කොරෝනා පාලනයට සමාජ විද්‍යාත්මක ආකෘතියක්

119

නව කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරස් තත්ත්වය මුළු ලෝකයක් වෙලාගත් ඉතා දරුණු ලෙස පැතිර යන භයානක වෛරස් තත්ත්වයක් බව ලොකු කුඩා සෑම දෙනාම දන්නා සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇත. ආර්ථික සමාජීය දේශපාලනික වශයෙන් මුළු ලෝකයටම අති දැවැන්ත තර්ජනයක් එල්ල කළ කොරෝනා ව්‍යසනය මැ`ඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන හා ප‍්‍රජාව අප‍්‍රතිහත උත්සාහයක යෙදී සිටියි. මෙකී දිගහැරුම ඔස්සේ මා බලාපොරොත්තු වන්නේ මේ සා දැවැන්ත වෛරස් තත්ත්වය සෞඛ්‍යමය අර්බුධයක් ලෙසට පමණක් ලඝු නොකොට සමාජීය අර්බුධයක් ලෙස සලකා දකුණු ආසියාව තුළ පිහිටි රටක් වශයෙන් ශ‍්‍රී ලාංකික අපට රෝග පාලනය උදෙසා යොදා ගත හැකි සමාජීය ආකෘතියක් (Social Module) පිළිබඳව ප‍්‍රවේශයක් හඳුනා ගැනීමටයි.
 
 නව කොවිඞ් 19 වෛරස් තත්ත්වය පුද්ගලයා ගෙන් පුද්ගලයාට බෝවන වෛරස් තත්ත්වයක් බැවින් අනෙකාගෙන් ප‍්‍රථමයෙන් තමන් ආරක්ෂා වීමත් තමන්ගෙන් අනෙකා ආරක්ෂා කිරීමත් යන සාමාන්‍ය න්‍යායාත්මක හැසිරීමක් පුද්ගලයා තුළ වර්ධනය කර ගැනීම කාගෙත් වගකීම වී ඇත. නමුත් ස්වාභාවයෙන්ම නිදහස සොයන හා වැරදි කිරීමට නැමියාවක් දක්වන මානව සත්වයා මෙකී හැසිරීමට පහසුවෙන් හුරු පුරුදුකර බැඳ තැබිය හැකිද යන ගැටලූව රටක් වශයෙන් අපට ඇති ප‍්‍රමුඛතම අභියෝගයක් වී ඇත.
 
 ලෝකයේ බොහෝ රටවල් විසින් විවිධාකාර වූ ක‍්‍රමෝපායන් භාවිතා කරමින් කොරෝනා තත්ත්වය පාලනය කිරීමට උත්සහ ගනිමින් සිටියි. ඒ අතර නවීන විද්‍යාත්මක අත්හදාබැලීම්, විද්‍යාත්මක තාක්ෂණය භාවිතය, වෛද්‍යමය ප‍්‍රතිකාරවල තීව‍්‍ර උපක‍්‍රම, දැඩි නීති රීති හා ජපානය චීනය වැනි රටවල පුරුදු පුහුණු කර ඇති සංස්කෘතිකමය විනය (Cultural Discipline) ද ඒ අතර කැපී පෙනෙයි.
 
 දිනෙන් දින රෝගීන් හා මරණ සංඛා්‍යාව ඉහළ අගයක් ගන්නා ශ‍්‍රී ලංකාවේද ආර්ථිකයට හා සමාජයට දැඩි හානි පමුණුවමින් නව කොවිඞ් 19 වෛරසයේ විවිධ ප‍්‍රභේද ලොකු කුඩා සියල්ල ටිකෙන් ටික බිලි ගනිමින් පවතී. එබැවින් අනභිභවනීය මානව සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන අප සමාජය තුළ මෙකී රෝග පාලනය උදෙසා රාජ්‍ය අංශයේ කාර්යභාරයට එක්විය යුතු වඩා ප‍්‍රගතිශීලී ආමන්ත‍්‍රණයක් ලෙස ”ප‍්‍රජා සහභාගීත්වය” (Community Participation) නැමති පුළුල් සමාජීය ආකෘතියේ අදාළත්වය කෙතරම් උචිත ලෙස අප සමාජයට ගළපා ගත හැකි දැයි සාකච්ඡුාවට බඳුන් කළ යුතුය.
 
 මෙතෙක් කාලයක් මෙම අර්බුධය දේශපාලන බලාධිකාරිය විසින් විසඳීමට ගනිමින් පවතින උත්සාහයේ යම් අධිකාරීමය ස්වාභාවයක් දක්නට ඇති බව පෙනී යයි. එ නිසාම එම කි‍්‍රයාමාර්ග යුරෝකේන්ද්‍රීය (Eurocentric) ස්වරූපයක් ගෙන ඇත. රාජ්‍ය හස්තයේ නීති රීති ඉහළ සිට පහළට යොමු කරමින් ජනතාව වෛරසයෙන් මුදා ගැනීමට උත්සාහ ගනිමින් ඇත. ඒ නිසාම රෝග පාලනයේ ප‍්‍රාථමික අරමුණු වෙනුවට ද්විතීයික හා ඉන් ඔබ්බට ගිය අවශේෂ අරමුණු ඉලක්ක ගතවන ආකාරයක් දක්නට ලැබේ. නමුත් රෝග පාලනය සාර්ථක කර ගැනීම උදෙසා සමාජයේ සිටින සිවිල් පුරවැසියාගේ දායකත්වය වටිනාකමක් ලෙස සළකා භාවිතයට ගැනීමට කටයුතු කරන්නේ නම් පුරවැසියාටද තම ජාතිය වෙනුවෙන් කටයුතු කිරීමට අවකාශයක් විවෘත වන්නේය. එවිට එය සෞඛ්‍යමය ගැටලූවක් ලෙසට ලඝු නොවී ප‍්‍රජාව හා සම්බන්ධ සමාජීය අර්බුධයක් ලෙස අර්ථකථනය වන්නේය. සමාජ අර්බුධයක් නම් එය විසඳීමට සමාජයට වගකීමක් ඇත්තේ ය. එය පුද්ගලයාටම කේන්ද්‍රගත වන අභියෝගයක් වන්නේ ය. එවිට මෙය රාජ්‍යයේ ගැටලූවක් නොවී අපේ ගැටලූවක් බවට පරිවර්තනය වන්නේ ය.
 
 ප‍්‍රජාවක ගැටලූවක් ලෙස මෙය ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමට නම් ප‍්‍රජාව දායක කරගන්නා ක‍්‍රමවේදයක් රජය විසින් නිර්මාණය කළ යුතු ය. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශවල වෘත්තීමය දායකත්වයෙන් පමණක් වෛරස් තත්ත්වය මැ`ඩලීමට ගන්නා උත්සාහය ප‍්‍රමාණවත් නොවන අතර එකී අර්බුධයට විසඳුමක් ලෙස මෙය ප‍්‍රජාව අතරට ගෙන යෑම සඳහා ප‍්‍රජා පාදක සිවිල් සංවිධාන (Community base civil societies) ඇති කිරීම කාලෝචිත යැයි පෙන්වාදිය හැකි ය. එහිදී සිදුවන ප‍්‍රායෝගික කි‍්‍රයාදාමය වන්නේ නිලධාරිවාදයෙන් හා බුද්ධිමතුන් බැහැරවීම යන දෙඅංශයම අඩාල වීම යි. ඒ වෙනුවට ඔවුන්ගේ හ`ඩ අවදි වීම යි. උදාහරණ ලෙස ශ‍්‍රී ලංකාවේ 30 වසරක සිවිල් අරගලය යුධමය වශයෙන් පරාජය කිරීම ස`දහා සිවිල් ආරක්ෂක කමිටුවල සහාය උපකාර කර ගත්තා සේම නව කොවිඞ් 19 වෛරසය සමාජීය අර්බුධයක් ලෙස සළකා එය පාලනය කිරීමට කොරෝනා පාලන සිවිල් කමිටු (Covid Control Civil Society) වැනි සංකල්පයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවකාශයක් වෙන් වන්නේ නම් ඉතා අගනේය.
 
 එහිදී සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අදාළ ග‍්‍රාම නිලධාරී වසම් අතර රාජ්‍ය මැදිහත්වීම මත ප‍්‍රාදේශීය සිවිල් සංවිධාන පිහිටුවා ඒ තුළ ප‍්‍රජාව විසින් හඳුනාගන්නා නායකයන්ගෙන් සැදුම්ලත් ක‍්‍රියාකාරී කමිටු සකස්කර ඔවුන්ට උචිත බලය පවරා එක් ග‍්‍රාම නිලධාරී වසමක් තුළ පුද්ගල හැසිරීම් පාලනයට නව උපක‍්‍රම යෙදිය හැකිය. සාමාන්‍ය පුරවැසියාගේ අදහස් හා අත්දැකීම් විනිශ්චයකොට භාවිතයට යොදා ගත හැකි ය. රාජ්‍ය නීති මගින් පාලනය කළ නොහැකි බොහෝ දේ හා රාජ්‍ය නිලධාරීන්ට නිරන්තරයෙන් අවධානයෙන් සිටිය නොහැකි අවස්ථාවල ප‍්‍රජා පාලන කටයුතු ප‍්‍රජාව විසින් නම්කොට තෝරාගත් තමා හඳුනන නායකයා මගින් පාලනය කිරීමට හැකියාවක් ලැබෙන්නේය. සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ප‍්‍රජා පාලනය, ප‍්‍රාදේශීය වශයෙන් ඇතිවන අවිධිමත් ව්‍යාපාර පාලනය, එන්නත්කරණය වැනි කටයුතු සඳහා සෞඛ්‍ය අංශවල හි`ගතාවයක් පවතින අවස්ථාවල ඒ සම්බන්ධව ප‍්‍රමාණවත් දැනුමක් පවතින විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, විශ‍්‍රාමලත් සෞඛ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශයේ සේවකයන් සහභාගිකරවා ගැනීම වැනි අංශ කෙරෙහි මෙහිදී සිවිල් කි‍්‍රයාධරයන්ට වගකීම් පැවරිය හැකි ය. රාජ්‍ය අංශයේ යම් නිශ්චිත අධීක්ෂණයක් ඔස්සේ සිවිල් සංවිධාන රට පුරා මෙහෙයවීම මගින් ප‍්‍රජාව විසින් තමාගේ ගැටලූව තමා විසින්ම පාලනය කර ගන්නා ආකාරයක් හ`දුනාගත හැකි වනු ඇත. එය මෙවැනි සමාජ ප‍්‍රශ්නයකදී රාජ්‍ය විසින්ම බර කරටගෙන සිදු කරනු ලබනවා වෙනුවට වඩා නිදහස් ප‍්‍රායෝගික භාවිතයක් ලෙස හ`දුනාගත හැකි ය. මෙය එක් පසෙකින් කොමියුනිස්ට්වාදී සමාජ හැසිරවීමකි. එය සාමූහිකත්වය පදනම් කරගත් මිනිසුන්ගේ හැසිරීම දක්වා විතැන් කළ හැකි ය. එවිට පුරවැසියා විසින් සිය හැකියාවන්, දක්ෂතාවයන් සමාජ ගතකර පෙරළා සමාජයෙන් ඒවා භුක්ති විඳින්නන් බවට පත්වන්නේය.
 
 එබැවින් මෙවැනි ආකෘතියක් සමාජය තුළ නිර්මාණය කිරීම ශී‍්‍ර ලංකාව වැනි සංවේදී මිනිසුන් වෙසෙන අනුකලනය වූ සමාජයකට මනා පාලනයක් වනු ඇත. තවද රාජ්‍ය යාන්ත‍්‍රණය බි`දීමකින් තොරව පවත්වාගෙන යෑමට හේතු වනවා ඇත. අසීමිත කැපකිරීම් කරන සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්ට යම් සහනයක් වනු ඇත. විශේෂයෙන් ප‍්‍රජාවට තමා පිළිබඳ නිහතමානී අඩම්බරයක් හා හැ`ගීමක් ජනිතවනු ඇත. එබැවින් බටහිර මූලාකෘත අගතිගාමී මතවාදයන් ඔස්සේ වසංගතය පාලනය කරනවා වෙනුවට ලාංකික මානව සංහතියේ මතවාදය උදෙසා සමාජය සංවිධානය කිරීමේ, මෙහෙයවීමේ, පාලනය කිරීමේ ක‍්‍රමානුකූල යාන්ත‍්‍රණය අති සුවිශේෂී ලෙස නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ නම් ඒ තුළින් සමාජීය ප‍්‍රපංචයක් ගොඩන`ගා එහි අග‍්‍ර ඵල නෙළීමේ අවකාශය හැකි ඉක්මනින් අප වෙත ලබාගත හැකි වනු ඇතැයි තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.
 
 (සංවාදයට විවෘතයි)

මලිත් වංශාධීර
(BA & MA in Sociology. pdn)

advertistmentadvertistment
advertistmentadvertistment