කොවිඩ්වලින් වගේම ඩෙංගුවලින්ද මිදීමට වගකීමෙන් කටයුතු කළයුතුයි…. සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

39

කොවිඩ්වලින් ආරක්‍ෂාවන්නාසේම ජනතාව පවත්නා වර්ෂාපතනයද සැලකිල්ලට ගෙන ඩෙංගු අවධානමෙන් මිදීමට වගකීමෙන් කටයුතු කළයුතුව ඇති බවත් ඉකුත් සමයේ කොවිඞ් ආසාදිතයින් ඇති හා නිරෝධායනයට ලක් කළ යුතු නිවෙස් පරීක්‍ෂාවට ගිය අවස්ථාවේ ඇතැම් නිවෙස් ඒ ස`දහා කිසිදු සූදානමක් නොතිබූ බව දුටු බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඩෙංගු යළි හිස එසවීම පිළිබ`දව මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් කළ විමසීමේදී ඒ බැව් පැවසූ රෝහණ මහතා මෙසේද පැවසීය.

නිවෙස් අසල මදුරුවන් බෝ වියහැකි ස්ථාන වහාම ඉවත් කරගන්න. වර්ෂාව හේතුවෙන් වැසි ජලය එක් රැස්විය හැකි ස්ථාන නොදැනුවත්ව නිර්මාණය වී තිබෙන්න පුලුවන්. ඒ වගේම ඩෙංගු රෝග ලක්‍ෂණ පෙනෙන්නට, දැනෙන්නට ඇත්නම් වහාම රජයේ වෛද්‍යවරයෙකු මුණගැහෙන්න. ඒ වාගේම රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන ඉකුත් කාලසීමාවේ බිහිසුනු කොවිඞ් වසංගතය හේතුවෙන් නිසි පරිදි නඩත්තු වුණෙ නැහැ. එම ආයතනවලත් මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඕනෑ තරම් නිර්මාණය වෙලා තියෙන්න පුලුවන්. අපි තව දෙසතියක් ඇතුළත එම ස්ථානීය පරීක්‍ෂාවන් ස`දහා අපේ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් නිරීක්‍ෂණ චාරිකාවල යෙදෙන්න නියමිතයි. එසේ යම් හෙයකින් මදුරුවන් බෝවෙන ස්ථාන පවත්වාගෙන යන ස්ථාන වෙතොත් අනිවාර්යයෙන් 2007 අංක 11 දරණ මදුරු මර්ධන ආඥා පනත අනුව කටයුතු කරන්න වෙනවා.

මේ වෙනකොට කොවිඞ් අවදානම පහව ගිහින් නැහැ. ඒ තත්වය තුළ ඩෙංගු රෝගයත් ව්‍යාප්ත වුවහොත් සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයකට පත්වීම නවතාලිය නොහැකියි. ඒ තත්වය නිවාරණ ඒකකවලට මෙන්ම ප‍්‍රථිකාරක ඒකකවලටත් තදින් බලපාන්න පුලුවන්. මෙම රෝග දෙකටම පොදු රෝග ලක්‍ෂණ වැඩි නිසා රෝග නිශ්චය කරගැනීමත් එතරම් පහසු කාර්යයක් නොවේවි.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment