කොරෝනා මර්දන කාර්ය සාධක බළකායෙන් අලූත් තීරණ: රාජ්‍ය උත්සව සියල්ල සැප්තැම්බර් 1 දා තෙක් කල්යයි… කොළඹින් ඩෙල්ටා ආසාදිතයන් හමුවීම 90% දක්වා ඉහළට

236

ධාරිතාව 500නම් මඟුල් ගෙදරට 150යි : ඊට අඩු නම් 100යි

 x රාජ්‍ය සේවකයන් කැඳවීමේ තීරණය ප‍්‍රධානීන් අතේ

 x අවමඟුලකට 25දෙනයි

ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය මෙරට ව්‍යාප්ත වීම හමුවේ සියලූ රාජ්‍ය උත්සව ලබන සැප්තැම්බර් පළමු වැනිදා දක්වා කල් දැමීමට ඊයේ (06 වැනිදා* පැවැති කොරෝනා මර්දන කාර්ය සාධක බළකා රැුස්වීමේදී තීරණය කර තිබේ.

 එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් දැනට ගැසට් කර ඇති නිරෝධායන රිතීන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ ස`දහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ මෙම රැුස්වීමේදී දැනුම් දී ඇත.

 අලූතින් ගනු ලැබූ තීරණ ඊයේ මධ්‍යම රාත‍්‍රී 12.00 සිට කි‍්‍රයාත්මක වෙයි. ඒ අනුව උපරිම ධාරිතාව පුද්ගලයන් පන්සියයට වැඩි උත්සව ශාලාවන්හිදී පවත්වනු ලබන මංගල උත්සව ස`දහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 150 දෙනකු බවද ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

 උපරිම ධාරිතාව 500ට අඩු ශාලාවන්හිදී පැවත්වෙන මංගල උත්සව ස`දහා සහභාගි විය හැකි අමුත්තන් ගණන 100කට සීමා කර ඇත.

 සියලූ රාජ්‍ය සේවකයන් සේවයට කැ`දවීම ද සීමා කර ඇත. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ආයතන ප‍්‍රධානීන්ට ලබා දීමට ද මෙහිදී තීරණය කර ඇත.

 අවමඟුල් නිවසකට එකවර සහභාගි විය හැකි උපරිම පිරිස පුද්ගලයන් විසිපස් දෙනකුට සීමා කරන බවද යුද හමුදාපතිවරයා ස`දහන් කළේය.

 මෙම සියලූ අවස්ථාවන්හිදී මෙන්ම නිවසින් පිටතට පැමිණීමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන් සිදු කරන ලෙස ද යුද හමුදාපතිවරයා පවසයි.

 පවතින වසංගත තත්ත්වය හමුවේ නැවත රට වසා දැමීමක් පිළිබ`දව ද මෙම රැුස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡුා වී ඇතත් එවන් තීරණයක් ගැනීමෙන් බරපතළ ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ද එහිදී අදහස් දක්වා ඇත.

 මේ අතර කොළඹ නාගරික සීමාවේ මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් වාර්තා වීම සියයට අනූව දක්වා ඉහළ ගොස් ඇති බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ අසාත්මිකතා, ප‍්‍රතිශක්ති විiා සහ ෙසෙල ජෛව විiා ඒකකයේ ප‍්‍රධානී ආචාර්ය වෛi චන්දිම ජීවන්දර මහතා ස`දහන් කරයි.

 සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව ස`දහන් කර ඇති ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ එය ඉතාම බරපතළ තත්ත්වයක් වන බවය.

 ඉකුත් ජූලි මස මුල් සතියේදී කොළඹ නාගරික සීමාවේ ඇල්ෆා කොරෝනා ප‍්‍රභේදය පැතිර යෑම සියයට හැත්තෑපහක් ව තිබුණද එම තත්ත්වය උඩු යටිකුරු වෙමින් ජූලි 31 වන විට එය සියයට අනූවක් දක්වා ඩෙල්ටා ආසාදිතයන් වාර්තා වන මට්ටමට පරිවර්තනය වී තිබුණු බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.

 එසේම මේ වන විට මෙරටින් හ`දුනාගෙන ඇති නිශ්චිතව තහවුරු කරගත් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇතැයි ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලය ස`දහන් කරයි.

 කොළඹ, කඩුවෙල, නුගේගොඩ, අංගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, මහරගම, බණ්ඩාරගම, කහතුඩුව, කැස්බෑව, පිළියන්දල, පානදුර, කළුතර, බියගම, කඩවත සහ රාගම යන ප‍්‍රදේශවලින් මෙසේ ඩෙල්ටා ආසාදිතයන් හඳුනාගෙන ඇත.

 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බදුල්ල මහ රෝහලේදී ගුරුවරියක මරණයට පත්වීමේ සිදුවීමක් ද ඊයේ වාර්තා විය. 49 හැවිරිදි මෙම ගුරුවරිය රෝහලට ඇතුළත් කළ විගස මරණයට පත්ව ඇත.

 බදුල්ල රෝහලේ වෛiවරයකු ස`දහන් කරනු ලැබුවේ විවිධ රෝග ලක්‍ෂණ පැවතිය ද ඒ පිළිබඳ නොසලකා මෙම ගුරුවරිය රෝහලකට යෑම ප‍්‍රතික්‍ෂේප කරමින් අසාධ්‍ය මට්ටමට පත්වනතුරු නිවසේ රැු`දී සිටි ඇති බවය.

 මියගිය ගුරුවරියගේ පුත‍්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඔහු නිරෝධායනයට ලක්ව යළි නිවසට පැමිණීමෙන් පසු රෝගාතුරව සිටි මෙම ගුරුවරියගේ රෝග තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඇය මෙසේ බදුල්ල රෝහලට රැුගෙනවිත් ඇත.

 මේ අතර 65 හැවිරිදි මහියංගණය දඹාන ප‍්‍රදේශයේ ආදිවාසියකු ද කොරෝනා ආසාදිතව මරණයට පත්ව තිබේ. බණ්ඩාරවෙල රෝහලේදී ඔහුගේ මරණය සිදුව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග ස`දහන් කරයි.

 ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ස`දහන් කරන්නේ මියගිය අය කලක සිටි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී සිටි බවකි. ඔහු ආදිවාසීන් රැුඳී සිටින දඹාන ආදීවාසී ගම්මානයෙන් පිටත පදිංචිව සිටියකු බවද ස`දහන් වේ.

 කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1942 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ ඊයේ දහවල් ස`දහන් කළේය.

 එම පිරිසත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලැබූ මෙරට සමස්ත ගණන ද 288307 දක්වා ඉහළ ගියේය.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment