කොරෝනා ප‍්‍රතිකාර සඳහා ප‍්‍රතිදේහ මිශ‍්‍රණ භාවිතයට අනුමැතිය

145

කොරෝනා රෝගීන්ගේ ප‍්‍රතිකාරය සඳහා ප‍්‍රතිදේහ මිශ‍්‍රණය හදිසි භාවිතයට ශ‍්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී ඇත.
 
 ඒ අනුව කොවිඞ් 19 රෝගය වැලඳී අවදානම් තත්ත්වයට පත් විය හැකි අඩු ප‍්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගය සඳහා ප‍්‍රතිකාර ලබන, ඇටමිදු`ඵ බද්ධ කිරීම හෝ වෙනත් අවයව බද්ධ කිරීමක් සිදු වී ඇති හෝ හදවත් රෝග, පෙනහ`ඵ රෝග හෝ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් හා වයස අවුරුදු 60 ට වැඩි රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීම වෙනුවෙන් REGN-COV2 ප‍්‍රතිදේහ මිශ‍්‍රණය මෙරට භාවිතා කළ හැකිය.
 
 මෙම ප‍්‍රතිදේහ මිශ‍්‍රණයට කොවිඞ් 19 නිසා රෝහල්ගත වීමට සිදු වීමේ අවදානම 70% කින් අඩු කරන බව පර්යේෂණවලින් තහවුරු කර ඇති අතර අධි අවදානම් රෝගීන්ගේ ජීවිත අහිමි වීම 71% කින් අවම කරන බව සහ රෝග ලක්ෂණ පෙන්වන කාලසීමාව සතියක් දක්වා අවම කරන බවටද තහවුරු වී ඇත. එමෙන්ම වැඩිදුර පරීක්ෂණවලින් තහවුරු කර ඇති ආකාරයට රෝග ලක්ෂණ පෙන්වන කොරෝනා වෛරස් ආසාදනය 81% කින්ද රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් රෝග ලක්ෂණ පෙන්වන තත්ත්වය දක්වා පත්වීම 31% කින්ද අවම කිරීමට සහ ඔක්සිජන් සැපයීම අත්‍යවශ්‍ය වීම වැළැක්වීමට මෙම ඖෂධයට හැකියාව ඇත.
 
 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment