කොලම් – බාස්ලා කොලොම්බස් හමුවෙති

179

‘දිවයින’ කාටුන් සහ තීරු ලිපි සම්ප‍්‍රදාය ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’  දෙවර්ෂ පූර්ණ අතිරේකයේ පළවූ සුවිශේෂී ලිපියකි.

 මම කාමරයට වී දිවයින ඉරිදා සංග‍්‍රහයෙහි උකුස්සා කියවමින් සිටියෙමි. කවුදෝ දොරට තට්ටු කරන හඬක් ඇහෙනවාය.

 ‘‘ටක්…. ටකොක්…. ටකග්…. ටොග්…’’

 ෂැහ් මොකෙක්ද කරදරකාරයෙක්…. පත්තරේ කියවන්ඩ ගත්ත විතර නොවැ.

 ‘‘කවුද ඔය දොරට තඩි බාන්නෙ?’’

 ‘‘කොලම්-බස් මහත්තයා!…. මේ මම…. පොඞ්ඩක් දොර අරිනවද?

 ‘‘කවුද ඕයි මම කියන්නෙ.’’

 ‘‘මම….මම….මේ මම….’’

 ‘‘කී‍්‍ර….ක්…..ක්….ස්…’’

 ‘‘නම කියවනකො මම…. මම…. ගාන්නෙ නැතුව’’

 ‘‘මම පකිස්ලන්තයෙ ආරච්චිල හික්….හික්….හොක්….’’

 ‘‘හා….නේ…. ජිල්පිට් වේවා! බොහොම කාලෙක ඉඳල දකින්ඩ අසාවෙන් හිටියෙ’’

 ‘‘ජිල්පිට් වේවා…. කොලම්-බස් මහත්මයා…. නියම ජොලිපුල් එකක්

 ගන්ඩ පුළුවන් ගමනක් එක්ක යන්ඩ කියල ආවෙ…. අද අපි දිවයිනට ඇවිල්ල අවුරුදු දෙකක් වෙනව නොවැ…. දන්නැද්ද විනොද පොඞ්ඩක් ගන්ඩ යනව….’’

 ‘‘කොහෙද යන්නෙ…. පකිස්ලන්තයටම යන්ඩ වෙයිද?’’

 ‘‘හික්….පුග්…. කොලම්-බස් මහත්තයා කෝචොක් පාරක් දැම්ම වගේ හියැග්…. හික්….’’

 ‘‘එහෙනම් කොහෙද යන්නෙ?’’

 ‘‘සීයලගෙ ගෙදර….’’

 මම ආරච්චිලත් සමග කාමරයෙන් පිටවුණෙමි. ආරච්චිල මගේ කමිසයටත් කලිසමටත් අමුතු සයිස් හිනාවක් දැම්මේය.

 ‘‘ජාත්යාල ඒවා එහෙම නෙමෙයි ආරච්චිල’’

 ‘‘හැක්… පුග්….’

 ‘‘මාර පුත්තරයත් ගෙදර ඉඳිවීද?’’

 ‘‘අපොයි ඔව්…. අද ඇති නියම කිරිමිනෙල් වැඩකිඩ පාරක් දාන්ඩ බලාගෙන’’

 ‘‘වෙන කවුද එන්නෙ’’

 ‘‘ඩගියයි…. හැට්ටරයයි එයි…. නියම කට්ට සම්බල් සයිස් බඩු ටිකක් තමයි හික්…. හික්…’’

 මම ඇදවී අපබ්බරංශයක් බවට පත්වුණෙමි. මාර පුත්තරයා…. හැට්ටරයා…. ඩගියා…… ඒ මැද්දට ආරච්චිල…. තුන් ලෝකෙම මස්තබාල්දු කොරන්ඩ පුළුවන් සයිස් බඩු ටිකක්ය. ෂුග්…. මටත් අංචියක් අදීද?’’

 ‘‘කට්ටිය මාවත් සම්බෝල කොරල දායිද?’’

 ‘‘මොන හයිෆයි සයිස් මෑන් කෙනෙක් වුණත් අපට නිංක ලූණු මිරිස් සයිස්…. ඒත් කොලම්-බස් මහත්තයාගෙයි අපෙයි ගනුදෙනුවක් නෑ නොවැ….’’

 ආරච්චිලගේ පකිස් සයිස් කතා අසමින් පාර දිගේම ගියෙමි.

 ‘‘අන්න ඇහෙනව මාරයලගෙ සද්දෙ’’

 ‘‘ඔන්න ආරච්චිල මගෙ පරාණ කූඩුව තමුන්නැහෙට බාරයි’’

 ‘‘ ඕන්නං ටිකක් තෙම්පරාදු කරල ගන්නම් හැක්… පුග්….’’

 කොහොම කොහොම හරි ඔන්න සීයාගේ ගේ ළඟට ඇවිල්ලාය. අපි ඉදිකඩුල්ල පනින කොටම මාර පුත්තරයා අගුවේ ඉඳගෙන කෑගැසුවේය.’’

 ‘‘අහා… අහ්….. අහ්…. ආරච්චිල මාමේ ජිල්පිට් වේවා…. හැහ්, හැහ්….’’

 ‘‘බොලං වසවර්තියො මනුස්සයෙකුට ගෙදරට එන්ඩ දීපංකො….’ සීයා බෙරිහන් දුන්නේය.

 ‘‘මාරෙ පුතා නිකං කෝචොක් සයිස් කෑලි දාන්ඩ එපා…’’

 ‘‘මාමෙ කවුද බං මේ පකිස් මෑන්?’’

 මාර පුත්තරයා බැලූ බැල්මට මම ඇදවී සැලංඩර් වී ගියෙමි.

 ‘‘හා… හා…. අපේ කොලම්-බස් මහත්තයා…. නියම ජොලිගුඞ් මහත්තයෙක්…’’

 ‘‘බොලං වසවර්තියො ගෙදරට ආපු මිනිහෙකුට කතා කොරපංකො හරියට’’ සීයා බුලත්ටිටක් කොටන්ඩ පටන් ගන්න ගමන් කීවේය.

 ‘‘නෑ සීයෙ මට නිකං ඡුන්ද කාලෙ මතක් වුණා….’’

 ‘හැහ්…. හැහ්…… හැහ්…. ඩගියයි හැට්ටරයයි පිල උඩ ඉඳගෙන මහ හයියෙන් හිනාවෙනවාය.

 සීයා බුලත්විට කොටලා කටේ දාගෙන මා ළඟට ඇවිත් ඉඳ ගත්තේය. ‘‘ඔය වසවර්තියගෙ හැටි මේ දිවයිනේ ඔක්කොම දන්නව ආයිබොවං ඌටම හරියන කට්ටිය…. ආයිබොවං. මම හින්දම ඉවසගෙන මුන් එක්ක ඉන්නව මිසක්ක මෙලෝ මිනිහෙක් ඉඳී කියල හිතනවද?….. මහත්තයගෙ නම කොලම්-බස් කිව්ව නේද?

 ‘‘ඔව්’’

 ‘‘හෙහ්…… හෙහ්….. ඉතිහාස කතාන්දර කියෙව්වට පස්සෙ දකින්ඩ ආසාවෙන් හිටියෙ. කොහොමද මේ දිවයින හොයා ගත්තෙ…?’’

 ‘‘හපෝයි ගොළු මුහුදෙ ඉඳල එපාවුණා. ඒ පැත්තට පැද්දෙනව…. මේ පැත්තට පැද්දෙනව… හුළඟ එහාට හමන කොට එහාට යනව මෙහාට හමන මෙහාට යනව….’’

 ‘‘පත්තර කාරයො වගේද කොලම්-බස් මහත්තයා?’’ ඩගියා පිල උඩ ඉඳගෙන කෝචොක් සයිස් එකෙන් ඇසුවේය.

 ‘‘ආයිබොවං උන්ට උත්තර දෙන්ඩ යන්ඩ එපා. ඕකුං එකක් අහන්නෙ තවත් එකක් හිතේ තියාගෙන…’’

 ‘‘රුංගත… ජිංගත…. ජිංගත…. රුංදහ්… ජිංගත…. රුංදහ්…… ගදි ගද….. රුංදහ්….. ජිංගත….. ජිංගත….. රුංදහ්……තා…..’’

 හැට්ටරයා බෙරයක් බැඳගෙන තඩිබාන්ඩ පටන් ගත්තේය. ඔන්න මාර පුත්තරයා ගිනි පන්දමක් අරගෙන මැද්දට පැන්නේය. ඩගියා පිල උඩෙන් පැනලා දුම්මල පොල්කට්ටක් අල්ලනවාය.

 මොකක්ද බොල මේ සුබ දවසෙත් නටන නෙයියාඩම?’’ සීයාට කේන්ති ගිහිල්ලා වගේය.

 ‘‘සීයෙ අපේ උපන් දිනේට තමයි පන්දම් පාලිය නටන්ට ඕනෑ…. වෙන කවුරුවත් නෑ නොවැ…..’’

 රුංගත…. ජිංගත….

 ‘‘ඔන්න බලමු ආයිබොවං ඕකගෙ අපබ්බරංශ කතාව… හොඳයි තමුන්නැහෙට තේරෙනවද ඔය කියාපු හරුපෙ? අම්මාපල්ල වසවර්තියෝ තෝ දිවයිනටම ගිනි තියන්ඩද හදන්නේ පන්දම් පාලියක් නටල’’

 ‘‘දිවයිනටම ගිනි තියන පන්දම් පාලියකුත් තියෙනවා සීයෙ… ඒක නටන්නෙ වෙන කට්ටියක්…. මේක

 ගින්නෙන් ගින්න නිවන පාලියක්’’

 ‘‘ඔය…. ඔය…. මම කිව්වෙ….. හැබෑට පිරිත නාහන එකාට මන්තරේ ජප කෙරුවට හරියනවද ආයිබොවං’’

 ‘‘ ජිංගත…. ජිංගත…. රුදංහ්…..’’

 හැට්ටරයා බෙර පදේ නියමෙට  ගහනවාය.

 ඔන්න එතකොටම ආරච්චිල ආවේශ වෙලා පොල් මලක් තළන්ඩ ලෑස්ති වෙලාය. ආවේශ සයිස් නැටිල්ලක් නටනවාය.

 ‘‘බොලං ආරච්චිල…. උඹත් මේ වසවර්ති ?නට එකතු වෙලාා මොන

 ගිනි විජ්ජුම්බරයක් කොරන්ඩද ලෑස්ති වෙන්නෙ හැබෑට?’’

 ‘‘පකිස්…. කිස්….. කිස්…. කුස්……පකිස්….කුස්…..කර් පටි….. කර්පටි…කා….. කා… කුස්…..පකිස්…’’

 ආරච්චිල පකිස් භාෂාවෙන් කතා කොරනවාය.

 ‘‘ ඕං….රිං…. පකිස් කට්ටු…. කට්ටු….. කර්පටි…..පුහ්….. යක්‍ෂ…..පේ‍්‍රත……කුම්භාණ්ඩ වර…. වර පූට්ටු වාහඃ….’’

 ‘‘රුංගත…ජිංගත…..’’

 ‘‘පකිස් කර්ත පූට්ටු මස්තබාල්දු පූට්ටු වාහඃ….පස් පුළුට්ස්….හත්ෆිෂ්…. කර්පට්…. කර්පට්….. කුඩා බඩවැල් පාට්ටු පාට්ටු…..’’

 ඔන්න ඩගියා දේව භාෂාව තේරුම් කරනවාය.

 ‘‘පකිස්ලන්තයට අරක් ගෙන සිටින යක්‍ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩයන් ඇවිල්ලා කුඩා බඩවැල් දිග ඇරෙන කල් පිදේනිය කනවාලූ’’

 ‘‘ඩගියො කියපං තව කන්ඩ කට්ටියක් බලා ගෙන ඉන්නව…. උන්ටත් ඉතුරු කරන්ඩ කියල….’’ මාර පුත්තරයා පැත්තක ඉඳගෙන කියනවාය.

 ‘‘කර්ත පූට්ටු…. තෙම්පරා දුස්…. ජිල්පිට්….පූට්ටු වාහඃ….’’

 ‘‘තෙම්පරාදු වෙනකල් කනව මිසක් යන්නෙ නැහැල්ලූ’’

 ‘‘ඩගියා අල්ලපංකො ආරච්චිලට හොඳ දුම්මල පාරක්…. හැට්ටරයො

 ගහපිය….’’

 ‘‘රුංගත…..ජිංගත…..ජිංගත…..පැහ්….’’

 හැට්ටරයා ගහපු පාරට බෙරේ පළුවක් ගැලවිලා ඇතුළට බැස්සේය..

 ඔන්න පුංචිසිංඤෝ පන් මල්ලත් එල්ලාගෙන කුඩ කබලත් කිහිල්ලෙ ගහගෙන ඇවිල්ලාය.

 ‘‘බෙර සද්දෙ ඇහිල මෙහාට

 ගොඩවුණේ කඩමණ්ඩියට යන ගමන් බඩු ටිකක් ගේන්ඩ’’

 ‘‘මේ මුංගෙ නෙයියාඩගමක් නොවැ…. කාපංකො විටක්’’

 සීයා බුලත් හෙප්පුව ළං කළේය.

 ඔන්න මාර පුත්තරයා ආයිමත් ආවේය.

 ‘‘ආහ්… පුංචි සිංඤෝ මාමෙ….. අපි පොඩි පන්දම් පාලියක් නැටුව නොවැ…. මල්ලක් අරගෙන් කඩමණ්ඩියට යනව වගේ…’’

 ‘‘ඔව් ඉතිං කන්ඩ එපායැ’’

 ‘‘දැන් ඔක්කොම විවෘතයි නොව…’’ බෝම ලේසියෙන් ගන්ඩ පුළුවන්….’’

 ‘‘හියැහ්…. හික්….. හික්…. පුහ්…. ආරච්චිලගේ පකිස් හිනාවෙන් අපි සියල්ලෝම කරකැවී ගියෙමු.

 බොලව් වැඩිමාල්ලෙකුටවත් ඉන්ඩ දීපියව්කො…බලාපං පුංචිසිංඤෝ මුන්ට මොනවා කොළාම හිත් වදිනවද හැබෑට….’’

 ‘‘හහ්…හහ්…. හිනාවෙන්ඩ දේවල් තියෙන කොට කවුද බං හිනා නොවෙන්නෙ?’’

 පුංචිසිංඤොත් පුවක් කෑල්ලක් කට ඇතුළට දමා ගනිමින් ඇඟට පතට නොදැනී කීවේය.

 ඔන්න එතකොටම රාලහාමිත් දුවගෙන එනවාය.

 ‘‘දහ අට සන්නිය නටනවා ඇති කියලා අපේ හාමිනේගෙත් පොරේ එන්ඩ….’’

 ‘‘හියැහ්…. හික්…. හික්…. රාලහාමිව දැකක් කල්?

 ‘‘බොලේ ආරච්චිල මෙහේ….’’

 ‘‘අන්න ඉස්කෝලෙ මහත්තයත් එනවා’’ ඩගියා පිල උඩ ඉඳගෙන කෑ ගහනවාය.

 ‘‘ඉස්කෝලෙ මහත්තයා නැද්ද රස කතාවක් එහෙම’’

 ‘‘මම මේ බෙර සද්දෙ ඇහිල…. ඉස්කෝලෙන් වරුවක් නිවාඩු දාලා ආවෙ….. කානිමානියා ආවොත් මොකක් හරි අඩව්වක් අල්ලනවා’’

 ඔන්න එක පාරට මාර පුත්තරයා මිදුලට බැහැල අහස දිහා බලාගෙන ඉන්නවාය.

 ‘‘ඇයි මාරෙ’’ඩගියා ඇසුවේය.

 ‘‘අන්න බඩුව’’

 පුංචිසිංඤෝ…. රාලහාමි….සීයා…. ආරච්චිල…..හැට්ටරයා….. අපි ඔක්කොම මිදුලට බැහැලා බැලූවෙමු.

 ආකාසේ කුරුල්ලෙක් පියාඹනවාය.

 ‘‘මොකාද?’’ මම ඇසුවෙමි.

 ‘‘උකුස්ස නොවැ….’’ සීයා උත්තර දුන්නේය.

 මගේ අනුමස්තිස්කයේ සිට වළලූ කර දක්වාම හිරිවැටී ගියේය.

 ‘‘ ඕකා ඔය කැරකෙන්නේ මොකක් හරි ගොදුරක් දකින්ඩ ඇති’’ රාලහාමි කීවේය.

 ‘‘ඉස්කෝල මහත්තයා හොර පාරෙන් ළමයෙක්වත් දැම්මද ඉස්කෝලෙට’’ මාර පුත්තරයා ඇසුවේය.

 ‘‘අපොයි නෑ…. ෂිහ්….’’

 ‘‘සද්දයක් දාපුවාම උකුස්සන්ව බිම දාන්ඩ පුළුවන්ලූ’’ හැට්ටරයා කීවේය.

 ‘‘හියැහ්….හික්….හික්…පුහ්….’’ ආරච්චිල හැට්ටරයාට කෝචොක් සයිස් හිනාවක් දැම්මේය.

 ‘‘උකුස්සව බිම දාගන්ඩ කී දෙනෙක් සද්දෙ දැම්මද?’’ මාර පුත්තරයා හැට්ටරයාට කීවේය.

 ‘‘මොකක් හරි තෙම්පරාදුවක් දෙන්ඩයි බලන්නෙ…. අපි මොකටද බාධා කොරන්නෙ’’

 ආරච්චිල ගිහිල්ලා පිල උඩින් ඉඳගත්තේය.

 ‘‘වරෙල්ල මොනව හරි ටිකක් කන්ඩ….. රාලහාමි….. ඉස්කෝලෙ මහත්තයා…… එන්ඩකො….. පුංචිසිංඤෝ වරෙන්කො ඇතුළට’’

 ‘‘අවුරුදු දෙකක් තිස්සෙ එකඑකාව කාල අපට නම් දැන් බඩගිනිත් නෑ’’ මාර පුත්තරයා මහ හඬින් කිව්වේය.

 ‘‘හියැහ්….හික්….හික්….ආමාශය නිකං මස්තබාල්දු වෙලා….’’

 ‘‘හැක්….හැක්….හැක්….තව කන්ඩ ඉඩ ඉතුරු කොරගන්ඩත් එපායැ’’ ඩගියා කියනවාය.

 ‘‘කොලම්-බස් මහත්තයා මෙන්න මෙහෙ එන්ඩ. ඕකුන්ගෙ අපබ්බරංශ අහන්ඩ ගියොත් ඉතින් වෙන වැඩක් නෑ’’

 ‘‘කොලම්-බස් මහත්තයා යන්ඩ…. යන්ඩ…. සීය බොහොම කැමතියි ආගන්තුක සත්කාරවලට….. ඩගියා කීවේය. ආරච්චිල ඩගියා දෙස බැලූ බැල්ම එතරම් ඇඟට හොඳ එකක් නොවීය. මම ඉක්මනින් සීයාගේ පිටුපසින් ගියෙමි.

 මාර පුත්තරයාත් – ආරච්චිලත් කාමරයට ඇවිල්ලා එබිකම් කරනවාය.

 ‘‘කොලම්-බස් මහත්තයා කනව නම් ඔන්න කෑම. සූප සාත්තර පොතේ විදිහට තමයි හැදුවෙ. අර තියෙන්නෙ ටෙලිවිෂන් සම්බෝලෙ කලරිං එහෙම දාලා හැහ්….. හැහ්… අර තසිමෙ තියෙන්නෙ කැසට් බැදුම…. තෙම්පරාදු කරපු වීඩියෝ ඩෙක් තමයි අර තියෙන්නෙ. සීයෙ අර තම්බපු බ්ලූෆිල්ම් දීසියකුත් ගෙනත් තියාපන්කො…. නියම රස….. හැහ්….. කෑම නම් නියම පුරුෂ ශක්තිය තමයි…. හැහ්….. හැහ්….’’

 ‘‘කොලම්-බස් මහත්තයා දෙන්ඩ කුඩා බඩවැල් ඉලැක්ට්‍රොනික් වෙලා යන්ඩ හික්…. හික්…..පුහ්….’’

 ‘‘අම්මාපල්ලා බොලව් වසවර්තියනේ…’’

 මාර පුත්තරයාගේ කතාවටද ආරච්චිලගේ පකිස් හිනාවටද මගේ ආමාශය ඉරතැළී ගිය හෙයින්.

කොලම් - බාස්ලා කොලොම්බස් හමුවෙති




 

advertistmentadvertistment
advertistmentadvertistment