කොවිඩ් – ඩෙංගු එකවර හැදුණු රෝගීන් හමුවෙනවා

62

කොවිඩ් විකෘති වෛරස් ප‍්‍රභේදයක් වන ‘ඔමික්‍රෝන්’ සහ ඩෙංගු උණ රෝගයද එකවර වැළඳුණු රෝගීන් වාර්තා වීම නිසා කොවිඞ් පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘‘දිවයින’’ ට ඊයේ (28දා) පැවසීය.

ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම නිසා කොවිඞ් වෛරසය ඔඩුදුවා ඇති සේම ජනතාවගේ වගකීම් පැහැර හැරීම නිසා ඩෙංගු උණ රෝගය ද මෙලෙස යළි ප‍්‍රබල නැ`ගීමක් පෙන්නුම් කරන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද පැවසීය.

දැන් බොහෝ දෙනෙකුට කොවිඞ් සහ ඩෙංගු උණත් එකවිටම වැළඳිලා. මේ තත්ත්වය ඉතා බරපතළයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ගණනකට නොගන්නේ නම් මේ රෝග දෙකෙහිම පාලනය අපෙන් ගිලිහී යයි. මේ තත්ත්වයට මුලින්ම මුහුණදෙන සෞඛ්‍ය සේවාවන්හි කාර්ය මණ්ඩලයට හතරවන මාත‍්‍රාව ලබා දීමට ක‍්‍රියා කරන ලෙස මා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් ඉල්ලීමක් කළා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment