කොවිඩ් ආසාදනය වූ තවත් 4282 දෙනෙකු ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.
මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණනද මෙය වේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39000ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර ඊයේ දින කොවිඞ් ආසාදිත මරණ 183 ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම මරණ මුළු සංඛ්‍යාව 7366 ක් දක්වා ඉහළ ගියේය. මේ වන විට ප‍්‍රතිකාර ලබන ආසාදිත සංඛ්‍යාව 40475 කි.
ආසාදිතවූවන්ගෙන් මේ වන විට සුවය ලැබූ පිරිස 342159ක්ය.