කොවිඩ් -19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත ඇතුළත නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බව කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ක්‍රියාවලිය පහත පරිදි සිදුකළ යුතුය.
01. නව ක්‍රමය දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ක්‍රියාත්මක කෙරේ.
02. කොවිඩ් -19 ආසාදිතයින් පහත තොරතුරු ඇතුළත් කෙටි පණිවුඩයක් 1904 දුරකථන අංකය ට යොසු කළ යුතුය.
අ. රෝග තත්ත්වයේ ස්වභාවය
I. ශ්වසන අපහසුතා ඇති රෝගීන් – A <space>
II.උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් – B
III.කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් – C
ආ. වයස <space>
ඇ . ජාතික හැදුනුම්පත් අංකය <space>
ඈ. ලිපිනය <space>
03. SMS මඟින් ලැබෙන තොරතුරු කොවිඩ් 19 රෝගය පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සඳහා වෛද්‍ය කණ්ඩායම් වෙත දැනුම් දෙනු ලැබේ.
04. රෝගීන් සපයන තොරතුරු වර්ගීකරණයෙන් පසු දුරකථන අංක 247 මඟින් ඔවුන් සම්බන්ධ කොට ගෙන රෝග තත්ත්වය නිශ්චයකර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත. (ඒ සඳහා ගිලන්රථ සේවා සහ සෙසු ප්‍රතිකාර පහසුකම් සැලසෙයි)
05.වෛද්‍ය කණ්ඩායමක් නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන රෝගීන් සමඟ නිරතුරුව සම්බන්ධ වෙමින් අවශ්‍ය සේවා ලබාදෙනු ඇත. (මේ සඳහා වෙන් වු දුරකථන අංක 1390 ඔස්සේ එම පහසුකම් සලසනු ලැබේ.)


Most Viewed Stories
- පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ට කොරෝනා
- ආසාදිතයින් ප්රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට හා කළමනාකරණයට නව ක්රමවේදයක්
- සිය මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුව ගත් තීරණය
- ගුරු – විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අමාත්‍ය අනුකමිටු වාර්තාව ලබන සතියේ
- ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සංශෝධනය කෙරේ
Most Viewed Video Stories
http://sinhala.adaderana.lk/2021/includes/inner/news/video_story/video_story_inside.php