‘‘…කොවිඞ් පැකේජ්….!.’’ තානායම්පල්ලාගේ සටහන

253

‘‘… මගේ මතය නම් මේ කොරෝනා පීරියඞ් එකේ හෝටල් ක්‍ෂේත‍්‍රයේ සේවාවන් පිළිබ`දව යම්කිසි විධිමත් මිළ පාලන න්‍යායක් තියෙන්න ඕනෑ කියලයි… ඒ කියන්නෙ හෝටලය හෝ තානායම තමුන් සතු පුද්ගලික දේපලක් වුණ පළියට, තමුන්ට හිතුමතේ එහි සේවාවන් වල මිල ඉහල දාන්න වගේම පහල දාන්නත් බැරි විදියට නීති තියෙන්න ඕනෑ…’’
 
 උදේ පාන්දරම මට ආපු ඒ දුරකථන ඇමතුම තවත් තානායමක කළමණාකාර සගයෙකුගෙනුයි. මධ්‍යම පළාතෙ අර්ධ නගරයක තානායමක සේවය කරන ඔහු උදේ පාන්දරම ආවේග ශීලී වෙලා තියෙන්නෙ සාධාරණ හේතුවක් උඩයි.
 
 ‘‘… එහෙම නැතිව මේ යන විදියට ගියොත් සිදු වෙන්නෙ ඇති හැකි හෝටල් කරුවා ගොඩ ගිහින් කුඩා තානායම් කරුවා තව තවත් කබලෙන් ලිපට වැටෙන එකයි.
 
 ඉහල කන්ටෑක් තියෙන අතලොස්සක් ඇතැම් සුපිරි හෝටල් මුදලාලිලා නිරෝධායන මධ්‍යස්ථාන සේවා සැපයීම මුවාවෙන් තමුන්ගෙ ආයතන වල ට දෙස් විදෙස් අමුත්තො ගෙන්වාගෙන හීනියට බිස්නස් පාර ගෙනියනවා. නමුත් ඒ කිසිත් නැති අර්ධ නාගරික කුඩා හෝටල් කාරයාට තමුන්ගෙ මුරකාරයට පඩි ගෙවන්න වත් ආදායමක් නෑ. බොරුද මං කියන්්නෙ…?.’’
 
 මගේ මිතුරා කෙලින්ම මාව බිත්තියටම හේත්තු කරනවා.
 
 ‘‘…ඒ මදිවට… අද අගනුවර ස්ටාර් ලෙවල්් එකේ සමහර හෝටල් එයාලාගෙ කාමර ගාස්තු සාමාන්‍ය තානායමක කාමර ගාස්තුවටත් වඩා පහලට පහත දාලා.
 
 එතකොට කොහොමද සාමාන්‍ය තානායම් කාරයා කාමරයක් විකුණගන්නෙ? එදා සුපිරි මට්ටමේ අයකිරීමක් කරපු ස්ටාර් ලෙවල් ව්‍යාපාරිකයාට ඊට පහල මිනිහගෙ බඩට වදින විදියට මිළ සංශෝධනය කරන්න තනි අවසරයක් තියෙනවද?
 
 හො`දයි.. කව්ද අද හෝටල් ක්‍ෂේත‍්‍රයේ මිළ නියාමනය කරන්නේ…උඔ දන්නවද? දන්නවා නම් මාවත් දැනුවත් කරපන් මස්සිනා…’’
 
 අන්න ඒ නිසා කොරෝනාව අස්සේ ඇතැම් සුපිරි හෝටල් කාරයො නිරෝධායන මධ්‍යස්ථාන මුවාවෙන් සිදු කරගෙන යන මේ ඩිස්කවුන්ට් මාෆියාවට එරෙහිව හ`ඩක් නැගීම කවුරු හෝ කොතනින් හෝ පටන් ගත යුතුමයි…’’
 
 මගේ මිත‍්‍රයා කෙලින්ම මට ඇ`ගිල්ල දිගු කරනවා.
 
 ඇති හැකි මිනිහා එහෙම කළාම නැති බැරි අපි වගේ පොඩි මිනිහාට මොකද වෙන්නෙ බං…පට්ට අසාධාරණයි…’’
 
 මිතුරා දිගටම කියාගෙන යනවා.
 
 ‘‘… හරි.. එතකොට මගේ මිත‍්‍රයා කියන්නේ ලෙල්ලටම බිස්නස් වැටිච්ච මේ වෙලාවෙ සුපිරි ආයතන වුණත් තමුන් ළ`ගට සෙනග අද්දවා ගන්න කිසියම් ආකර්ෂණිය සහනයක් පාරිභෝගිකයට දෙන්නම එපා කියලා ද?…’’
 
 මමත් මිතුරාගෙන් ප‍්‍රශ්ණයක් ඇහුවා.
 
 ‘‘…කිසිසේත්ම නෑ මිත‍්‍රයා. නමුත් ඉහලම පහසුකම් සමූහයක් පහලම මිළකට විකුණන්න අවසර ලැබුණාම පහලම පහසුකම් සහිත ආයතනයට මොකද වෙන්නේ? හාන්සියි නේද සහෝදරයා… එතකොට ඒ පොඩි ආයතන වල ඉන්න පොඩි සේවකයාට අපි පඩිය කෙසේ වෙතත් පොඩි දීමනාවක් වත් ගෙවන්නේ කොහොමද?
 
 ඒ වගේම මේ කොරෝනාව නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටුනෙ අපේ රටේ විතරද? නැහැනේ ඒ රටවලූත් ඉවක් බවක් නැතිව නිරෝධායන පැකේජ් හ`දුන්වා දීලා ඒ මුවාවෙන් තුට්ටු දෙකට කාමර විකුණනවද? මම මේ කියන්නේ හැමෝම ගැන නෙමෙයි… ඉතින් මේවා නියාමනය කරන්න කව්රුවත් නැද්ද මචං…?’’
 
 මගේ මිතුරා මට අවස්ථාවක් නොදීම දිගටම කියාගෙන ගිහින් දුරකථන සංවාදය නිමා කෙරුවා. පෙරදා රාත‍්‍රියේ පානය කළ සැර දෙයක ප‍්‍රතිඵලයක් නිසාවෙන් හෝ වේවා ඔහු මතු කළ කාරණා කෙතරම් සාධාරණද?
 
 මම මිතුරාගේ හ`ඩින් දෝංකාර දෙන සවනින් යුතුව තානායමේ ඉදිරි ආලින්දයට ඇවිදගෙන ආවා.
 
 උදෑසන අමදිනු ලැබූ තානායම් මිදුල දිගේ යතුරු පැදියක් නද දීගෙන ඇදී ආවා. ඝනකම් ටයර කට්ට රටා ඉරි මිදුලේ අ`දිමින් පැමිණි එම යතුරු පැදිය ඉංග‍්‍රීසි අකුරු වගයක් ස`දහන් ටී ෂර්ටයකින් හා ඩෙනිම් කලිසමකින් සැරසී ඩෙක් සපත්තු යුගලයක් පැළ“ද සිටි කඩවසම් තරුණයෙක් පදවාගෙන විත් තිබුණා.
 
 ඔහු සමග යතුරු පැදියේ පැමිණි ඔහුගේ පෙම්වතිය පළමුව පා ආධාරක මත කෙලින් සිටගෙන දනහිස ළ`ගින් හෙමිහිට පය නමා සීරුවෙන් බිමට බසින්නේ කිටිකිටියේ හිර ටයිට් ස්කර්ටය ඇයට බාධාවක් නිසා විය යුතුය.
 
 දැඩි සංචරණ සීමා පවතින මෙම අවස්ථාවේ මොවුන් මෙසේ ජැන්ඩි පහට ඇ`ද පැළ`ද කොහි යනවා විය යුතුද?
 
 යුවල තානායම් ආලින්දයේ පළමු පඩියේදී දෙදෙනාම එකවර අව් කණ්නාඩි ගලවා අතට ගන්නේ ටෙලි නාටක ජවනිකාවකදී සේය..
 
 වේටර් ඉන්ද්‍රසිරි තානායම් ආලින්දයට පිවිසෙන පඩිපෙළ අසලටම පැමිණ යුවළට ආයුබෝවන් කීවා.
 
 ‘‘…රූම්ස් තියෙනවද?’’
 
 යුවල අතර සිටි තරුණයාගේ පැනයට ඉන්ද්‍රසිරි ගේ පිළිතුර ඔව් ය.
 
 ‘‘…එතකොට වෙඩින් මෙන්‍යුස් මොනවද තියෙන්නෙ ඔයාලා ගාව… ගනිමු බලන්න…’’
 
 ඉන්ද්‍රසිරි කිසිත් නොදොඩා ම තානායමේ මංගල උත්සව ආහාර වට්ටෝරුෆයිල් කවරය දෑතින්ම යුවල අතට දෙනවා.
 
 ‘‘…කීයද මෙහේ අඩුම වෙඩින් ප්ලේට් එක… අපිට කොච්චර ඩිස්කවුන්ට් දෙනවද?… සියයට පණහක්…?’’
 
 යුවල අතර සිටි තරුණයා සමච්චල් ස්වරයෙන් වගේ ඉන්ද්‍රසිරි විමසනවා.
 
 උත්තරේ එකසැරේ හිතාගන්න බැරුව වටපිට බලද්දි ඉන්දරේට අහම්බෙන් මගේ ඇස් දෙක මුණගැහෙනවා.
 
 මම ඇසක්් ඉ`ගි මරලා ඉන්දරේට කැමති දෙයක් කියන්නය කියනවා.
 
 එහෙම කළේ කපල් එක ඇවිත් ඉන්නෙ කීයටවත්ම වෙඩින් එකක් බුක් කරන්න නොවන බව ඔවුන්ගේ බාහිර ලක්‍ෂණ වලින් මට හො`දාකාරවම පැහැදිලි නිසයි.
 
 තරුණ අමුත්තා නැවතත් ඉන්ද්‍රසිරි විමසනවා.
 
 ‘‘…මෙන්න මේ… දෙවෙනි මෙන්‍යු එක… මේකට චිකන් අපි ගෙනැත් දුන්නොත් කීයට වගේ කෙරුව හැකිද?…’’
 
 යුවල අතර සිටි තරුණයා ඇසූ අපබ‍්‍රංස පැනයෙන් ඉන්දරේ විතරක් නෙමෙයි මමත් හොල්මං වුණා.
 
 ‘‘…චිකන් සර්ලා ගෙන්…? ඒක නම් කෙරෙන එකක් නෑ සර්… මොකද තානායමේ කෑම සම්බන්ධ වගකීම සම්පූර්ණයෙන් ම දරන්නෙ තානායම නේ…’’
 
 ඉන්දරේ ඔහු සතු හැකියාවෙන් උපරිම පිළිතුර දෙනවා.
 
 ‘‘…අඬේ… මෙච්චර බිස්නස් වැටිලා තියෙද්දිත් ඔයාලා ගෙ මාර රෙස්පෙක්ට් නේ… ඒ කියන්නෙ අපි ගේන චිකන් ෂුවර් නෑ…?’’
 
 අමුත්තා සමච්චල් හ`ඩින් විමසනවා.
 
 මට මීට මෙහොතකට පෙර කථාකළ තානායම් මිතුරා සිහිවුණා. ඇත්තටම ඔහු කෙතරම් නිවැරදි ද?. හෝටල් ක්‍ෂේත‍්‍රය පුරා පතුරුවා ඇති ඩිස්කවුන්ට් රැුල්ල ඔස්සේ සෑම පාරිභෝගිකයෙක්ම විවිධ හැඩතල ඔස්සේ මස් රාත්තලම බලාපොරොත්තු වනවා නොවේද?.
 
 ‘‘…රයිට් වෙඩින් එක පස්සෙ ගන්න බැරියැ… දෙන්න බලන්න අදට අපිට හො`ද රූම් එකක්… හැබැයි සුපිරි ඩිස්කවුන්ට් එකක් ඕනෑ..’’
 
 තරුණයා ඇසක් ඉ`ගිමරමින් ඉල්ලා සිටිනවා.
 
 ඉන්ද්‍රසිරි මම දිහා නොබලාම කාමරයක යතුර අතට ගත්තා.
 
 රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment