කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම ඉවතට

190


කෝවිඩ් එන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

විවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය හේමසිරි ජයතිලක ඇතුළු වෘත්තිකයන් පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment