කොරෝනා සිවුවැනි මාත්‍රාව තම බල ප්‍රදේශයෙන් ලබා ගන්න

288

සෞඛ්‍ය සේවා නි. අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

කොවිඩ් – 19 වෛරස් රෝග මර්දනය වෙනුවෙන් ලබාදෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ තමන්ගේ ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙතින් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ (06 දා) ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

‘දිවයින’ට විශේෂ ප්‍රකාශයක් කරමින් අදහස් දැක්වූ වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

පසුගිය දිනවල දී අපේ රටින් කොවිඩ් රෝගීන් වාර්තා වූයේ දහස ඉක්ම වූ සුළු පිරිසක්. නමුත් කොවිඩ් අවසන් බව ඉන් කියවෙන්නේ නැහැ. විශේෂයෙන් බස් රථ, දුම්රිය තුළ වත්මන් තත්ත්වය යටතේ ඇතිව තිබෙන දැඩි තදබදය කොවිඩ් උත්සන්න වීමට හේතු කාරක විය හැකිව තිබෙනවා. කෙසේ වෙතත්, අවුරුදු 60ට වැඩි සහ නිධන්ගත රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයන් හතරවන එන්නත් මාත්‍රාව ලබා ගන්නේ නම් එය සෞඛ්‍යයට යහපත් බව කිව යුතුයි.

අද ‘ඔමික්‍රොන්’ විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව පුරා නැවත වාර්තා වෙමින් පවතිනවා. ඒ නිසා කොවිඩ් මාර්ගෝපදේශ වගේම සෞඛ්‍ය පුරුදු, විශේෂයෙන්ම මුව ආවරණ පැළඳවීම හොඳ පුරුද්දක් කර

ගන්න කියලා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොවිඩ් මර්දනයට ලබා දෙන හතරවන එන්නත් මාත්‍රාව තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකියි. එය ඉක්මනින් ලබාගැනීමට ක්‍රියා කරන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment