කොවිඩ් එන්නත වෙනුවට ඉන්හෙලරයක්…

203

ගෝලීය ලෙසින් කොවිඞ් 19 වසංගතය පැතිරීමත් සමග ඒ වෙනුවෙන් ආරක්ෂාව ලබා ගැනීමට එන්නත් නිෂ්පාදනය වෙත ලෝක විද්‍යාඥයින්ගේ අවධානය යොමු විය.

රෝග ප‍්‍රතිශක්තිය වෙනුවෙන් එන්නතක් හඳුනා ගැනීම පිළිබඳව අධ්‍යනයන් දිගු කාලයක් පුරා සිදු වෙන කි‍්‍රයාවලියක් වුණත් කොවිඞ් වැනි වසංගත තත්ත්වයක් හමුවේදී එවැනි දීර්ඝකාලීන අත්හදා බැලීම් සිදු කිරීම සඳහා දිගු කාලයක් නොලැබි අතර ගෝලීය වසංගතයක් ලෙසින් පැතිරෙන විට ඉතාම කෙටි කාලයකින් එන්නත අත්හදා බැලීමට සිදු විය. එන්නතක් අත්හදා බැලීම වෙනුවෙන් වසර හත අටක කාලයක් ගෙවුණත් කොවිඞ් වෙනුවෙන් එන්නත හඳුන්වා දීම වසර එකහමාරක් වැනි ඉතාම කෙටි කාලයකදී සිදු වීමත් විශේෂත්වයකි. එහෙත් එන්නතක් සමාජයට හඳුන්වා දීමේදී අනුගමනය කරන කි‍්‍රයාවලියේ එක් අවස්ථාවක්වත් හෝ මෙතැනදී මගහැරී නැත. හදිසි තත්ත්වය යටතේ යනු පර්යේෂණ අදියර අතහැර යෑමක් නොව අදාළ කි‍්‍රයාවලියේ අවස්ථාවන් අතර සමපාත කිරීම පමණි.

දැනට කොවිඞ් වසංගත තත්ත්වයට ආරක්ෂාවක් ලෙසින් නිර්දේශිත එන්නත් කීපයක් තිබේ.

  • කොවිඞ් එන්නත් කි‍්‍රයාකාරිත්වය

AstraZeneca / Covishield එන්නත

මෙම එන්නත මගින් ප්‍රෝටිනය නිපදවීමට අදාළ DNA ජාන කොටස මිනිස් සිරුරට හානි නොවන වෙනත් DNA වෛරසයක් ඇතුළත බහා මිනිස් සිරුරට ඇතුළු කරනු ලැබේ. ෙසෙලය තුළ DNA කොටස නිදහස් වී එම ප්‍රෝටීනය මගින් ඇති කරන Spike protein මගින් ප‍්‍රතිශක්තිකරණයට අවශ්‍ය ප‍්‍රතිදේහ ගොඩ නැගීම සිදු වේ. මෙම එන්නත මගින් ලබා දෙන සඵලතාවය හෙවත් පුද්ගලයාට කොවිඞ් ආසාදිත වීමෙන් පසුව රෝග තත්ත්වය බරපතල නොවීමට සහ මරණයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් ඇති අවස්ථාව 82% කින් අඩුයි. (එයින් අදහස් වෙන්නේ රෝගයෙන් ආසාදිත නොවීමේ සම්භාව්‍යතාවය 82% කින් අඩු බවක් නොවේ.)

  • ෆයිසර් සහ මොඩර්නා

ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් දෙකම හැඳින්වෙන්නේ mRNA (Messenger RNA) එන්නත් ලෙසයි. ඊට හේතුව මෙම එන්නත් නිපදවීම සිදු කර ඇත්තේ ජාන කේත (genetic code) කොටස් නැනෝ අංශුවක දවටා සිරුරට ඇතුළු කරනවා. මෙම එන්නත් මගින් 90% ක සඵලතාවයක් ලැබේ.

  • Sinopharm එන්නත

චීනයේ නිෂ්පාදිත මෙම එන්නතේදී කොවිඞ් වෛරසය සිරුරට ඇතුළු කරන අතර ප්‍රෝටීන කොටස නිදහස් වීම නිසා ප‍්‍රතිශක්තිකරණය ගොඩ නැගෙන අතර මුල් අදියරේදී මෙහි සඵලතාවය 50 % ක් වුණත් පසුව මේ අගය වැඩි වී තිබෙනවා.

  • එන්නත් ගැන විවිධ මත තිබෙනවා…

කොවිඞ් වෙනුවෙන් එන්නත්කරණය ගැන විවිධ මතවාද ඉදිරිපත් වී ඇති අතර ඇතැම් පුද්ගලයන් එන්නත් ගැනීමට බියක් දක්වනවා. එය වේදනාකාරි අත්දැකීමක් වීම ඊට හේතුවයි. ගිලින පෙත්තක් හෝ ඉන්හේලරයක් පාවිච්චි කිරීමෙන් කොවිඞ් 19 තත්ත්වයෙන් ආරක්ෂාවක් ලැබෙනවා නම් කිසිවෙකුත් ඊට අකමැති වෙන්නේ නැත.

  • ඒ දිනයත් ළඟයි…

ස්විඩනයේ සිදු කරන ලද අධ්‍යයනකට අනුව කොවිඞ් 19 වෙනුවෙන් ඉන්හේලර් යන්ත‍්‍රයක් නිෂ්පාදනය කිරීමට දකුණු ස්විඩනයේ මෙඩිකන් හි රසායනාගාර විද්‍යාඥවරියක වන ‘‘ඉන්ගෙමෝ ඇන්ඩර්සන්’’ විසින් දැනට අත්හදා බැලීම් සිදු කරමින් පවතී. මෙම ඉන්හේලරය අතට හසු කර ගැනීමට පහසු ප‍්‍රමාණයෙන් යුක්ත අතර තුනී ප්ලාස්ටික්වලින් නිර්මාණය වී තිබේ. මෙය සාමාන්‍ය ඉන්හේලරයක් මෙන් මුඛයට දමා ගැමුරු ලෙසින් ආශ්වාස කරන විට අඩංගු ඖෂධ මගින් සිරුරේ ප‍්‍රතිශක්තිකරණය ගොඩ නගා ගැනීමට හැකි වේ.

  • ප‍්‍රතිශක්තිකරණ කුඩු..

මෙම ඉන්හේලරය වෙනුවෙන් යොදා ගන්නා ඖෂධ කුඩු නිෂ්පාදනය ස්ටොක්හෝම්හි ප‍්‍රතිශක්තිවිද්‍යා පර්යේෂණ ආයතනය සහ ‘‘අයිකොනෝවා’’ (ෂජදබදඩද) සමාගම විසින් සිදු කරනු ලැබේ.

මෙම ආශ්වාස කුඩු වෙනුවෙන් යොදා ගන්නේ කොවිඞ් 19 වෛරස ප්‍රෝටීනයකි. එය සෙල්සියස් අංශක 40 දක්වා උෂ්ණත්වයක් දක්වා ඔරොත්තු දීමේ හැකියාව ඇත.

මෙම පරිසර තත්ත්වය නිසා බෙදා හැරීමේ පහසුවක් ඇත.

එන්නත් මෙන් සීතල උෂ්ණත්වයේ වීදුරු බෝතල්වල ගබඩා කිරීම අවශ්‍ය නැත.

උණුසුම් උෂ්ණත්වයටත් ඔරොත්තු දීමේ හැකියාව තිබේ.

  • මේ වෙන විට ඉන්හේලරයේ තත්ත්වය

ස්විඩනයේ මෙම නවතම අත්හදා බැලීම දැනට මීයන් මුල් කර ගෙන සිදු වේ. ඉදිරි මාස දෙකක් තුළ මෙම ඉන්හේලරයෙන් ලබා ගන්නා ඖෂධ මිනිසුන් අළලා අධ්‍යනයන් කිරීමට නියමිතව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත එන්නත් ලැයිස්තුවට සාපේක්ෂ සාර්ථකත්වයක් තිබුණොත් ගෝලීය වසංගතයට ඉන්හේලරයෙන් ප‍්‍රතිචාර ලැබෙනු ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment