රටේ පවතින කොවිඞ් වසංගතය සහ ආර්ථික අර්බුද ඇතුළු ගැටලූ විසඳා ගැනීමට ආණ්ඩුව සහ විපක්‍ෂය එක්විය යුතු යැයි විපක්‍ෂය නැවතත් සඳහන් කරයි.
විපක්‍ෂයේ සහය සහ විශේෂඥයන්ගේ මාර්ගෝපදේශ යටතේ මේ මොහොතේදී කි‍්‍රයාත්මක විය යුතු බවත් ජනාධිපති කාර්ය සාධක බළකාය හෝ හමුදා අංශ සමඟ පමණක් කි‍්‍රයාකිරීම තුළ රට තවත් බරපතළ අර්බුදයකට පත් කිරීම සිදුවන බවත් විපක්‍ෂය සඳහන් කරයි.
රටේ පවතින වත්මන් කොවිඞ් ව්‍යාප්තිය පාලනය, ආර්ථික අර්බුදය කළමනාකරණය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම ඇතුළු කරුණු රැුසක් සම්බන්ධයෙන් බරපතළ ගැටලූ මේ වනවිට මතුව ඇතැයි ද විපක්‍ෂය පවසයි.
මේ හේතුවෙන් රටේ ජනතාව පිළිබඳ අවධානය යොමු කර පක්‍ෂ දේශපාලනය අතහැර ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සූදානම්ව සිටින බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
අකිත පෙරේරා
|