කොවිඞ්  එන්නත වෙනුවට ටෙනිස් අත්හැරීමට නොවැක් සූදානම්

356

කොවිඞ් මර්දන එන්නත ලබා ගැනීමට බල කිරීම වෙනුවට තමන් ඉදිරියේදී පැවැත්වෙන විම්බල්ඩන්, ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය අත්හැරීමට වුවද සූදානම් බව ලොව අංක එකේ ටෙනිස් ක‍්‍රීඩක නොවැක් ජොකොවික් ප‍්‍රකාශ කර සිටී. බීබීසී සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡුාවකදී නොවැක් මේ බව සඳහන් කර සිටියේය.

 නොවැක් පසුගියදා ඔස්ටේ‍්‍රලියාවේ පැවති විවෘත ටෙනිස් ශුරතාවයට  සහභාගිවීමට එරටට පැමිණිය ද එරට නීතිය අනුව ඔහු කොවිඞ් මර්දන එන්නත ලබා නොගෙන තිබීම හේතුවෙන් රටින් පිටුවහල් කිරීමට එරට බලධාරීන් විසින් පියවර ගනු ලැබීය. එ් අනුව එම සිදුවීම පිළිබඳ සඳහන් කරමින් තමන් කොවිඞ් මර්දන එන්නතට විරුද්ධ පුද්ගලයකු නොවන බවත් එහෙත් තම සිරුරේ ක‍්‍රියාකාරිත්වය ගැන තමන් අන් සැමදෙයකට වඩා සිතනා බවත් නොවැක් ජොකොවික් සඳහන් කර සිටියේය.

 ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරගාවලි 20ක් ජයග‍්‍රහණය කිරීමට සමත් වී ඇති ලෝක ටෙනිස් ශුරයා ඔස්ටේ‍්‍රලියාවේ දී අත්විදීමට සිදුවූ සිදුවීම් ගැන අදහස් පළකරමින් ටෙනිස් තරග සඳහා පනවා තිබෙන කොවිඞ් එන්නත ලබා ගැනීම නියමයන් ලිහිල් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට යෝජනා කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment