කොවිඞ් නිසා ලෝක ජනගහනයට මොකද වෙන්නෙ?

244

අර්බුදයන් ලෝකයට අලූත් නැත. ආහාර හිඟය, පාරිසරික අර්බුද, යුද්ධය වැනි අර්බුද දශක ගණනාවක් තිස්සේ මතු වෙමින් යටපත් වෙමින් ඉදිරියට ගමන් කරනු පෙනේ.

 Covid 19 මේ අර්බුදය ජනගහනයේ සිතියම වෙනස් කරයිද? යන පැනය බොහෝ විට පැනනැගුනකි. ලොව පුරා වැඩිවන ආසාදිතයින් සහ මරණ සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින කාලයක මෙය ඇසීම පුදුමයක් නොවේ.

 කොවිඞ් වසංගතය අනාගතයේ ජනගහනයට යම් බලපෑමක් ඇති කරන බව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ජනගහන විද්‍යාව පිළිබද මහාචාර්ය පීටර් මැක්ඩොනල්ඞ්  පවසයි.

 එසේ වනුයේ මරණය හේතුවෙන් නොව උපත තුළින් වන වෙනසකින් බව ඔහු වැඩිදුරටත් දක්වයි. මේ සඳහා ආර්ථික අවිනිශ්චිතතාව තුළ උපත් සීමා කිරීමට මිනිසුන් යොමුවීමේ ප‍්‍රවණතාවක් පෙන්වා දෙයි. ග‍්‍රහලෝකගත ජනාවාසකරණයත්, වසංගත මරණ සම්බන්ධවත් ඔහු දරන්නේ වෙනස් ම වූ මතවාදයකි.

 2011 ගෝලීය ජනගහනය බිලියන 7 කි. අද ජනගහනය බිලියන 7.9 කි. මේ පිළිබඳව ගණනය කරන, සේම අනාගත ජනගහනය තක්සේරු කරන වගකිව යුතු ප‍්‍රධාන ආයතන තුනකි. ඔවුන් කිසි විටෙක ජනගහනය වර්ධනය මෙසේ විය යුතුය යන්න යෝජනා කරන්නෙ නැත. වසංගතයේ පෙර සිටම එය හඳුනාගත හැකිය.

 මෙම ආයතනයන්ගේ පළමු වැන්න එක්සත් ජාතීන්ගේ ජනගහන බෙදීම (United Nations Population) යි. මේ තුළ තිරසාර වර්ධනය සම්බන්ධව පළවන අතර එක්සත් ජාතීන්ගේ නව පළකිරීම අනුව 2100 දී ජනගහනය බිලියන 10. 9 ක් ව පසුව එය පහළ මට්ටමක් දක්වා ඇද වැටෙන බව දක්වයි.

 දෙවැනි ආයතනය වන්නේ ඔස්ටේ‍්‍රලියාවේ ජන විකාශනය සඳහා වූ විට්ජන්ස්ටයින් මධ්‍යස්ථානය සහ ගෝලීය මානව ප‍්‍රාග්ධනය (Wittgenstein Center For Demography and Global Human Capita) යි. එහි පුරෝකතනය කරන්නේ බිලියන 10 ක් වූ ජනතාවක් ලොව කිසිම දිනක ආශ්වාස නොකරන බවයි. 2070 පමණ වනවිට ජනගහනය බිලියන 9.4 ක් දක්වා ඉහළ ගොස් නැවත පහළට වැටෙන බව ඔවුන් දක්වා ඇත.

 තෙවන ආයතනය වන්නේ නවතම වාර්තාවන් ඉදිරිපත් කළ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ප‍්‍රමිති ඇගයීම් පිළිබඳ ආයතනය  දක්වන්නෙ 2064 දී පමණ ජනගහනය බිලියන 9.7 ක උපරිමයට ළඟා වන බවයි. එය සියවස අවසානයේ බිලියන 9 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි.

 මහාචාර්ය ක‍්‍රිස් මරේ BBC යට ප‍්‍රකාශ කර ඇත්තේ ලෝකයේ ජනගහනය ස්වාභාවික ව පහත වැටීමක් පෙන්නුම් කරන බවයි. කැනේඩියානු දේශපාලන විද්‍යා ලේඛක ඩැලර් බි‍්‍රකර් සහ මාධ්‍යවේදී ජෝන් ඉබිස්ටන්  ගේ lEmpty Planet ( The Shock of Global Population Decline ග‍්‍රන්ථයෙන් ගෙන එන්නේ ”මීට පෙර මෙවන් ජනගහන අර්බුදයක් කරා ඉතා ඉක්මනින් ගොස් නැති අතර, පරම්පරා විනාශය කිරීමට මිනිසා යොමුව ඇත” යනුවෙනි.

 2050 න් පසු ජනගහනය ක‍්‍රමයෙන් පහළ වැටෙන බව මහාචාර්ය පීටර් මැක්ඩොනල්ඞ් පෙන්වා දෙයි. සශ‍්‍රීකත්ව (Fartility Rate) අනුපාතය 1950 දී කාන්තාවගේ ජීවිත කාලය තුළ 4.7 කි. ජනගහනයට පවත්වාගත යුතු නියත උපත් අනුපාතිකය 2.1 ක් පමණ වෙයි. අද එය සාමාන්‍යයෙන් 2.4 කි. 1931 දී ඔස්ටේ‍්‍රලියාවේ පැවැතියේ මෙම අගය යි. මෙම ගණනය කිරීම් 2100 වන විට 1.7 ක අනුපාතයට ගමන් කරන බවට වොෂින්ටන් විශ්වවිද්‍යාලය ඇස්තමේන්තු කරයි. මෙම සියවස අවසානයේ දී රටවල් 23 ක ජනගහනය ශීඝ‍්‍රයෙන් පහළ යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයම දක්වා ඇත. ඉතාලිය, ජපානය, ස්පාඤ්ඤය, පෘතුගාලය, තායිලන්තය, දකුණු කොරියාව මෙන්ම චීනය වැනි රටවල ජනගහනයෙන් අඩකින් පමණ අඩුව යනු ඇතැයි දක්වයි. පෘථිවියේ වේගවත්ව වයසට යන්නා චීනය බව අනාවරණය කර ඇත. නැගෙනහිර ආසියාවේ අඩු සඵලතාවයත් රැුකියා වෙළෙඳපොළ නිසාත් දරුවන් වෙනුවෙන් යොදවන කාලය ඉවත දමා ඇත.

 ජනගහනය අවම වීම පරිසරය, දේශගුණ විපර්යාස, ආහාර හිඟයට ධනාත්මකව බලපානවා සේම ශ‍්‍රම බළකාය හීනවීම, ආර්ථික වර්ධනයට අවශ්‍ය සමාජ ආධාරක කුලූනු බිඳ වැටීමකට ලක්වේ. බොහෝදුරට ධනවාදී රටවල ජනගහනය බිඳ වැටීම තුළ සංක‍්‍රමණික ධනවතුන් එම රටවල භුක්තිකරුවන් වන්නට ද ඉඩ ඇත. ලෝක ජනගහනය අර්බුදයක් කරා යන බවක් පෙනේ. නමුත් එය වසංගතය හේතුවෙන් ම නොව වක‍්‍රාකාරයෙන් වන ආර්ථික කාරණාවක් බවට පෙනෙන්නකි. අර්බුදයන් වසංගතයක් මුවාවෙන් ගෝලීය ජනගහනය වේගවත්ව අවම කළ දරුණුම කාලයක් බව කොවිඞ් පවතින සමය හඳුනාගත හැකිය.

ඉෂාන්ති අමරසිංහ
 ජනමාධ්‍ය අධ්‍යනාංශය
 කොළඹ විශ්වවිද්‍යාලය
 ශ‍්‍රී පාලි මණ්ඩපය.

advertistmentadvertistment
advertistmentadvertistment