කොරෝනාව පැරදවූ ඔලිම්පික්…. කාටූන් කියැවීම

303

ඔලිම්පික් උළෙල පිළිබඳව ඇති දේවකතා හා පුරාවෘතයන්ට අනුව අනාවරණය වී ඇත්තේ ඔලිම්පික් උළෙලේ පූර්වගාමිකයන් වන්නේ හෙරක්ලීස් (පුරාණ ගී‍්‍රක දෙවි කෙනෙක්) සහ ඔහුගේ පියා සීයුස් (දෙවිවරුන්ගේ ප‍්‍රධානියා) බවය. මේ පුරාණ කතාවන්ට අනුව හෙරක්ලීස් සෑම වසර හතරකට වරක් කී‍්‍රඩා පැවැත්වීමේ සිරිත ස්ථාපිත කළේය. එම පුරාවෘතයට අනුව හර්කියුලීස් සීයුස්ට ගෞරව පිණිස ඔලිම්පික් කී‍්‍රඩාංගනයක් සාදා එය නිමවූ පසු පියවර 200 ක සරල රේඛාවක් ඔස්සේ ගමන් කළ බවත් මෙම දුර ‘‘ස්ටේඩියන්’’ (Stadion ලතින් බසින් කී‍්‍රඩාංගණය/වේදිකාව මෙය ඉංගී‍්‍රසි භාෂාවෙන් Stadiam ‘‘ස්ටේඩියම්’’ විය) ලෙස හැඳින්වූ අතර පසුව එම දුර ඒකකයක් බවට පත් විය. මෙම දුර මීටර් 185 ක් පමණ විය. එම දුර අනුව නරඹන්නන් සිටි ස්ථානය ‘‘ස්ටේඩියම්’’ විය.

පුරාන ඔලිම්පික් උළෙල සඳහා වඩාත්ම පිළිගත් ආරම්භක දිනය කි‍්‍ර. පූ. 776 බවට පිළිගෙන ඇත්තේ සෙල්ලිපි මගිනි. කි‍්‍ර. පූ. 8 වන සියවසේ සිට කි‍්‍ර. ව. 4 වන සියවස දක්වා ගී‍්‍රසියේ ඔලිම්පියාහි පැවැති පුරාණ ඔලිම්පික් උළෙලට මලල කී‍්‍රඩා, කවපෙත්ත විසිකිරීම, හෙල්ල විසිකිරීම, අශ්ව හා අශ්ව රථ ධාවන තරග, මල්ලවපොර වැනි සටන් කී‍්‍රඩා ද ඇතුළත් වුණි.

කොරෝනාව පැරදවූ  ඔලිම්පික්.... කාටූන් කියැවීම

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ – IOC (International Olympic Committee-IOC) අනුග‍්‍රහය යටතේ පැවැති පළමු කී‍්‍රඩා උළෙල 1896 ඇතෑන්ස්හි පැනතෙනයික් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි. මෙයට රටවල් 14 ක කී‍්‍රඩකයින් 241 ක් සහභාගි වූ අතර තරග ඉසව් 43 ක් විය. ලෝක යුද්ධ පැවැති නිසා 1916, 1940 සහ 1944 යන වර්ෂවලදි මෙම කී‍්‍රඩා තරගය අවලංගු කිරීමට සිදු විය. 2020 දී ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට තිබූ 32 වැනි ඔලිම්පික් උළෙල කොවිඞ් 19 වසංගතය නිසා 2021 වර්ෂයට කල්දැමීමට සිදුවිය. උළෙල පවත්වනවාදෝ නොකෙරෙනවාදෝ යන ප‍්‍රශ්නයන් හමුවේ නොසැලී සිටි ජපානය කොවිඞ් සතුරා පරාජය කරමින් ඔලිම්පික් උළෙල ඉතා සාර්ථකව පවත්වා ඉන් ඉහළම ජයක් ලබා ගත්තේය. එහෙත් එය පැවැත්වූයේ කොවිඞ් වසංගතයෙන් ආරක්ෂා වීමට නරඹන්නන් නැතිව වුව ද ලොව පුරා බිලියන ගණනක නරඹන්නෝ රූපවාහිනීය මගින් එය සජීවීව නැරඹූහ.

20 වැනි සහ 21 වැනි සියවස්වලදී ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ඇති වූ වෙනස්කම් වූයේ හිම සහ අයිස් සඳහා ශීත ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක්, ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා පැරා ඔලිම්පික් උළෙලක් සහ වයස 14-18 අතර වයස්වල පසුවන්නන් සඳහා යෞවන ඔලිම්පික් උළෙලක් පැවැත්වීමය. 1924 දී ප‍්‍රංශයේ චමොනික්ස් හිදී පළමු ශීත ඔලිම්පික් උළෙල පවත්වන ලදී. 1960 දී පැරා ඔලිම්පික් උළෙලත් – 2001 දී යෞවන ඔලිම්පික් උළෙලත් ආරම්භ විය.

ඔලිම්පික් උළෙලේ ලාංඡනය වන්නේ නිල්, කළු, රතු, කහ, කොළ වර්ණයෙන් යුත් එකිනෙකට බැඳුනු වළලූ පහකි. එමගින් ඇමෙරිකාව (උතුර හා දකුණ), අපි‍්‍රකාව, ආසියාව, යුරෝපය හා ඕෂිනියාව (ඕෂනියාව යනු ඕස්ටේ‍්‍රලියා මහාද්වීපය හා ඒ අවට දුපත්) යන මහාද්වීප සහ ඒවායේ ඇතුළත් රටවල බැඳීම පෙන්නුම් කරයි.

කොරෝනාව පැරදවූ  ඔලිම්පික්.... කාටූන් කියැවීම

වසර හතරකට වරක් පවත්වනු ලබන සෑම ඔලිම්පික් උළෙලකට මාස කිහිපයකට පෙර ගී‍්‍රසියේ ඔලිම්පියාහී ඇති සීයුස් දෙවියාගේ බිරිඳ වන ‘හේරා’ වෙනුවෙන් සාදා තිබූ, දැන් නටබුන් වී ගිය දේවස්ථානයේදී පුරාණ චාරිත‍්‍ර පිළිබිඹු කරන උත්සවයකදී වෙස්ටල් වර්ජින් (Vestal Virgins – වෙස්ටල් කන්‍යාවන්) ලෙස කාන්තා රංගන ශිල්පිනියන් දස දෙනකු සමග, එක පූජකවරියක් ලෙස කි‍්‍රයාකරන කාන්තා රංගන ශිල්පිනිය විසින් පළමු පන්දම සූර්යයාගේ ආලෝකය පරාවර්ථනය කරන දර්පනයක් මගින් දල්වා එම පන්දම සහ ඔලිව් අත්තක් පළමු රිලේ දරන්නාට (සාමාන්‍යයෙන් ගී‍්‍රක කී‍්‍රඩකයෙකුට) පිළිගන්වා සූදු පරෙවියෙකු නිදහස් කරයි. ඉන්පසුව රිලේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් එම පන්දම ගී‍්‍රසිය වටා ගොස් පසුව ඒ ඒ රටවල රිලේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මගින් රටවල් කිහිපයක් හරහා ගමන්කර එම වසරේ කී‍්‍රඩා උළෙල පවත්වන නගරය කරා ගමන් ගනී. මෙය ගී‍්‍රසියේ හෙස්ටියා අභයභූමියේ පූජාසනය මත පුරාණ ඔලිම්පික් උළෙල පුරාම පූජනීය ගින්නක් දැල්වූ බවට ඇති, පුරාණ ගී‍්‍රසියේ ඔලිම්පික් දැල්ල පිළිබඳ අදහස උපුටාගෙන, 1928 දී පැවැති ඇම්ස්ටර්ඩෑම් ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ප‍්‍රථම ඔලිම්පික් පහන දල්වන ලදී. 1936 වර්ෂයේ සිට ඔලිම්පික් පහන දැල්වීම ඔලිම්පික් උළෙලක වැදගත්ම ප‍්‍රධාන අංගයක් බවට පත්වූ අතර රිලේ මගින් ඔලිම්පික් පන්දම ගෙනයෑම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තම ජීවිතයේ ලැබෙන මහත්වූ භාග්‍යයකි. අවසානයේදී ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඇති පහන දල්වන කී‍්‍රඩකයා හෝ කී‍්‍රඩිකාව එම රටේ ජ්‍යෙෂ්ඨතම අයවන අතර එම අය රටේ දක්ෂතම කී‍්‍රඩකඩයා හෝ කී‍්‍රඩිකාව වනු ඇත.

ඔලිම්පික් උළෙල පවත්වන රටේ සංස්කෘතිමය උරුමය විදහා දක්වන පරිදි සත්වයකුගේ හෝ වෙනත් රුවක් හඳුන්වා දෙන ලද්දේ 1968 වර්ෂයේ සිටය. 1980 දී රුසියාවේ මොස්කව් නුවර පැවැති 22 වැනි ඔලිම්පික් උළෙලේදී ඔවුන්ගේ සංකේතය වූ ‘‘මීෂා’’ නම් දුඹුරු වලස්පැටියාගේ සුරතල් රූපය ජනපි‍්‍රය වී ජාත්‍යන්තර තලයට පැමිණීමෙන් පසුව එම කී‍්‍රඩා සංකේතයන් පවතින රටේ අනන්‍යතාවය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත් කාර්යභාරයක් උසුලයි.

කොරෝනාව පැරදවූ  ඔලිම්පික්.... කාටූන් කියැවීම

ඔලිම්පික් ආරම්භක උළෙල සිකුරාදා දිනකදී සවස් වරුවේ ඇරඹෙන අතර සියලූම කී‍්‍රඩා තරග පැවැත්වීමෙන් දින 16 කට පසු එළඹෙන ඉරිදා දිනයේදී සවස් භාගයේ පැවැත්වෙන සමාප්ති උළෙලින් නිමාවට පත් වේ. ආරම්භක උළෙලට ඔලිම්පික් කමිටුවේ සභාපතිහා පවත්වන රටේ නියෝජිතයන් සහභාගි වන අතර ඔලිම්පික් ධජය හා සත්කාර රටේ ධජය ඔසවා ඔලිම්පික් ගීතය හා සත්කාරක රටේ ජාතික ගීය ගැයීමෙන් පසු ආරම්භ වන්නේ සංස්කෘතික ගී ගායනා, නාට්‍ය දර්ශන, නැටුම් ආදී රංගනයන් වන අතර ඒවා පවත්වන රටේ අනන්‍යතාවය විදහා දක්වයි. ඉන් අනතුරුව ඒ ඒ රටවල ජාතික කොඩිය පෙරටුකොටගෙන කී‍්‍රඩා කණ්ඩායම් ඔලිම්පික්

කී‍්‍රඩාංගනයට පිවිසෙන අතර මුලින්ම පැමිණෙන්නේ ගී‍්‍රසියේ කණ්ඩායමයි අවසානයට උළෙල පවත්වන රටේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පැමිණේ. ඒ ඒ රටවල් නියෝජනය කරන කණ්ඩායම් පැමිණෙන්නේ උළෙල පවත්වන රටේ ප‍්‍රධාන භාෂාවට අයත් අක්ෂරවල අකාරාදී පිළිවෙළටය. කණ්ඩායම් ඔලිම්පික්

කී‍්‍රඩාංගණයට පැමිණි පසු ඔලිම්පික් පහන දල්වා එදින උත්සවය අවසන් කර පසුදා සිට අවසාන දිනය දක්වා කී‍්‍රඩා තරග ඉසව් පවත්වා අවසාන දින සවස් වරුවේ සමාප්ති උළෙල පවත්වන අතර කී‍්‍රඩාංගණයටඒ ඒ රටවල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තම රටේ ධජය ගෙන පැමිණියත් ඔවුන් රටවල් අනුව පිළිවෙළකට නොපැමිණෙන අතර සුහදත්වයහා සාමය පෙන්වීම සඳහා කවලමේ පැමිණේ. ඉන්පසු සංස්කෘතික උත්සවයක් ගීත ගායනා මල්වෙඩි ආදිය පවත්වන අතර ඊළඟට ඔලිම්පික් උළෙල පවත්වන රටේ, නගරයේ නගරාධිපතිට, උළෙල පවත්වන ලද රටේ, නගරයේ නගරාධිපති විසින් ඔලිම්පික් ධජය නිල වශයෙන් භාරදී ඔලිම්පික් පහන නිවා දමා උළෙල නිල වශයෙන් සමාප්ත කරයි. සමාප්ති උළෙල පවත්වන දිනයේදී පවත්වනු ලබන විශේෂිත තරගය වන්නේ පිරිමි මැරතන් තරගයයි. සමාප්ති දින උළෙලේදී කාන්තා හා පිරිමි මැරතන් තරගයේ ජයග‍්‍රාහකයින්ට පදක්කම් පිරිනැමීම සිදු වේ.

1972 ජර්මනියේ මියුනික් නගරයේ පැවැති ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී කී‍්‍රඩකයින් රැඳී සිටි කී‍්‍රඩා ගම්මානයට කඩා වැදුනු පලස්තීන ‘‘බ්ලැක් සැප්තැම්බර්’ ත‍්‍රස්තවාදී කල්ලියේ කිහිපදෙනෙක් ගම්මානයේ සිටි ඊශ‍්‍රායල් කී‍්‍රඩකයින් නැවතී සිටි ගොඩනැඟිල්ල ආක‍්‍රමණය කර කී‍්‍රඩකයින් ප‍්‍රාණ ඇපයට ගෙන ඊශ‍්‍රායල් කී‍්‍රඩකයින් 11 දෙනකු ඝාතනය කිරීමෙන් පසු ඔලිම්පික් කී‍්‍රඩා උළෙලවල්වලදී කී‍්‍රඩා ගම්මානයට තදබල ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කර ඇති අතර පිටස්තර කිසිවෙකුටවත් කී‍්‍රඩා ගම්මානයට ඇතුළු වීමට කිසිසේත් අවසර නැත.

අතීතයේදී ඔලිම්පික් උළෙලේ කී‍්‍රඩා කිරීමට කාන්තාවන්ට ඉඩ නොලැබුණු අතර කාන්තාවන් සඳහා කී‍්‍රඩා උළෙල විවෘත වූයේ 1900 වර්ෂයේදීය. එහිදී බි‍්‍රතාන්‍ය ජාතික ටෙනිස් කී‍්‍රඩිකාවක් වූ ‘‘චාලට් කූපර්’’ ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් ඔලිම්පික් ඉතිහාසයට එක්වූයේ ප‍්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කමක් දිනූ ප‍්‍රථම කාන්තාව වශයෙනි. 2012 ඔලිම්පික් උළෙලට සහභාගි වූ සෑම රටක්ම ඔලිම්පික් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට කාන්තා කී‍්‍රඩිකාවන් ඇතුළත් කළේය. 2012 ඔලිම්පික් උළෙලේදී කාන්තා බොක්සිං කී‍්‍රඩාව එක් කිරීමත් සමගම කාන්තා කී‍්‍රඩිකාවන්ට පිරිමින්ට සමානව තරග කිරීමට හැකි විය. දැනට ඔලිම්පික් ඉසව් දෙකක් වන කලාත්මක පිහිනුම් හා රිද්මයානුකූල ජිම්නාස්ටික් සඳහා පිරිම් කී‍්‍රඩකයින් තරග නොකරයි.

තමන් සිටින රටෙන් ඔලිම්පික් යෑමට සුදුසුකම් ලබා ගැනීමට අසීරු වනවිට ඇතැම් විට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ඔලිම්පික් උළෙල සඳහා තරග කිරීමට හැකි වන පරිදි වෙනත් රටක පුරවැසි භාවය ද ලබා ගනි. වරක් එක්සත් රාජධානියට සංක‍්‍රමණය වූ දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩිකාවක වූ ‘‘සෝලාබඞ්’’ බි‍්‍රතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමට සුදුසුකම වූයේ ඇගේ සීයා බි‍්‍රතාන්‍යයේ උපත ලැබීමය. මෙවර ඔලිම්පික් උළෙලට යුද ගැටුම් හා වෙනත් දේශපාලන ගැටුම් මත තම නිජබිම් අහිමි වී වෙනත් රටවල සරණාගත කඳවුරුවල ජීවත් වන බොහෝ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පිරිසකට ඔලිම්පික් උළෙලට සහභාගි වීමට IOC ය ඉඩ ලබාදී තිබුණු අතර ඔලිම්පික් ඉතිහාසයේ සරණාගත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විශාල පිරිසක් සහභාගි වූ කී‍්‍රඩා උළෙල මෙය විය.

1936 ඔලිම්පික් උළෙල ජර්මනියේ බර්ලින් නුවරදී පැවැත්වූ අතර හිට්ලර් තම රජය සහ වාර්ගික ආධිපත්‍යය සහ යුදෙව් විරෝධය පිළිබඳ පරමාදර්ශය ප‍්‍රවර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස එය සැලකූ අතර නට්සි පක්ෂයේ නිල පුවත්පත වූ ‘‘වොල්කිෂර් බියෝබැවර්’’ දැඩි ලෙස, යුදෙව්වන්ට කී‍්‍රඩා උළෙලට සහභාගි වීමට නොහැකි බවට ලිපි පළ කළේය. හිට්ලර්ගේ රජය ජර්මානු යුදෙව් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විවිධ ක‍්‍රම මගින් කී‍්‍රඩා උළෙලට සහභාගිවීම තහනම් කළේය. කෙසේ වෙතත් යුදෙව් කී‍්‍රඩා සමාජවල සමහර පිහිනුම් කී‍්‍රඩිකාවන් සහභාගි වුව ද සමහර රටවල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ නාසි පාලන තන්ත‍්‍රයට ඕනෑ විදියකට තරග කර ගැනීමට ඉඩදී පැත්තකට වී සිටියේය. මෙය මෙම කී‍්‍රඩා ඉතිහාසයේ අප‍්‍රසන්නම සිදුවීමක් විය.

ඔලිම්පික් උළෙලක් පැවැත්වීම රටකට විශාල පිරිවැයක් දැරීමට සිදුවන කාරණයකි. සමස්ථ වියදම ගත් විට 2016 වනවිට මලල කී‍්‍රඩකයෙකුගේ වියදම ඇමරිකානු ඩොලර් 599,000 ක් විය. ශීත ඔලිම්පික් කී‍්‍රඩාවලදී එය මිලියන 1.3 ක් විය. 1976 මොන්ටි‍්‍රයෙල් සහ 1980 මොස්කව් කී‍්‍රඩා උළෙලවලදී සංවිධායකයින්ට ආදායමට වඩා විශාල වියදමක් දැරීමට සිදුවිය. 1984 දී ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් පැවැති කී‍්‍රඩා උළෙල මූල්‍යමය වශයෙන් ඉතා සාර්ථක ඔලිම්පික් උළෙලක් වූ අතර එය අනාගත කී‍්‍රඩා සඳහා ආදර්ශයක් විය. කොරෝනා වසංගතය නිසා ජපානයේ මෙවර ඔලිම්පික් උළෙලට නරඹන්නන් සහභාගි නොකර ගැනීම නිසා එහි වියදමට සරිලන ආදායමක් සොයා ගැනීම ජපානයට නොහැකි වී ඇති බව ද පෙනී යයි.

  1. 1936 දී ජර්මනියේ බර්ලින් නගරයේ පැවැති ඔලිම්පික් උළෙලේදී ජර්මන් නායක ඇඩෝල්ෆ් හිට්ලර් කී‍්‍රඩකයෙකුගේ ඇඳුමින් සැරසී ජනතාවගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ කවපෙත්ත විසිකරන ආකාරය දැක්වෙන දුර්ලභ කාටූනයකි මෙය. ‘‘ප‍්‍රමාද වූ කි‍්‍රයාව Delayed Action’’ යනුවෙන් කාටූනය නම්කර තිබිණි.
  2. පරේෂ් (Paresh) විසින් අදින ලද මේ කාටූනය නම්කර තිබෙන්නේ ‘‘සුමෝ මල්ලවපොර Sumo Wrestling’’ යනුවෙනි. සුමෝ මල්ලවපොර යනු ජපානයේ ජාතික කී‍්‍රඩාවකි. කාටූනයේ ඔලිම්පික් ලාංඡුනයත් ජපන් කොඩියත් ඇත. ඉන් 2020 ඔලිම්පික් උළෙල ජපානයේ පවත්වන බව පෙන්වයි. ජපානය Japan නම් සුමෝ මල්ලවපොර කී‍්‍රඩකයාට මෙවර ප‍්‍රතිවාදියා වී ඇත්තේ දැවැන්ත කොරෝනා වෛරසයයි. මේ සටනින් ජය ගන්නේ කවුන්දැයි කාටූන් ශිල්පියා නඟන පැනයකි. එයට පිළිතුර විය යුත්තේ කොරෝනා ප‍්‍රතිවාදියාව පරදා ජපානය ඉතා සාර්ථක ලෙස ඔලිම්පික් උළෙල පැවැත්වූ බවය.
  3. ඬේව් වැමන්ඞ් (Dave Whamond) ගේ කාටූනයේ ගේ කාටූනයේ මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල පවත්වන කී‍්‍රඩාංගනය පෙන්වයි. එහි ඔලිම්පික් ලාංඡුනයේ වළලූ පහ කොරෝනා වෛරස් ලෙස පෙන්වාදී ඇත්තේ කොරෝනා තර්ජනය නිසාය. කාටූනය ‘‘ඔලිම්පික් කඩුළු පැනීම Olympic Hurdles’’ යනුවෙන් නම්කර ඇත. පිටිය මැද ඉතා උස කඩුල්ලක් ඇත. එහි කොවිඞ් Covid යනුවෙන් ලියා ඇත. මේ විශාල කඩුල්ල පැනීමට පැමිණ ඇති කී‍්‍රඩකයා කල්පනා කරන්නේ මෙතරම් උස කඩුල්ලක් පනින්නේ කෙසේද කියාය. එහෙත් කී‍්‍රඩකයින් කොවිඞ් පරාජය කර මේ කඩයේ සියල්ලම පැන ජය ගත්තේය.
  4. ජිම් තොම්සන් (Jim Thomson) ගේ කාටූනයේ දැක්වෙන්නේ ඔලිම්පික් වළලූ පහ පළඳවා ඇති මුඛ ආවරණයකි. එහි චීනයේ නිෂ්පාදනයක් China යනුවෙන් ලේබලයක් ද ඇත. කාටූන් ශිල්පියා පෙන්වා දෙන්නේ චීනයෙන් ආ කොරෝනා වෛරසයට චීනයම මුඛ ආවරණයක් නිපදවා ඇති බවය. ඒ අතරම කාටූනය මගින් ඔහු කියා දෙන්නේ ඔලිම්පික් කී‍්‍රඩාවේදී කී‍්‍රඩකයින් හැකි හැම විටකදීම මුඛ ආවරණ දමා ගනිමින් පරිස්සම් විය යුතු බවය.
  5. රුවන් තරස්වින්
    [email protected]
advertistmentadvertistment
advertistmentadvertistment