කොරෝනා වසංගතයෙන් පසුව එන දියවැඩියා වසංගතය

167

කිසිදා දියවැඩියාව නොතිබූ පුද්ගලයන්ට එම රෝගය වැළඳීමට හේතුකාරකය වන්නේ කොවිඞ්මද යන කාරණයත් ලොව පුරා විද්‍යාඥයන් අතර මේ වනවිට කතාබහට ලක්වී තිබේ. මේ අතරින්, ඉන්සියුලින් සාදන අග්න්‍යාශයේ ෙසෙලවලට වෛරසයෙන් හානි පැමිණීමෙන් හෝ කොවිඞ් සුවවීම සඳහා ලබාදෙන අධික‍්‍රියාකාරී ඖෂධ නිසා සිරුරේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය අධික‍්‍රියාකාරී වී සිරුරේ පටකයන්ට හානි කිරීම නිසා දියවැඩියාව ඇතිවිය හැකි බවට අදහස් පළවී තිබේ.

දියවැඩියාව යනු අප කවුරුත් දන්නා රෝගී තත්ත්වයක් වුවත්, මෙම රෝගය Silent Killer නමින් හැදින්වීමට තරම් දරුණු තත්ත්වයක් බවට සලකන්නේ ඉතාමත් අතළොස්සක් පමණි. මෙම රෝගය වැළඳෙන්නේ සිරුරට අවශ්‍ය තරම් ඉන්සියුලින් හෝමෝනය ස‍්‍රාවය කිරීමට අග්න්‍යාශය අපොහොසත් වූ විට හෝ, අග්න්‍යාශයෙන් ස‍්‍රාවය කෙරෙන ඉන්සියුලින් ඵලදායීව ප‍්‍රයෝජනයට ගැනීමට සිරුර අපොහොසත් වූ විට වේ. මෙහිදී රුධිරයේ ඇති ග්ලූකෝස් සීනි සාන්ද්‍රණය ඉහළ යන අතර ආඝාතය, හදවත් රෝග, ස්නායු රෝග, වකුගඩු රෝග, දෙනෙත් ආශ‍්‍රිත රෝග ඇතුළු බොහෝ බරපතළ සෞඛ්‍යමය අවදානම්වලට මුහුණ පෑමට සිදුවේ. එමෙන්ම දියවැඩියාව – කොවිඞ් රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවදානම විශාල වශයෙන් ඉහළ දමන රෝග කාණ්ඩයට අයත් වන බවට වර්තමානයේදී හ`දුනාගෙන තිබේ. කොවිඞ් රෝගය පනහලූවලට බලපාන රෝගයක් බව තහවුරු කරගෙන ඇති අතර ඊට අමතරව දියවැඩියාව ඇතිවීමට බලපාන අග්න්‍යාශයටද බලපෑම් සිදුකරන බවට ලොවපුරා පර්යේෂකයන් පෙන්වාදී ඇත.

ජාත්‍යන්තර දියවැඩියා පදනමේ (International Diabetes Federation) වාර්තාවන්ට අනුව මේ වනවිට ලෝකයේ දියවැඩියා රෝගීන් මිලියන 463 ක් සිටින අතර එයින් මිලියන 88ක් වාර්තාවන්නේ දකුණු ආසියාවෙන් වේ. එනම් ලෝකයේ දියවැඩියා රෝගීන් 5 දෙනකුගෙන්ම 1 අයකු දකුණු ආසියාවේ වාසය කරන්නෙක් වේ. මේහිදී භයානක තත්ත්වය ලෙස දියවැඩියාව වැළඳී ඇතත් තවමත් එය වැළඳී ඇතැයි හඳුනා නොගැනුණු තවත් මිලියන ගණනක් දෙනා සිටිනා බව සමීක්ෂකයන් පෙන්වාදේ.

 මුම්බායි රෝහලේ සේවය කරන දියවැඩියා විශේෂඥයකු වන වෛද්‍ය රාහුල් බක්ෂි  (Dr. Rahul Bakshi) පසුගිය දිනක පවසා සිටියේ; ‘‘අපට තියෙන බය ඉන්දියාවෙන් කොවිඞ් ඉවර වෙනකොට, දියවැඩියා රැුල්ලකුත් ඇතිවේවි කියන එක, මින් පෙර කිසිදා දියවැඩියාව නොතිබූ සිය කොවිඞ් වැළඳී සුව වූ රෝගීන්ගෙන් 10%කට පමණ මේ වනවිට දියවැඩියාව ඇතිවී තිබෙනවා.” යනුවෙනි.

 මේ සම්බන්ධයෙන් දියවැඩියා විශේෂඥයකු වන මහාචාර්ය වෛද්‍ය අනූප් මිෂ්රාගේ (Prof. (Dr.) Anoop Misra)  මූලිකත්වයෙන් චෙන්නායි සහ දිල්ලි යන රෝහල්වල රෝගීන් 500 කට අධික ප‍්‍රමාණයක් සහභාගි කරගෙන සිදුකළ අධ්‍යයනයකින් පෙනීගොස් තිබුණේ කොවිඞ් වැළඳීමට පෙර දියවැඩියාව තිබූ රෝගීන්ට වඩා, කොවිඞ් වැළඳීමෙන් පසු දියවැඩියාව වැළඳුනු රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම් වඩාත් ඉහළ බවයි.

කොරෝනා වසංගතයෙන් පසුව එන දියවැඩියා වසංගතය


මේ තත්ත්වය ඉන්දියාව පමණක් නොව කොවිඞ්වලින් දරුණු ලෙස පීඩා වි`දි ලෝකයේ අනෙකුත් රටවල් පවා මුහුණපාන තත්ත්වයක් ලෙස මේ වනවිට හ`දුනාගෙන තිබේ. නිව්යෝක් නගරයේ, විල් කොර්නෙල් වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥ ෂුයිබිං චෙන් (Shuibing Chen” Weill Cornell Medical College) පවසන්නේ සමහර කොවිඞ් රෝගීන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම පාලනය කිරීම ඉතා අභියෝගාත්මක බවත්, කොවිඞ් ආසාදනය වීමට පෙර දියවැඩියාව නොතිබූ සමහර

 රෝගීන්ට කොවිඞ් රෝගයෙන් සුවය ලැබීමෙන් පසු අලූතින් දියවැඩියාව ඇතිවී ඇති බවත්ය.

 කැනඩාවේ මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ (McMaster University) ජනගහන සෞඛ්‍ය පර්යේෂක T. සතිෂ්ගේ (Thirunavukkarasu Sathish) විශ්ලේෂණයකින් හෙළි වූයේ කොවිඞ් රෝගීන්ගෙන් සියයට 15 කට ආසන්න ප‍්‍රමාණයක්ට දියවැඩියාව වැළඳී ඇති බවයි.

 හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥ පාවුලෝ ෆියෝරීනා (Paolo Fiorina) ප‍්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ වාර්තා කළේ ඉතාලියේ කොවිඞ් සඳහා රෝගීන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයකට දියවැඩියා තත්ත්වය ඇතිවී ඇති බවයි.

 ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ විද්‍යාඥයකු වන පීටර් ජැක්සන් ඇස්තමේන්තු කරන්නේ දරුණු කොවිඞ් රෝගීන්ගෙන් සියයට 30 කට පමණ දියවැඩියාව වැළඳිය හැකි බවයි.

 කිසිදා දියවැඩියාව නොතිබූ පුද්ගලයන්ට එම රෝගය වැළඳීමට හේතුකාරකය වන්නේ කොවිඞ්මද යන කාරණයත් ලොව පුරා විද්‍යාඥයන් අතර මේ වනවිට කතාබහට ලක්වී තිබේ. මේ අතරින්, ඉන්සියුලින් සාදන අග්න්‍යාශයේ ෙසෙලවලට වෛරසයෙන් හානි පැමිණීමෙන් හෝ කොවිඞ් සුවවීම සඳහා ලබාදෙන අධික‍්‍රියාකාරී ඖෂධ නිසා සිරුරේ ප‍්‍රතිශක්තීකරණ පද්ධතිය අධික‍්‍රියාකාරී වී සිරුරේ පටකයන්ට හානි කිරීම නිසා දියවැඩියාව ඇතිවිය හැකි බවට අදහස් පලවී තිබේ. මේ අතර ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකට අනුවද අග්න්‍යාශය කොරෝනා වෛරසයට ඉලක්ක වන ප‍්‍රධාන ග‍්‍රන්ථියක් ලෙස විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.

 ‘‘මේ වෛරස් එක සිරුරේ අනිත් අවයවවලට වඩා වෙනස් විදියට තමයි අග්න්‍යාශයේ දී හැසිරෙන්නේ. මේක බරපතළ තත්ත්වයක්, කෙසේ වෙතත් මේ පිළිබ`දව නිශ්චිත හේතුවක් හෝ පිලියමක් තවමත් සොයාගෙන නොමැත.” යනුවෙන් පර්යේෂණ කණ්ඩායම තවදුරටත් ස`දහන් කර ඇත.

 එමන්ම පීඩාකාරී ලොක්ඩවුන් ක‍්‍රමවේදය නිසා; බොහෝ ජනයා නිවෙස්වලට සීමා කිරීමටත්, නිවෙසේ සිට රැකියා කිරීමටත්, පිටතින් ආහාර ඇනවුම්කර ලබාගැනීමටත්, ව්‍යායාම ලබාගැනීම සීමා කිරීමටත්, විෂාදයෙන් සහ කාංසාව යන තත්ත්වවලට ගොදුරු වීමත් නිසා සමාජයේ දියවැඩියාව ඇතිවීමේ අවදානමක්ද උද්ගතවී තිබේ. මෙම කරණා සැලකිල්ලට ගෙන කොවිඞ් වසංගතය අවසන් වූ පසු ලෝකය නියත වශයෙන්ම දියවැඩියාවෙන් පීඩාවට පත්වීම නොවැළැක්විය හැකි බවට පර්යේෂකයන්ගේ අදහස වේ.

 කෙනකුට කොවිඞ් වැළ`දී සුවවී තිබේ නම්, දියවැඩියාව වැළඳිය හැකි බවට අනතුරු ඇඟවීමේ ලකුණු ලෙස (1) නිතර නිතර මුත‍්‍රා කිරීම, (2) මුත‍්‍රා කිරීම සඳහා රාත‍්‍රියේ අවදි වීම, (3) නොපැහැදිලිව පෙනීම සමඟ පිපාසය වැඩි වීම, (4) රෝගාතුරව සිටියදී අඩුවූ බර නැවත ලබා ගැනීමට නොහැකි වීම, (5) තුවාල සුව වීම ප‍්‍රමාද වීම, (6) අධික තෙහෙට්ටුව යන රෝග ලක්ෂණ දැක්විය

 හැකි වේ. මෙම රෝග ලක්ෂණ විද්‍යාමාන වන්නේනම් ශරීරයේ මාංශපේශී ශක්තිමත් හා වර්ධනය කරගැනීම තුළින් ශරීරයේ පරිවෘතිය ක‍්‍රියාවලිය (metabolism) ඉහළ නංවාගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, සිනි සහ පිටි ආහාරවලින් ඈත්වීම, ප්‍රෝටීන් සහ තන්තුමය ආහාර ලබාගැනීම, ක‍්‍රමවත් ආහාර රටාවකට යොමුවීම වැදගත් වේ. එමෙන්ම වෛද්‍යවරයකු ලවා අවම වශයෙන් මාස 6කට වරක් රුධිර සීනි මට්ටම පරීක්ෂා කරගැනීම හා උපදෙස් ගැනීම සිදුකළයුතු වේ.

කොරෝනා වසංගතයෙන් පසුව එන දියවැඩියා වසංගතය
advertistmentadvertistment
advertistmentadvertistment