කොරෝනා දිනුම්! රජය පැනික්! දැන් අපි කුමක් කරමුද…

461

මේ මොහොත වනවිට කොරෝනා වෛරසය හමුවේ මුළු ලංකාවම අසරණ වී ඇත. දිනකට නිල වශයෙන් 100 කට වඩා මිනිස්සු මියයති. මිය යන්නේ කොරෝනා වලින් නොවන බව පෙන්වීමට විවිධ උපක‍්‍රම භාවිත කරන්නට යන බව, සෞඛ්‍ය බලධාරීහු කල් ඇතිවම ප‍්‍රකාශ කළහ. එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය හා මරණ පිළිබඳ ඉතාම කෙටි විස්තරයක් පමණක් රට හමුවේ තැබීමෙන් සැක සංකා තවදුරටත් වැඩිවේ. එබැවින් නිල නොවන මට්ටමින් ඊට වඩා වැඩි පිරිසක් මිය යනවා විය හැකිය. සෞඛ්‍ය බලධාරීන් තමන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම කළේ බොරුවක් බව, පසුගිය දිනක ජනාධිපතිතුමාම ප‍්‍රකාශ කළ බැවින් මෙලෙස තත්ත්වය වඩාත් බරපතළ බව සිතීම සාධාරණය.

 x කොරෝනා රැලි වලට යටවූ ලෝකය

 කොවිඞ්-19 වෛරසය ශ‍්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සියලූ රටවලටම අලූත් අභියෝගයකි. 2019 වසර අවසානයේ දී චීනයේ වූහාන් ප‍්‍රදේශයෙන් ඇරඹී කොවිඞ්-19 වෛරසය මාස කිහිපයක් ඇතුළත මුළු ලෝකය පුරා ව්‍යාප්තව ගියේය. එදා මෙදා තුර ලෝකයේ මිනිසුන් කෝටි 20 කට අධික ප‍්‍රමාණයකට කොරෝනා රෝගය වැළඳිණි; මිලියන 4.3 කට අධික ප‍්‍රමාණයක් මියගොස් ඇත. මේ දක්වා කාලය තුළ ලෝකයට, ප‍්‍රධාන කොරෝනා රැුලි 4කට පමණ මුහුණ දීමට සිදුවිය. 2020 මාර්තු මස ඇරඹි පළමු රැුල්ල 2020 ජුලි මාසය දක්වා වේගයෙන් වර්ධනය විය. එහි උච්චතම අවස්ථාවේ දී දිනකට රෝගීන් ලක්ෂ 3 ක පමණ වාර්තා විය. ඉන්පසු දෙවන රැුල්ල 2020 ඔක්තෝබර් මාසයේ පමණ ඇරඹුණු අතර එහි උච්චතම අවස්ථාව එළඹියේ 2021 ජනවාරි මාසයේ දිය. එවිට දිනකට ලක්ෂ 8ක් පමණ කොරෝනා රෝගීන් වාර්තා විය. තුන්වන ජගත් කොරෝනා රැුල්ල 2021 මාර්තු මාසයේ දී ඇරඹි අතර එහි උච්චතම අවස්ථාව අපේ‍්‍රල් මාසයේ දී එළඹෙන විට දිනකට රෝගීන් ලක්ෂ 9ක් පමණ වාර්තා විය. යළිත් 2021 ජුලි මාසයේ දී හතරවන කොරෝනා රැුල්ල ඇරඹි අතර මේ වනවිට දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 7 ක් පමණ වේ.

 සමස්තයක් ලෙස ලෝකයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ප‍්‍රමාණය එසේ වුවද එක එක රටවලට මෙම රැුලි බලපෑවේ එක එක ආකාරයටය. එන්නත්කරණයේ ඉදිරියෙන්ම සිටින ඇමරිකාවේ පවා දිනකට

 රෝගීන් ලක්ෂ 1 ක් හා එංගලන්තයේ දිනකට

 රෝගීන් 30,000ක් බැගින් මේ වනවිට වාර්තා වේ. එම නිසා ලෝක පරිමාණයෙන්ම එන්නත්කරණයේ සැබෑ බලපෑම අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතවී ඇත. දැනට ජාත්‍යන්තරව සිදුකර ඇති අධ්‍යනයන්ට අනුව එන්නත්කරණය නිසා කොරෝනා රෝගය බෝ වීමේ අවදානම 50% කින් පමණ අඩු වේ. එමෙන්ම ඉන් මරණයට පත්වීමේ අවදානම 95% කින් පමණ අඩු වේ. එහෙත් නිරන්තරයෙන්ම අලූතින් ප‍්‍රභේදයන් බිහිවන බැවින් සැබෑ බලපෑම පිළිබඳව හරි අවසන් තක්සේරුවකට පැමිණීමට අපහසු වී ඇත.

 x කොරෝනා දිනුම් – ලංකාව අනතුරේ

 එන්නත් නොතිබූ කාලයේ කොරෝනාවට මුහුණු දීමේ දී තිබූ එකම ආයුධය වූ ලොක්ඩවුන් කිරීම උපරිම වශයෙන් සිදුකිරීමට ශ‍්‍රී ලංකා රජය කටයුතු කළේය. රටේ දැඩි පාලනයක් තිබූ හෙයින් 2020 ඔක්තෝබරයේ දී තීරණාත්මක මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩිග්ස් පොකුර ඇති වනතෙක් හරිහමන් කොරෝනා රැුල්ලක් ශ‍්‍රී ලංකාවේ ඇති වූයේ නැත. බ‍්‍රැන්ඩිග්ස් රැුල්ල විවිධ පොකුරු හරහා 2021 මාර්තු මාසය තෙක් වර්ධනය වූ නමුත් කිසියම් පාලනයකට යටත්ව තිබිණි. සියල්ල කණපිට හැරුණේ රජය විසින් සෞඛ්‍ය අමතක කර ආර්ථිකයට ප‍්‍රමුඛතාව දී 2021 අලූත් අවුරුද්දට රට විවෘත කිරීමෙන් පසුය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොරෝනාව පාලනයෙන් ගිලිහී ගිය අතර අවසානයේ දී මහජනතාවගේ බලකිරීම මත රජයට සති කිහිපයක් ?ට ලොක් ඩවුන් කිරීමට සිදුවිය. තත්ත්වය යථා තත්ත්වයට පැමිණීමට පෙරම යළිත් රජය රට විවෘත කිරීමට කටයුතු කළේය. ඉන්පසු මරණ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස වැඩි වූ බැවින් දැන් ශ‍්‍රී ලංකාවේ උදාවී ඇත්තේ කොරෝනා රෝගයේ මෙතෙක් කලක් දක්නට ලැබුණු බරපතළම අවස්ථාව බව පැහැදිලිය.

 x හෙට කුමක් වේවිද?

 රජයේ සංඛ්‍යා ලේඛන වලට අනුව මීට සතියකට පෙර නිල වශයෙන් මිය ගියේ දිනකට 50 ට අඩු සංඛ්‍යාවකි. දැන් නිල වශයෙන් 100 ක් පමණ මියයති. මේ වනවිට මියගිය මුළු සංඛ්‍යාව 5000 ද ඉක්මවා ගොස් ඇත. ලබන සතියේ දිනකට නිල වශයෙන් කීදෙනෙක් මිය යාවිද? ඒ ගැන කිසිම අදහසක් රජය ඉදිරිපත් කරන්නේ නැත. ඊට හේතුව රජය පවතින තත්ත්වය නිසි ලෙස විශ්ලේශනය කර නැති නිසාය. මේ පිළිබඳව විශ්ලේශනයක් සිදුකර ඇති වොෂින්ටන් විශ්වවිද්‍යාලයයේ (ෂබිඑසඑමඑැ දෙර ්‍යැ්කඑය ඵැඑරසජි ්බා ෑඩ්කම්එසදබ -ෂ්‍යඵෑ, ඹබසඩැරිසඑහ දෙ උ්ියසබටඑදබ * අධ්‍යනයට අනුව අනාවැකීන් තුනක් ඉදිරිපත් කර ඇත. දැනට තිබෙන ප‍්‍රවණතාව අනුව මේ වසර අවසන් වනවිට කොරෝනාව නිසා මියයන ශ‍්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 12,500 ඉක්මවා යනු ඇත. නරකම තත්ත්වයන් යටතේ වසර අවසාන වනවිට ශ‍්‍රී ලාංකිකයින් 23,000 ක් පමණ මිය යා හැකිය. සෞඛ්‍ය ක‍්‍රමවේදයන් නිසි පරිදි අනුගමනය කළහොත් මෙම මරණ සංඛ්‍යාව 11,000 කට පමණ සීමා කරගත හැකිවෙතැයි එම අධ්‍යනය මඟින් තක්සේරු කර ඇත. මෙම තත්ත්වය පිළිබඳව විමසා බැලීමේ දී පෙනීයන්නේ දිගුකාලීනව ගත්විට එන්නත්කරණයෙන් රජය අපේක්ෂා කරන ප‍්‍රතිඵල නොලැබුණහොත් කොවිඞ්-19 වෛරසය නිසා ශ‍්‍රී ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 2-4 ප‍්‍රමාණයක් ඉදිරි අනාගතයේ දී මියයාමට ඉඩ ඇති බවය. එසේ හෙයින් මෙම තත්ත්වය වලක්වාගැනීමට නම් කොවිඞ්-19 ප‍්‍රශ්නය දෙස හැඟීම් වලට වහල් නොවී විද්‍යාත්මකව බලා උපායමාර්ග සකසා ගත යුතුය.

 x රජය පැනික්

 2020 මාර්තුවේ දී ලංකාවේ කොරෝනා නිසා කිසිදු අයෙකු මිය නොගිය තත්ත්වයක් තුළ රජය රටම ලොක්ඩවුන් කළේ දිනකට රෝගීන් කිහිප දෙනෙක් පමණක් වාර්තා වනවිටය. දැන් දිනකට මිනිසුන් 100කට අධික ප‍්‍රමාණයක් මියයද්දීත්, හඹාගොස් පීසීආර් පරීක්ෂාවන් නොකරන තත්ත්වයක් තුළ පවා රෝගීන් 3000 ක් පමණ වාර්තා වෙද්දීත් එන්නත්කරණය හැරෙන්නට වෙනත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට රජය කල්පනා කරන්නේ නැත.

 රජය මෙලෙස පැනික් වීමට හේතුව කොරෝනා තත්ත්වය යටතේ ඇති වූ සෞඛ්‍ය ප‍්‍රශ්නය හා ආර්ථික ප‍්‍රශ්නය තුලනය කරගැනීමට රජයට නොහැකිවීමයි. කොරෝනා වසංගත තත්ත්වය තුළ ජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂා කරගන්නා ගමන් රටේ ආර්ථිකය නිසි ලෙස පවත්වාගන්නා ආකාරය පිළිබඳ කිසිදු උපායමාර්ගයක් රජයට නැත. ජනාධිපතිතුමා වටේ සිටින රජයේ නිලධාරීන්, සෞඛ්‍ය සේවයේ ප‍්‍රධානීන්, හා ආර්ථික විශේෂඥයින් හට විද්‍යාත්මක උපායමාර්ගික සැලසුම්කරණය පිළිබඳ කිසිදු අදහසක් නැති බව මින් මනාව පැහැදිලි වේ. රජයට කොරෝනා වසංගතය පිළිබඳව කිසිදු විද්‍යාත්මක හැදෑරීමක් හා විශ්ලේෂණයක් නැත.

 x කොරෝනා සෞඛ්‍ය විද්‍යාව

 කොරෝනාව අලූත් වසංගතයක් නිසා පටන්ගත් දා සිට මේ දක්වා සිදුවනුයේ අඳුරේ අතපත ගෑමකි. වෛරසයට වෛද්‍ය විද්‍යාව අනුව පිළියමක් නැත. රෝගය ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සෞඛ්‍ය සිරිත් විරිත් අලූත් දේවල් නොව හැමෝම දන්නා දේවල්ය. මාස්ක් එකක් පැළඳීම, මීටරයේ දුරස්ථභාවය, නිතර අත් සේදීම, සපත්තු වල යටිපතුල් සේදීම, රෝගීන් හදෙකලා කිරීම, ආශ‍්‍රිතයන් හුදෙකලා කිරීම, හුස්ම ගැනීමට අපහසු අයට ඔක්සිජන් ලබාදීම ආදී සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග වල කිසිදු අලූත් වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීමක් නැත. එන්නතක් නොමැති කාලයේ දී සෞඛ්‍ය සිරිත් විරිත් එකම විසඳුම විය.

 පෙරදිග වෛද්‍ය විද්‍යාවට අනුව කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ දී බෙහෙත් වර්ග 30ක් පමණ ඉදිරිපත් වුවද රජය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකළේ නැත. ධම්මික පැණිය සම්බන්ධයෙන් අත්තනගල්ලේ බටහිර වෛද්‍යවරුන් පිරිසක් විද්‍යාත්මක පාලිත පරීක්ෂණ ක‍්‍රමවේදය භාවිත කරමින් සිදුකළ ගරිල්ලා ප‍්‍රහාරයෙන් පසු පවා රජය මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා මිස විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කළේ නැත. රජය අනුරාධපුරයේ බටහිර වෛද්‍යවරුන් කිහිපදෙනෙකු යොදවා විද්‍යාත්මක ක‍්‍රමය අයුතු ලෙස භාවිත කර ධම්මික පැණිය ගැන ව්‍යාජ පරීක්ෂණයක් කිරීමට කටයුතු කළේය. ඒ හරහා ජනතාව තුළින් මතුවූ දේශීය වෛද්‍ය රැුල්ල දියකර හැරීමට රජය 2021 ජනවාරි වනවිට සමත් විය.

 2020 මාර්තු වනවිට ශ‍්‍රී ලංකා රජය රටම වහාම ලොක්ඩවුන් කළේ වෛද්‍ය උපදෙස් අනුවය. නමුත් ඒ කාලය තුළ දී විශාල ආර්ථික අර්බුදයක් ඇති විය. ආර්ථික අර්බුදය නිසා රජයට කිසිදු සැලැස්මකින් තොරවම රට විවෘත කිරීමට සිදුවිය. දැන් රජය එන්නත්කරණය එකම තුරුම්පුව බවට පත්කර ගෙන ඇත. දැවැන්ත පරිශ‍්‍රමයක් දරා රටට අවශ්‍ය එන්නත් ගෙන්වා ගැනීමට රජය සමත් විය. එන්නත්කරණය රටපුරා දියත් කර අවසන් කිරීමට ප‍්‍රථම රජය ලොක්ඩවුන් ක‍්‍රමවේදය අතහැර දැමුවේය. පළමුව ලොක්ඩවුන් තුරුම්පුව මත 100%ක්ම යැපුණු රජය මේ වනවිට 100%ක්ම එන්නත්කරණයේ තුරුම්පුව මත යැපේ. ලොව පුරා එන්නත්කරණයේ සාර්ථකත්වය ගැන අවිනිශ්චිත තත්ත්වයක් උදාවී ඇත. විශේෂයෙන්ම නව ප‍්‍රභේදයන් මතුවීමත් ඒවාට මුහුණ දීමට එන්නත්කරණයට ඇති හැකියාවත් පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති වී තිබේ. එබැවින් එන්නත්කරණය එකම තුරුම්පුව ලෙස සැලකීම බුද්ධිමත් වැඩක් නොවේ.

 x කොරෝනා ආර්ථික විද්‍යාව

 2020 මාර්තු මාසයේ සිට රජය ආර්ථිකය ගැන කිසිවක් නොසිතා රටම අනවශ්‍ය ලෙස ලොක්ඩවුන් කිරීමට යාමෙන් විශාල ආර්ථික විනාශයක් කරගත්තේය. ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරියාටත් බය වූවාසේ දැන් කෙතරම් මරණ සිද්ධවූවත් ආර්ථිකයට අත තියන්නට රජය බිය වී ඇත.

 සාම්ප‍්‍රදායික ආර්ථික විද්‍යාව කොරෝනා කාලයට වලංගු නැත. දැන් රටට හා ලෝකයට කොරෝනා ආර්ථික විද්‍යාවක් අවශ්‍ය ව තිබේ. එනම් සෞඛ්‍ය ප‍්‍රශ්නයත් විසඳාගන්නා ආර්ථික වැඩසටහනක් රටට අවශ්‍යයයි. කිසිම නිර්මාණශීලී බවක් නැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට එය කිරීමට නොහැකිය. එමෙන්ම යුද හමුදාවට ද එය කළ නොහැකිය. ජනාධිපතිතුමා වටේ සිටින සාම්ප‍්‍රදායික ආර්ථික විද්‍යාඥයින්ට ද එය කිරීමට නොහැකි බව මේ වනවිට ඔප්පු වී හමාරය.

 අවදානය යොමුකළ යුතු වැදගත්ම කාරණය නම් කොරෝනා කාලේ ආදායම පමණක් නොව වියදම ද අඩුවන බවය. වෙළෙඳපොළට අනුව නම් කොරෝනා නීති නිසා රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය බිඳ වැටී ඇත. නමුත් ආර්ථිකය යනු වෙළෙඳපොළ නොවේ. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ද නොවේ. ආර්ථිකය යනු ජනතාවට තමන්ගේ ඕනෑ එපා කම් ඉටු කරගැනීමට ඇති හැකියාවයි. එය වෙළෙඳපොළ හරහා ගනුදෙනුවක් ලෙස සිදුවනවාද යන්න වැදගත් නැත. වඩාත් වැදගත් වන්නේ ආදායම වැඩිවීම නොව, ආදායම හා වියදම අතර පරතරය අඩුවීමයි. එම පරතරය කළමනාකරණය කළ හැකි තත්ත්වයක තිබෙන්නේ නම් ඒ තාක් දුරට රටේ ආර්ථිකය ශක්තිමත්ව පවතී.

 කොරෝනා කාලේ ගමනාගමනය අඩු වේ. එකිනෙකා මුණ ගැසීම අඩු වේ. ජනතාව නිවසට වී සිටිති. එවිට ප‍්‍රවාහන අවශ්‍යතාවය අඩු වේ. ඇඳුම් පැළඳුම් අවශ්‍යතාවය අඩු වේ. වෙනත් බොහෝ අතිරේක අවශ්‍යතාවයන් හා වියදම් ද අඩු වේ. නමුත් නවීන සංනිවේදන තාක්ෂණයේ අවශ්‍යතාව වැඩි වේ. එබැවින් මෙතෙක් සාම්ප‍්‍රදායික ලෙස සිදුවූ ආර්ථික ක‍්‍රියාකාරකම් කොරෝනා අවදානම නිසා නවතා දැමීමට, සුළුවෙන් සිදු කිරීමට, දැනට කරගෙන යන පරිද්දෙන්ම දිගටම කරගෙන යාමට හා දැනට වඩා වැඩි වේගයෙන් සිදු කිරීමට, යන පරිදි යළි විමසා බැලීමට අවශ්‍ය වේ.

 කොරෝනා තත්ත්වයන් යටතේ රටේ පැවැත්මට ගැලපෙන අයුරින් ආර්ථික ක‍්‍රියාකාරකම් වල ප‍්‍රමුඛතාවයක් රජය හඳුනාගත යුතුය. එමඟින් රටේ අත්‍යාවශ්‍යයෙන්ම දියත්විය යුතු ආර්ථික ක‍්‍රියාකාරකම් කවරක් ද යන්නත් එම ක‍්‍රියාකාරකම් සිදුකළ යුත්තේ කවුරුන්ද යන්නත් එමෙන්ම කොරෝනා අවදියේ දී සහනාධාර ලැබිය යුත්තේ කාටද යන්නත් රජයට තීරණය කළ හැකි වේ. ආහාර නිෂ්පාදනයට කොරෝනා වසංගතයේ බලපෑමක් නැත. ප‍්‍රශ්නය ඇත්තේ සංක‍්‍රමණ සීමා ඇතිවිට ආහාර බෙදාහැරීමේ යාන්ත‍්‍රණයක් නොමැති වීමයි. එය විසª විට ආහාර හිඟයක් පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නොනගී. අත්‍යාවශ්‍ය නොවන සේවාවන් වල නිරත අයට සහනාධාර ලබාදීම රජයට කළ හැකිය. ඉන් රටේ උද්ධමනයක් ඇති නොවේ. මක්නිසාදයත් ආර්ථික ක‍්‍රියාකාරිත්වය ඇණහිට ඇති නිසා බැංකු වල ඇති මුදල් වලින් කොරෝනා සමයේ අනවශ්‍ය වියදම් සිදු නොවන නිසාය. ඒ අනුව රටට ගැලපෙන උපායමාර්ගික සැලැස්මක් සාදාගැනීමට රජයට හැකිනම් කොරෝනා යනු හතුරෙක් නොව, රට තිරසාර සංවර්ධනය කරා රැුගෙන යන වෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත්වනු ඇත.

 x ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය

 මේ අවස්ථාවේ දී රටක් ලෙස විශේෂයෙන් අවධානය යොමු වී ඇත්තේ විදේශ වෙළෙඳාම පිළිබඳවයි. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකාවේ ආනයන වියදම වසරකට ඇ. ඩොලර් බිලියන 20ක් පමණ වේ. අපනයන ආදායම ඇ.ඩොලර් බිලියන 12 ක් වේ. විදේශ ශ‍්‍රමික ලැබීම් ඇ.ඩොලර් බිලියන 6 කි. සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩොලර් බිලියන 3ක් ලැබේ. කොරෝනා තත්ත්වයන් යටතේ සංචාරක කර්මාන්තය යළි නාඟාසිටුවීමට යාමෙන් කොරෝනා අවදානම වැඩිවී ආර්ථිකය කබලෙන් ලිපට වැටීමට ඉඩ ඇත. උපක‍්‍රමශීලී වුවහොත් සංචාරක කර්මාන්යේ අවදානම ගන්නේ නැතිව වුවද ආර්ථිකය සාර්ථකව පවත්වාගෙන යා හැකිය.

 එමෙන්ම ජාත්‍යාන්තරව ආර්ථික කඩාවැටී ඇති නිසා විදේශ රැුකියා වලින් උත්පාදනය වන ආදායම් වෙත අවධානය යොමුකිරීමෙන් ඵලක් නොවේ. එබැවින් කළ යුතු වන්නේ අපනයන ඉහළ නැංවීමත් ආනයන අඩු කිරීමත්ය. ඉන් අපනයන ඉහළ නැංවීම ද කොරෝනාව ලෝකයේ ව්‍යාප්ත වන ආකාරය මත තීරණය වනු ඇත. ඒ අනුව මූලික වශයෙන්ම උපායමාර්ග සකසා ගත යුත්තේ ආනයන අඩු කරගැනීම කෙරෙහිය.

අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment