කොල්කටා හා හයිද්‍රාබාද් අවසන් සටනට යෑමට අද තරග වදී

150

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අද (21 වැනිදා ) තරග වැදීමට නියමිතය.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථානයේ පසුවන රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල් චැලේන්ජ්ස් බැංගලෝර් කණ්ඩායම හෙට (22 වැනිදා) තරග වදී.

හෙට පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් පරාජය වූ කණ්ඩායම සමග ලබන 24 වැනිදා තරගවදින අතර එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම 26 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment