කොරෝනා එන්නත් නොගත් අයට ඔස්ටි‍්‍රයාවේ හෝටල් දොර වසයි

108

ඔස්ටි‍්‍රයාවේ කොරෝනා වසංගතය නැවත හිස එසවීමට පටන්ගෙන තිබීම හේතුවෙන් මෙතෙක් කොරෝනා එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට හෝටල් හා ආපනශාලාවලට යෑම තහනම් කිරීම කෙරෙහි එරට රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව ඉදිරියේදී ඔස්ටි‍්‍රයාවේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් වලින් සියයට 25ක් පිරී ගියහොත් එන්නත් ලබා නොගත් අයට අදාළ තහනම පනවන බව ඔස්ටි‍්‍රයානු සෞඛ්‍ය ඇමැති වුල්ෆ්න්ගැන්ග් මක්ස්ටයින් පවසයි.

එසේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් පිරී ඉතිරී යන තත්ත්වයක් උද්ගත වුවහොත් හෝටල් හා ආපනශාලාවලට ඇතුළු වීමට ඉඩ ලබා දෙනුයේ කොරෝනා එන්නත් ලබා ගත් පුද්ගලයන්ට හා කොරෝනා ආසාදනය වැළඳී සුවපත් වූ අයට පමණක් බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment