කොරෝනා නීති කඩ කරමින් ආර්ජන්ටිනා ජනපති බිරිඳගේ උපන් දිනය සමරයි

134

කොවිඞ් නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරමින් ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් මහතා සිය බිරිඳගේ  උපන්දින සාදය ජනාධිපති මන්දිරයේදී පැවැත්වීම සම්බන්ධව ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස එරට ජනතාව චෝදනා කරති.

2020 වසරේ ජූලි මාසයේදී මෙම උපන් දින සාදය පවත්වා ඇත. ඊට විශාල පිරිසක් සහභාගිවී ඇති අතර මුව ආවරණ පැළඳ සිට නැත. ඊට අදාළ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත ලැබී ඇත. මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමාව ඉල්ලා ඇති අතර නැවත එවැනි සිදුවීමක් වීමට ඉඩ නොතබන බවද සඳහන් කරයි.

මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුව ආර්ජන්ටිනාවේ ලක්‍ෂයක පමණ පිරිසක් මරණයට පත්ව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment