කොරෝනා පැතිරීම නිසා මුළු උතුරු කොරියාවම අගුලු දමයි

203

මෙතෙක් කොරෝනා වෛරසය පැතිර නොගිය රටක් ලෙස ලොවට පෙන්නුම් කළ උතුරු කොරියාවේ අගනුවර වන ‘ප්යෝන්ග්යැන්ග්’ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම හේතුවෙන් මුළු රටම දැඩි සේ අගුලු දැමීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පියවර ගෙන තිබේ.

උතුරු කොරියාවේ අගනුවර වන ප්යෝන්ග්යැන්ග් නගරයෙන් ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් වාර්තා වීම හේතුවෙන් එම වෛරස් ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා මුළු රටම අගුලු දැමීමට පියවර ගත් බව නිවේදනය කර තිබේ. උතුරු කොරියාවේ අගනුවර ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යන බවට එරට රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර ඇතත් කෙතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්දැයි යන්න අනාවරණය කර නොමැත. සිය රට තුළ කොරෝනා ආසාදනය පැතිර යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති නායක කිම් පවසා ඇත්තේ මෙතෙක් කල් කොරෝනා ආසාදනයෙන් තොරව පවත්වාගෙන ගිය උතුරු කොරියාවේ දරුණු ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි. ඉතා ඉක්මනින්ම ඔමික්‍රෝන් ප්‍රභේදය රටින් තුරන් කරන බවද ඔහු සඳහන් කර තිබේ. කෙසේ වුවද නිරීක්ෂකයන් පවසනුයේ මිලියන 25ක ජනගහණයක් සිටින උතුරු කොරියාවේ කොරෝනා වෛරසය කලක සිට පැතිර පවතින බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment