කොරෝනා සහ දෛනිකත්වය

135

ලොව මෙතෙක් මුහුණ දුන් සෑම වසංගතයකටම වඩා කොරෝනා වසංගතය ඉතා තීරණාත්මක වූයේ මෙහි ජෛව විද්‍යාත්මක පැතිකඩ 10% වන විටදී එය අතික‍්‍රමණය කරමින් මෙය නිසා සමස්ත විශ්වීය දේශපාලනය, ආර්ථිකය, සමාජය සහ සංස්කෘතිය නවමු ආකාරයකට උඩු යටිකුරු කළ නිසාය. ඒ නිසාම මෙය සැබැවින්ම ලෝක මානව වංශකතාවේ වඩා තීරණාත්මකම සන්ධිස්ථානයක් බව කිව යුතුය. ඇතැම් බටහිර පර්යේෂකයන් පවා 1970 දශකයේ පටන් විවිධ ස්වරූපයන් මත ප‍්‍රභවය වූ ලෝක ධනවාදයේ නිමාවත් පශ්චාත් ධනවාදයේ (Post Capitalism)ආරම්භයත් කොරෝනා නිසා වන බවට ඇගයුම් ලබා දී ඇත්තේම එබැවිනි. එපමණක් නොව එහිදී විවිධ ක්ෂේත‍්‍ර වෙත එවැනි බලපෑමක් කරන අතරම මෙය පුදගලයාගේ පැතිකඩෙන් වෙනස්ම විපර්යාසයකට පත් කරන ලද්දේ ලොව පුදගලයාගේ දෛනිකත්වයටයි.

 එනම් ඊට පෙර සමාජයක් එකිනෙකා භෞතිකව හමුවී ගනුදෙනු කිරීමට, සන්නිවේදනය කිරීමට තිබූ අවකාශය අතහැර දමා අධ්‍යාපනය, දේශපාලනය, රැුකියාව, ආදරය සියල්ල අතථ්‍ය අවකාශයක්  (Virtual Space)  තුළ සජීවීව නොවූවත් ප‍්‍රායෝගිකව සිරවීමට සිදුවිය. එය ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල අදටත් එසේමය. සරලවම අර්ථ ගැන්වුවහොත් ඉකුත් වසර 2000 කට ආසන්න කාලයක පටන් නඩත්තු කළ සාම්ප‍්‍රදායික මිනිසාගේ සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය (Individualism) ආරෝපණය කරන ලදී. ඇතැමුන් මෙයට විපක්ෂ වුවද වෙනත් විකල්පයක් නොමැති බව මත අකමැත්තෙන් හෝ ඉදිරියට යා යුතුව ඇත. විශේෂයෙන්ම මෙම දෛනිකත්වය (Dailyness) පෙර තිබුණාක් මෙන් නොව සෑම වයස් කාණ්ඩයකම පුදගලයන්ට නව්‍ය අත්දැකීමක් විය. පෙර පාසල් දරුවාගේ පටන් වයස අවුරුදු 10 ක් වන බහතෝරන කුළුඳුල් දරුවන් දක්වා ඊට පෙර ගුරුවරයා අතින් අල්ලා පොතේ ලියවූ ‘‘අ” යන්න වෙනුවට එයද කෘතිම වීඩියෝ තිරයක ලියන්නට සිදුවිය.

 පාසල් මට්ටමේ ඉහළම ශ්‍රේණි මෙන්ම සුවහසක් උසස් අධ්‍යාපන සරසවියන්හි විද්‍යාර්ථීන් හට බොහෝ පෘථුල විෂයන් PDF, Videos” Presentations මත නාමිකව පමණක් හදාරන්නට සිදුවිය. ලොව අධ්‍යාපනයේ කේන්ද්‍රීයම සාධකය වන දැනුවත්භාවය මේ තුළ සැබැවින්ම යථාර්ථයක්ද? යන ප‍්‍රශ්නය නැතුවාම නොවේ. පෙර උදේ පාන්දර සේවයට වාර්තා කොට එක් අරමුණක් වෙනුවෙන් මුහුණට මුහුණ කැපවීම් කළ වැඩිහිටියන්ට අවසානයේ හොද්දේ රසද බලමින් දවස පුරා ඉලෙක්ට්‍රෝනික උපාංගයක් ඉදිරිපිට නිවසේ සිට වැඩ කිරීම  (Work From Home)  යනුවෙන් හුදකලා වන්නට විය. වඩා පුදුම සහගත ලෙස එදා සාම්ප‍්‍රදායික ‘‘ගමයි පන්සලයි වැවයි දාගැබයි” සංකල්පය තුළ රැුයක් එළිවන්නට දේශනා කළ බෞද්ධ සෙත් පිරිත පවා මාර්ගගත අවකාශයකින් එහා වැටේ සිට හෝ ශ‍්‍රවණය කිරීමට සිදු විය. මෙම සෑම ඉසව්වක්ම එක්තරා ආකාරයකින් පුදුම සහගතය. එහෙත් එම සියල්ලක් මැද හෝ නව සාමාන්‍යකරණයක් (New Normalcy) වෙත පරාවර්ථනය විය යුතුවම ඇත.

 එකී පසුබිම එසේ වුවද මේ ආශ‍්‍රිත සැබෑම ප‍්‍රශ්නය එය නොවේ. එනම් කොරෝනාව අපට උරුම කර දුන් මෙකී සාඩම්බර දෛනිකත්වයට අප කොතෙක් දුරට එක`ගද යන්නයි. සැබැවින්ම ගතහොත් පෙර කාලය හා සාපේක්ෂව බලන විට මෙම නව අත්දැකීම සහිත පසුබිම පිළිබ`දව අපට අප කෙරෙහි ඇත්තේම සිනහවකි. එනම් සරලවම ගත් කළ අපට මේ සියල්ල දෙස බලන විට අපට අපවම සරදමකි. පහත ඡුායාරූපයද මෙම සිද්ධාන්තය හා වඩා යෝග්‍ය ලෙසම ෙඡ්දනය වන්නකි. විශේෂයෙන්ම වර්ෂ 1876 දී චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කළ පරිණාමවාදයෙහි දැක්වෙන අන්දමට නූතන මිනිසාගේ මොළයේ ක‍්‍රියාකාරීත්වයට සමීපතම සත්වයා වන චිම්පන්සියාගේ හැසිරීම්වල හැඩතලයද එසේමය. එහිදී මිනිසා මෙන් පූර්ණ අවබෝධයකින් නොවුනද එම සත්වයාද තමන් රස බලන කෙසෙල් ගෙඩියක ලෙල්ල පවා තම හිස මත ර`දවාගෙන තමාටම සිනාසෙමින් විනෝදය තෘප්තිමත් කරගනී. එය දැන් අපට ද අචේතනික ලෙස හෝ විදින්නට සිදුව ඇත. අපට නියත ලෙසම අපවම සරදමකි. එහෙත් වඩා විචාරශීලී ලෙස මතක තබා ගත යුතු එක් කරුණක් ඇත. එනම් මෙම සියලූ වසංගත තත්ත්වයන් නිමාවී සාමාන්‍ය දිවිපෙවෙත තුළ අපට අපවම අභියෝගයක් වන දිනක් නියතවම පැමිණෙන බවයි. ඒ සඳහා දැන් සිටම සාධනීය ලෙස අපට අපවම මෙහෙයවිය හැකි නම් කුමන සරදම් ප‍්‍රයෝග මතින් වුවද එදිනට අපට අපගේ සැබෑම ප‍්‍රාණියා සොයාගත හැකිවනු ඇත.

 සහන් ඇලෙක්සැන්ඩර්
 ජනමාධ්‍ය අධ්‍යයනාංශය,
 කොළඹ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment