විය යුතු වේ. මේ ගැන ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ මෙන්ම සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ සහ ශ‍්‍රී ලංකා සංචරණයේ සභාපති කිමාලි ප‍්‍රනාන්දු මහත්මියගේ ද අවධානය අපි යොමු කරමු.

මේ පසුබිම මැද සංචාරක කර්මාන්තයේ පවතින ගැටලූ සහ ප‍්‍රශ්න විසඳා දෙන ලෙස ඔවුහු රජයෙන් සහ පොදුවේ අදාළ සියලූම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ අනුව අදාළ සහන චක‍්‍රලේඛ නිසි ආකාරයට ක‍්‍රියාත්මක වන්නේ ද යන්න නියාමනය කිරීම හා පසුවිපරම් කිරීම, සංචාරක කර්මාන්තයට සම්බන්ධ වාහන සීස් කර අත්පත් කර ගැනීම නතර කිරීම, මේ මොහොතේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ පිරිස ක‍්‍රිබ් ආයතනයෙන් නිදහස් කිරීම, සංචාරක කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීමට බොහෝ කාලයක් ගත වීමට ඉඩ ඇති හෙයින් සංචාරක අංශයේ වාහනවල ලීසිං හා ණය සඳහා අධික පොලිය ඉවත් කර වාරික ගෙවාගෙන යෑමට සහන සැලසීම, සංචාරක අංශයේ සාමාජිකයන්ගේ ප‍්‍රශ්න හා ගැටලූ කතා කිරීමට හා විසඳුම් ලබා ගැනීමට මහ බැංකුවේ නිලධාරින් සමග සතියකට වරක් හෝ සාකච්ඡුා කිරීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසීම, ලීසිං ලේඛන හා ගිවිසුම් අත්සන් කිරීමට දින හතකට පෙර අදාළ ලේඛනවල ඡායා පිටපත් ඉංග‍්‍රීසියෙන් හෝ සිංහලෙන් ලබා දී ඒවා තේරුම් කර දී ඒවාට අත්සන් ගැනීමට උපදෙස් දීම, සංචාරක කර්මාන්තයේ පිරිස් ලබාගත් මූල්‍ය පහසුකම් වෙනුවෙන් අය කරන අමතර පොලී සහ දඩ පොලී ඉවත් කිරීම, සංචාරක කර්මාන්තයට සම්බන්ධ වාහන පමණක් විශේෂයෙන් ලබා ගන්නා සංචාරක මගී රක්ෂණයට අමතර මුදල් අය නොකර, මෙම අමාරු අවස්ථාවේ සාමාන්‍ය පූර්ණ රක්ෂණය පමණක් කර ගැනීමට ඉඩ සැලසීම, සංචාරක කර්මාන්තයට සම්බන්ධ නියම පිරිස හඳුනා ගැනීමට සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක සංගම් මගින් නාම ලේඛන ලබා ගැනීමට කටයුතු කිරීම, දැනට සීස් කළ වාහන නැවත ලබා දීමට කටයුතු කිරීම, ලීසිං සහ ණය ගැනුම්කරුවන් සමග බැංකු හා මූල්‍ය ආයතන විසින් සාකච්ඡා කර අදාළ අදාළ මුල්‍ය පහසුකම් ප‍්‍රතිලේඛන ගත කර ගැනීමට ඉඩ සැලසීම සහ දැනට මහ බැංකුවට ලිපි ලේඛන, දුරකථන ඇමතුම් සහ ෆැක්ස් මගින් ඉදිරිපත් කර ඇති ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීම සහ සංචාරක කර්මාන්තයට සම්බන්ධ ලීසිං සහ ණය ගැටලූ අවම කර ගැනීමට මහ බැංකුව, ජනාධිපතිතුමා හා බැංකු හා මූල්‍ය ආයතන සමග සංචාරක සංගම්වල නියෝජිතයින්ට හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම යන ඉල්ලීම් ඔවුහු බලධාරීන්ට ඉදිරිපත් කර සිටිති. මේ අය කියන ඉල්ලීම් එලෙසම ක‍්‍රියාත්මක කළ හැකි දැයි අපි නොදනිමු. එහෙත් එම ප‍්‍රශ්න හා ගැටලූවලට සවන් දී හැකි පමණින් හෝ විසඳුම් ලබා දීමට මැදිහත්වීම වැදගත්ය.

මේ අවස්ථාවේ අපට සංචාරක ප‍්‍රවර්ධනය හෝ සංචාරක පැමිණීම් ගැන කතා කිරීමට හැකියාවක් නැතත් මේ වසංගත තත්ත්වය සමනය කර ගැනීමෙන් පසු සංචාරක කර්මාන්තය යළි පණ ගන්වා ගැනීමට නිසි පෙර සූදානමක් ඇති කර ගත යුතු වේ. මේ සම්බන්ධයෙන් 2020 වසර වෙනුවෙන් නිකුත් කළ නවතම මහ බැංකු වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘කොවිඞ් -19 වසංගතය හමුවේ නිර්මාණය වූ නව සාමාන්‍ය තත්ත්වය යටතේ සංචාරක අංශයේ ක‍්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා විදේශීය මෙන්ම දේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක අංශය තුළ නව්‍ය උපායමාර්ග ක‍්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. මාස 10ක් පුරා මෙරට දේශ සීමා සංචාරකයින් සඳහා වසා තැබීමෙන් අනතුරුව, 2021 වසරේ ජනවාරි මාසයේ දී ‘ජෛව බුබුළු’ යන නව්‍ය සංකල්පය යටතේ ශ‍්‍රී ලංකාව විදේශ සංචාරකයින් සඳහා රට විවෘත කළ අතර, එහිදී සංචාරකයින් සඳහා නිරෝධායන අවශ්‍යතා ඉවත් කරමින්, සමාජ දුරස්ථභාවය දැඩිව ක‍්‍රියාත්මක කිරීම තුළින් විදේශ සංචාරකයින්ගේ සහ දේශීය ප‍්‍රජාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කෙරිණි. වසංගතය දිගින් දිගටම පවතින තත්ත්වයක් යටතේ, විවිධ රටවල්වලින් සංචාරකයින් ශ‍්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන අතරතුර, බලයලත් නවාතැන් සපයන්නන් සහ සංචාරක ආකර්ෂණ ස්ථාන ඇතුළත් කරමින් ජෛව බුබුළු සංකල්පය තවදුරටත් පුළුල් කළ හැකිය. තවද, සංචාරකයින් සඳහා විවෘත කළ තවත් රටක් වන මාලදිවයින ආදී වූ රටවල් සමඟ කලාපීය ජෛව බුබුළු නිර්මාණය කිරීම හෝ අනිකුත් රටවල් සමඟ සංචාරක කොරිඩෝ නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡුා කළ හැකිය. එසේම, කොවිඞ්-19 සඳහා එන්නත ලබා ගෙන ඇති පුද්ගලයින් සඳහා පරීක්ෂා කිරීම් සහ නිරෝධායන අවශ්‍යතාවලින් තොරව සංචාරය කිරීම සඳහා අවස්ථා ඉහළ නැංවීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු ය. මේ අතර, ජෛව බුබුළු සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වීමට ප‍්‍රධාන වශයෙන් හැකියාව ඇත්තේ විධිමත් අංශය වීම හේතුවෙන්, ශ‍්‍රී ලංකාවේ සංචාරක අංශයට සහාය වීම සඳහා විශේෂයෙන්ම, අවිධිමත් අංශයේ දේශීය සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීමට අවකාශය ඇත.’

මේ මහ බැංකු වාර්තාව නිකුත් වූයේ පසුගිය අපේ‍්‍රල් මාසයේය. ඒ නිසා ඒ අවස්ථාවේ දැනට පවතින සංචරණ සීමා ක‍්‍රියාත්මක වූයේ නැත. එසේම කොරෝනා වසංගත තත්ත්වය මෙතරම් අවදානම් තත්ත්වයට පත්ව තිබුණේ ද නැත. මේ නිසා මහ බැංකුව ඇතැම් පුරෝකථන සිදු කර ඇත්තේ ඒ අවස්ථාවේ තිබුණු වාතාවරණය සැලකිල්ලට ගෙනය. එහෙත් මේ කරුණු සංචරණ සීමා ඉවත් වීමෙන් සහ මේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමෙන් පසු එලෙසම අදාළය. උදාහරණයක් ලෙස මෙහි දේශීය සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරීමේ හැකියාව ගැන ද සඳහන්ය. එය මේ සංචරණ සීමා පවතින අවස්ථාවේ අදාළ නැතත් වසංගත තත්ත්වය සමනය වීමෙන් පසු එයට අවකාශ ඇත. මේ නිසා මේ කොවිඞ් තෙවන රැුල්ල පාලනය කරගැනීමෙන් පසු නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක ප‍්‍රවර්ධනයට පියවර ගත හැකිය. මේ කොයි දේටත් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කර ගැනීමේ සාර්ථකත්වය තීරණාත්මක ලෙස බලපානු ලබයි. සංචාරක කටයුතු ඇතුළු පොදුවේ රටේ ආර්ථික ක‍්‍රියාකාරකම් පණ ගැන්වා ගැනීමට ඉඩ ලැබෙනු ඇත්තේ ද මේ වසංගතය පාලනය කර ගැනීමට ප‍්‍රමුඛත්වය දීමෙනි. එහිදී සංචරණ සීමා නිසා ආර්ථික කටයුතු කිසියම් අකර්මණ්‍ය වීමකට ලක් වීම ද වැළැක්විය හැකි නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment