කොරෝනා හැදී සුව වූ මව තුන් නිවුන් දරුවන් බිහි කරයි

201

සති 06 කට පෙර කොවිඞ් ආසාදිතව සිට ගැබිනි මාතාවක් තුන් නිවුන් දරුවන් බිහි කළ පුවතක් පුත්තලම මූලික රෝහලෙන් වාර්තා වෙයි.

කොරෝනා හැදී සුව වූ මව තුන් නිවුන් දරුවන් බිහි කරයි

ඊයේ (01 දා) උදෑසන පුත්තලම මූලික රෝහලේ ශල්‍යාගාරයේදී මෙම තුන් නිවුන් දරු උපත සිසේරින් සැත්කමකින් ඉතා සාර්ථකව සිදු කිරීමට හැකිවී තිබේ.

කොරෝනා හැදී සුව වූ මව තුන් නිවුන් දරුවන් බිහි කරයි

පුත්තලම රෝහලේ ඒ ඒ අංශවල සියලූ කාර්ය මණ්ඩලයන්හි විශේෂ අවධානයෙන් කොවිඞ් ආසාදිත දින 14 රෝහල් ගතව ප‍්‍රතිකාර ලබා ඇති මෙම කාන්තාව පසුව නිවසට ගොස් ඉතා සුරක්ෂිතව සිට තිබේ. අධික රුධිර පීඩනය හේතුවෙන් සති 34 දී රෝහල් ගත වී ඇති අතර වෛද්‍ය උපදෙස් පරිදි එය නිසි ලෙස පාලනය කර සති 35 දී සිසේරියන් සැත්කමකට භාජනය කර මෙම දරුවන් මෙලොවට බිහි කිරීමට වාසනාව හිමි වී තිබේ.

කොරෝනා හැදී සුව වූ මව තුන් නිවුන් දරුවන් බිහි කරයි

පුත්තලම කිවුල ප‍්‍රදේශයේ පදිංචි සමන් සඳරුවන් හා චකිලා මදුවන්තී රාජපක්ෂ යුවල මෙම නිවුන් දරුවන් තිදෙනාගේ දෙමාපියන් වන අතර පිරිමි දරුවන් එක් අයෙක් හා ගැහැනු දරුවෝ දෙදෙනකු බිහි කළ තුන් නිවුන් දරුවෝ අතර වෙති.

 ‘කොවිඩි 19’ හමුවේ ඉතා සුරක්ෂිත අයුරින් මෙම දරුවන් තිදෙනා මෙලොවට බිහිකිරීමේ කාර්ය භාරයේදී පුත්තලම මූලික රෝහලේ ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ඩබ්.එම්.ඒ.පී.බී. වලිසුන්දර මහතාගේ විශේෂ අවධානය යටතේ, පුත්තල මූලික රොහලේ නිර්වින්දන විශේෂ වෛද්‍ය අයි.පී. අලහකෝන්, වෛද්‍ය ටයිනී ඇන්තනී, වෛද්‍ය ආර්.එම්. නුසාහා හා ශල්‍යාගාර හෙදි සොයුරිය ආර්.එම්.පී. රත්නායක මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මෙම දරුවන් තිදෙනාට කිසිදු කරදරයකින් තොරව මෙලොව එළිය ලබා දීමට විශාල කාර්ය භාරයක් සිදු කළහ.

 පුත්තලම මූලික රෝහලේ අධිකාරි වෛද්‍ය එච්.ජේ.එම්. අර්ජුන දුෂන්ත මහතා ද දරුවන් බැලීම සඳහා පැමිණ සිටි අතර, දරුවන් තිදෙනා ඉතා නිරෝගී සුවයෙන් සිටින බව වෛද්‍යවරු පවසති.

 පුත්තලම  නලින් හෙන්දුරුගොඩ


advertistmentadvertistment