තුන්වැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ බටපොල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ රියදුරු වන කේ.ජී. ගීතානන්ද හා සහායක තරංග ලසිත් විජේනායක යන මහත්වරුන් කිසිදු නිවාඩුවක් ලබා නොගෙන දවසේ පැය 24 මුළුල්ලෙම සිය සේවාව ලබා දෙන බව බටපොල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරි ඒ.ඩබ්ලිව්.එස්. පියරත්න මහතා පවසයි.

මොවුන් දෙදෙනා කොවිඞ් ආසාදිත රෝගින් ප්‍රවාහනය කිරීම හා කොවිඞ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම සඳහා රැගෙන යෑමේ කටයුතුවල දිවා රාත්‍රි නිරතව සිටින බවද ඒ මහතා පවසයි. ගිලන් රථ රියදුරු කේ.ජී. ගීතානන්ද මහතා විසින් මේ වනවිට කොවිඞ් ආසාදිත රෝගින් 400කට අධික සංඛ්‍යාවක් රෝහල්වලට හා කොවිඞ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවලට රැගෙන ගොස් ඇති බවද හෙතෙම පවසයි. මේ අතර ගිලන්රථ සහායක තරංග ලසිත් විජේනායක මහතා කොවිඞ් ආසාදිත මරණ සිය ගණනක් ගිලන් රථයට පටවා ඇති බවද වෛද්‍ය නිලධාරිවරයා පවසයි. මොවුන් දෙදෙනා කිසිදු විටක වැඩි වැටුප් ඉල්ලා නොමැති අතර ප්‍රශංසා ඇගයීම් බලාපොරොත්තු නොවන බව සදහන් කළ වෛද්‍ය නිලධාරිවරයා

ගිලන් රථ රියදුරු ගීතානන්ද මහතා 2018 වර්ෂයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ විනියගරුකම ගිලන් රථ රියදුරු ලෙස ඇගයීමටද ලක්වූ බවද පෙන්වා දෙයි. කොරෝනා රැල්ල ආරම්භයේ සිට මේ දක්වා බටපොල රෝහලේ කාර්ය මණ්ඩලයේ කිසිදු අයෙකුට කොවිඞ් වෛරසය ආසාදනය වී නොමැති බවද පියරත්න මහතා සදහන් කළේය. රෝහලේ කාර්ය මණ්ඩලය 50 දෙනෙකු සිටින අතර ඉන් වෛද්‍යවරු 06 දෙනෙකු, හෙද හෙදියන් 10 දෙනෙකු හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක සේවිකාවන් 26 දෙනෙකු සේවය කරති. කොරෝනා මර්ධන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩලයේ සියලූදෙනා එකාවන්ව සාමුහිකව වැඩ කරන බවද ඒ.ඩබ්ලිව්.ඒ.එස්. පියරත්න වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල