කොවිඩ් තියෙද්දී සංචාරක ප්‍රවර්ධනයට කෝටි ගණක් වියදම් කරන්නේ ඇයි?

326

2019 වර්ෂයේදී දිනකට පැමිණි සංචාරකයන්ගේ ප‍්‍රමාණය 5,243 ක් නම්, අද මාස දෙකකටවත් එම ප‍්‍රමාණය ගෙන්වීමට මෙම නිලධාරීන් අපොහොසත් වී ඇත.

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය බරපතළ අභියෝග වලට මුහුණ දීමට මෑත කාලීනව ආරම්භ වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුවය. ඉන්පසු කොවිඞ්-19 වසංගතය හමුවේ තවදුරටත් කඩා වැටීමට ලක්විය. එයින් සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත වන ලක්ෂ තිහකට ආසන්න අහිංසක පිරිසකට කිසිදු ආදායමක් නැතිව අසරණ වී සිටින බව රහසක් නොවේ. එවැනි මොහොතක රටක ආර්ථීකය ශක්තිමත් කිරීමට සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ගේ බදු මුදල් සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සඳහා පරිහරණය කිරීමට හැකියාව තිබෙන බව අප පිළිගනිමු. එහෙත් එසේ උපයාගත් බදු මුදල් සංචාරක ප‍්‍රවර්ධනය අධිකාරිය විසින් සුදු අලියෙක් බවට පත්කිරීමට අද දරන උත්සාහය පිළිබඳ සාධාරණ සැකයක් මතු වී ඇත.

රුපියල් මිලියන 38,000 ක් වියදම් කරමින් තෝරාගත් සමාගම් හරහා ප‍්‍රවර්ධන කටයුතු සිදු කිරීමට එදා අපේ රටේ පැවැත්වුණු IIFA Awards ගනුදෙනුවට අදාළ පරණ කෙටුම්පත් නැවතත් කරලියට පැමිණ ඇති බවට සංචාරක ක්ෂේත‍්‍රයෙන් ගලාඑන ආරංචි මාර්ග පවසයි. රටේ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සිදුකළ යුතු බව තර්කයකින් තොරව පිළිගනිමු. කොවිඞ් වසංගතය හේතුවෙන් විදේශීය සංචාරකයන්ට ශ‍්‍රීලංකාව තුළ සංචාරය කිරීමට හිතකාමී මාර්ගෝපදේශ පවා ලබාදීමට නොහැකි වාතාවරණයක, මෙවන් සංචාරක ප‍්‍රවර්ධන කටයුතු ඉදිරිපත් කිරීමට අද සුදුසු කාලයක්ද යන්න ගැටලූ සහගත බැවින්, ජනතාව පවතින රජයෙන් හෝ ඒවා නොපෙනෙන සේ සිටින මැති ඇමැතිවරුන්ගෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කිරීම සාධාරණය.

මෙහි වැදගත් කරුණ වන්නේ අංක 20/0524/232/021 දරණ 2020.03.18 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය මගින් කැබිනට් මණ්ඩලයද නොමග යවා ඇති බවයි. මොකද මෙහිදී අවශ්‍ය පුරෝකථනය සිදු කොට ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්ත්වයට පෙර වාතාවරණයට අනුකූලව දත්ත පදනම් කරගෙනය. ඒ අනුව 2020 වසරේදී සංචාරකයන් මිලියන 2.3 ක් හා 2021 වසරේදී මිලියන 2.8 ක් මෙහි පැමිණෙන බවට බලධාරීන් තර්කානුකූලව ඉදිරිපත් කර ඇත. නමුත් අද අප දන්නා සත්‍ය නම් 2020 වසරේ දී සංචාරකයන් 507,704 පැමිණ ඇති අතර 2021 මිලියන 2.8ක ඉලක්කයන් නොව ඒ අසලකටවත් යෑමට නොහැකි තත්ත්වයකට අලූත් ”සංචාරක නියාමන” යොදාගනිමින්, මොවුන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව ක්ෂේත‍්‍රයම පිළිගනියි. එහිදී විශේෂයෙන් පෙන්වා දිය යුත්තේ දැනට මෙම වසර තුළ රටට වැඩියෙන්ම පැමිණ ඇත්තේ ”සංචාරක බුබුල” සංකල්පය යටතේ, මා මැදිහත්ව රැගෙන ආ යුක්රේනියානු, කසකස්ථානු හා රුසියානු ජාතිකයන්ය. නමුත් මෙහිදී එම රටවල් තුළ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු සඳහා කිසිදු මුදලක් වෙන් නොකිරීමෙන් පෙනී යන්නේ බටහිරට ගැති යහපාලන නිලධාරීන් නව රජය තුළද සුපුරුදු ලෙස හොල්මන් කරන බවයි.

මෙහිදී පවසන්නේ සංචාරක ව්‍යාපාරයේ වාර්ෂිකව ලබන ඉපයීම් තුළින් ඉදිරි වසර සඳහා ප‍්‍රවර්ධන මුදල් වියදම් කිරීමටය. ඒ අනුව ළදරුවෙකුට වුවද පෙනෙන කරුණක් නම් මෙම කොවිඞ් වසංගතය හමුවේ මෙම ඉලක්ක කරා යෑමට බලධාරීන් හට කිසිදු අවකාශයක් නොමැති බවයි. එසේ නමුත් අද මොහුන්ගේ සැලැස්ම වන්නේ සංචාරක මණ්ඩලය එදා එක්රැස් කර ඇති මුදල් සංචිතය මෙම ටෙන්ඩරය හරහා තම තමන්ගේ සාක්කු පුරවාගෙන පසු කාලයේදී සංචාරක ප‍්‍රවර්ධන අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් වීමටය.

මෙහිදී ටෙන්ඩර් කැඳවීම පිළිබඳ දැන්වීම් පළ කිරීමට යොදාගෙන ඇත්තේ රුසියාවේ ශ‍්‍රීලංකා තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය පමණක් වීම ද සාධාරණ සැකයක් මතුකරයි. එදා මා විසින්ම පළමු වරට ඉදිරිපත් කළ තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට පැමිණ මෙවන් ටෙන්ඩර් කැඳවීමක් පිළිබඳ තොරතුරු පරීක්ෂා කරන්නේ කොපමණ අඩු පිරිසක් ද යන්න එහි හිටපු තානාපති ලෙස හොඳ වැටහීමක් ඇත. මෙහිදී අපට පැහැදිලිව පෙනී යන්නේ කෝටි ගණන් බදු මුදල් ගසාකෑමට සැලසුම සහගතව කුමන්ත‍්‍රණ ආරම්භයේ සිට එළිපිටම සිදූ වන්නේ එදා IIFA ගනුදෙනුවෙන් ඔහුන් ලබාගත් අත්දැකීම් නිසාය.

ලෝක වසංගත තත්ත්වය හමුවේ වුවද සංචාරක කර්මාන්තයෙන් සංචාරක මණ්ඩලයේ බලධාරීන් විසින් මෙම වසරේදී සපුරා ගතයුතු ඉලක්කයන් පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ අංශ සමග පැවැති සාකච්ඡාවක දී පැහැදිලිව ලබා දී තිබුණි. ඒ ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් වසර අවසානයේ දී ඉපයීමය. එහෙත් එය වෙත ළගාවීමට තබා එහි අසලකටවත් ළගාවීමට මෙම බලධාරීන් නොහැකි බව කාලීන මූල්‍ය දත්ත අනුව පෙන්නුම් කරයි. ඊට හොඳම උදාහරණය වන්නේ, පසුගිය ජුලි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 2,429 ක් වන අතර ජූනි මාසයේ 1,614 ක් වැනි කුඩා පිරිසකි. එයින් පෙනීයන්නේ, 2019 වර්ෂයේදී දිනකට පැමිණි සංචාරකයන්ගේ ප‍්‍රමාණය 5,243 ක් නම්, අද මාස දෙකකටවත් එම ප‍්‍රමාණය ගෙන්වීමට මෙම නිලධාරීන් අපොහොසත් වී ඇති බවය. එසේ නම් ප‍්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 38,000 ක් වියදම් කිරීමට ප‍්‍රථමයෙන් සංචාරකයන් මෙරටට නොපැමිණීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ උනන්දු විය යුතුය. එහිදී සංචාරකයන්ට ශ‍්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ ලබාදීම මෙන්ම නැවතත් ධභ ්ඍඍෂඪ්ඛ වීසා නිකුත් කිරීම ඉතා වදගත්ය. එවිට වීසා ගැනීමට කාලය නොමැතිකම නිසාවෙන් අපෙන් ගිලිහිලා යන සංචාරකයන් නතර කර ගත හැකිය. එසේ අවසාන මොහොතේ ටිකට් ගන්නා රුසියානු සංචාරක පිරිස 70% කි.

මෙම සමාගම් හරහා ප‍්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වී ඇත්තේ යම් පිරිසක් විසින් මුදල් ගසා කෑමකට බව හොඳින් පෙනීයන්නේය. ඇත්තටම සංචාරක ප‍්‍රවර්ධන කටයුතු මේ කාලයේදීම සිදු කිරීම රටට අනවශ්‍ය වුවත් ඔහුන්ට අත්‍යවශ්‍ය නම්, ඒවා සිදු කිරීමට කිසිදු පුද්ගලික සමාගම් රජයට අනවශ්‍යය. එදා මා තානාපතිවරයෙකු ලෙස තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග එකතුවී රුසියාව, යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය ඇතුළුව පැරණි සෝවියට් දේශයේ රටවල සාර්ථකව සිදු කළ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු හොඳම නිදසුනකි. එහිදී සංචාරක මණ්ඩලය සමගින් තානාපති නිලධාරීන් අවශ්‍ය සම්බන්ධීකරණය නිරතුරුව ඇති විය. මෙම සංචාරක ප‍්‍රවර්ධනය කටයුතු තානාපති නිලධාරීන්ගේ ඍජු වගකීමක් බව ඔවුන් තේරුම් ගන්නා බව විශ්වාසය. මෙමගින් රටට විශාල මුදලක් එදා අප ඉතිරි කර දුන්නේය. එහිදී මිලියනයකට වැඩි ජනගහනයක් ජීවත්වන ප‍්‍රධාන නගර 25ක් තෝරාගෙන වසර 2ක් ඇතුළත දින 85 කට වැඩි කාලයක් සිදුකළ එම සංචාරක ප‍්‍රවර්ධන කටයුතු මතක් කළ යුතුය. අද වසංගත සමයේදී පවා යුක්රේනියානු හා කසකස්තානු සංචාරකයන්ගේ පැමිණීමට හේතුව ද එදා කළ ප‍්‍රවර්ධන කටයුතුවල සාර්ථකත්වයයි.

එහිදී තානාපති කාර්යාලය හා සංචාරක මණ්ඩලය ද එම නගරවල සංචාරක ප‍්‍රවීණයන්, රාජ්‍ය හා පුද්ගලික සංචාරක ආයතන හමුවීමට පමණක් නොව ප‍්‍රාන්තයේ ප‍්‍රධානීන්ගේ විශ්වාස රටක් වශයෙන් දිනා ගැනීමට හැකි වූයේ තානාපති කාර්යාලයක් ලෙස එහිදී ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමට හැකිවූ නිසාමය. මෙහිදී පිටරට සමාගම්වලට ශ‍්‍රී ලංකාව පිළිබඳ එවැනි විශ්වාසයක් කිසිසේත් ගොඩනැගීමට නොහැක. විශේෂයෙන් මෙවන් වසංගත කාලයකදී වුවත් මෙම රටවල් සමග පවතින රාජතාන්ත‍්‍රික සම්බන්ධතාවයන් භාවිතා කිරීමෙන් ආර්ථිකය වශයෙන් නොයෙක් සහන ලබා ගැනීම හා මාධ්‍ය ආවරණ පවා නොමිලේම ලබා ගැනීමට ද අවස්ථා උදාවනු ඇත. එදා එසේ මෙම සෑම නගරයකම සංස්කෘතික සංදර්ශන, සංචාරක නියෝජිතයන් සඳහා වැඩමුළු, නගරයේ විශාලතම සාප්පු සංකීර්ණ තුළ නර්තන කණ්ඩායම් සංදර්ශන ඉදිරිපත් කිරීම, ශ‍්‍රීලාංකික තේ නොමිලේ බෙදාහැරීම, ආයුර්වේද සේවාවන්, ශ‍්‍රීලන්කන් ගුවන් සේවය හා ශ‍්‍රී ලංකාවේ සංචාරක පහසුකම් සපයනු ලබන ලාංකික සංචාරක ආයතන සමගින් සිදු කළ සංචාරක ප‍්‍රවර්ධන ආදී කටයුතු වල වටිනාකම අද ”සංචාරක බුබුළ” නියාමන ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී අපට හොඳින් අවබෝධ විය. ඊට අමතරව ප‍්‍රාන්ත හා නගර ප‍්‍රධානීන් සමගින් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම මෙන්ම අභ්‍යන්තර මාධ්‍ය ඔස්සේ ශ‍්‍රී ලංකාව ලබාගත් රාජ්‍ය පැසසුම් කිසිදු පුද්ගලික සමාගමකට කිසිසේත් ලබාගත නොහැකි බව සනාථ කර ඇත.

පසුගිය මාසයේදී තායිලන්තය එන්නත් දෙකම සම්පූර්ණ කළ සංචාරකයන් සඳහා ඡුයමනැඑ වෙරළ තිරයේ නිදහස භුක්ති විඳීමට අවසරය දුන්නේය.

2019 වර්ෂයේදී සංචාරකයන් මිලියන 39.92 ක් පැමිණි තායිලන්තය පසුගිය මාසයේදී රට විවෘත කිරීමෙන් පසු ඡුයමනැඑ දූපතට පැමිණ ඇත්තේ 14,055 වැනි සුළු පිරිසකි. එයින් පැහැදිලි වන්නේ සැබෑ සංචාරකයන් නිරෝධායනයෙන් තොරව නිදහසේ සංචාරය කළ හැකි රටවලට පමණක්ම සංචාරය සඳහා තෝරාගන්නා බවය. එසේ නම් අපටත් එන්නත් දෙකම සම්පූර්ණ කළ සැබෑ සංචාරකයන් ඉන්දියාවෙන් හෝ පැමිණීමට තිබෙන අවකාශය ඉතා අඩු බව අප තේරුම් ගත යුතුය.

එවන් පසුබිමක එන්නත් දෙකම ලබාගත් ඉන්දීය සංචාරකයන්ට ශ‍්‍රී ලංකාව විවෘත කර, රට අභ්‍යන්තරයේ නිදහසේ සංචාරය කිරීමට අවසරය ලබා දී ඇත. අද ලංකාව හරහා වෙනත් රටකට යෑමට අවශ්‍ය දින 14 හි නිරෝධායනය සඳහා පැමිණෙන ඉන්දියානුවන් එන්නත් දෙකක් නොව හතරක් වුණත් ලබාගෙන ඇති බවට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරන බවට කිසිදු සැකයක් නැත. ඉන් නොනැවතුණු බලධාරීන් කඩිමුඩියේ දින 180 කාලයකට වීසා නිකුත් කිරීම තීන්දු කරන්නේ සංචාරකයන් සඳහා ද නැතිනම් සීපා ගිවිසුම හරහා ඉන්දියාවට අවනත වීමක්ද කියා සොයාබැලිය යුතුය. එවැනි ශ‍්‍රමිකයන් සංචාරකයන් ලෙස ගෙන්වීමට තීරණ ගත් මෙම බලධාරීන්ම පසුකාලීනව ඉන්දියානුවන් නොව රුසියානුවන් මෙරටට ඩෙල්ටා, ගැමා, බීටා පතුරුවා ඇති බවට අවශ්‍ය දත්තයන් විපක්ෂයේ හර්ෂලාට නොඅඩුව සපයන බව රජයට නොපෙනීම අවාසනාවකි.

කාලයෙන් කාලයට ඉදිරිපත් කරන අද්භූත කථා වස්තුවන්හි තිරය පිටුපස සිටින හිටපු කළමනාකාර අධ්‍යක්ෂගේ ග‍්‍රහණය අසුවී සංචාරක ක්ෂේත‍්‍රය ඉදිරියේ නොයෙක් ජවනිකා රගපාන සංචාරක රැජිණි මෙම කාලයේදී ඵෂක්‍ෑ ඔදමරසිප ප‍්‍රවර්ධනය කළයුතු බවට පසුගිය දින තම වීඩියෝව හරහා රසවත් කර කියන කතා කාගේත් හිත්වල කුතුහලයක් ඇති කළේය. අද එම ජවනිකාව නරඹන මෙරට තරුණ පෙළ කල්පනා කරනුයේ පවුලේ නෑදෑ හිතවතුන් 50 කට සීමාකර හෝ තම මංගල්‍යය පැවැත්වීමට අවසර නොදෙන රටේ, අයිශ්වර්යා රායි ලා ඉන්දියාවේ සිට පැමිණ ලංකා දේශයේ මගුල් කන හැටි බලාසිටිය යුත්තේ කොරෝනා වසංගත ඉල්ලීමක් නිසාමද? ඒ බලධාරීන්ගේ ඵෂක්‍ෑ ඔදමරසිප ම`ගුල් කෙසේ වෙතත් අපට මතක් වෙන්නේ, බටහිර යුරෝපයේ සිටින විශ‍්‍රාමික ධනවතුන් දීර්ඝකාලීනව විවේක ගැනීමේ පදනම මත ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සූදානම් කරන බවට කළ අත්තනෝමතික පම්පෝරියයි. එසේ පොරොන්දු වූ පරිදි විශ‍්‍රාමික යුරෝපා සංචාරකයන් කී දෙනෙකු පසුගිය මාස 8 ක් තුළ ලංකාවට පැමිණ ඇති ද යන්න ඇසිය යුතුය.

සම්පූර්ණයෙන්ම පුද්ගලික අංශයඅ සතුව පවතින ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන බදු මුදල් ඔවුන්ට අවශ්‍ය ප‍්‍රවර්ධන කටයුතු සඳහා වියදම් කිරීමට රජය මැදිහත් වීමට වඩා සුදුසු වන්නේ එම සංචාරක ආයතන පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ දී සංචාරකයන් රැගෙන එන ප‍්‍රමාණයට සරිලන මුදලක් ආපසු ගෙවීමේ පදනම සුදුසු බවට පැහැදිලි උපදෙස් සංචාරක බලධාරීන් වෙත මුදල් අමාත්‍යවරයා දැනටමත් ලබා දී ඇත. එවැනි උපදෙස් ද පසෙකින් තබා මොවුන් සැරසෙන්නේ මුදල් ගසා කෑමට පහසු මාර්ග සොයා ගැනීම බව පැහැදිලිය. එසේ නමුත් මෙහිදී පෙනීයන්නේ සමහර බලධාරීන්ගේ අත්තනෝමතික ක‍්‍රියාවන් හේතුවෙන් රටෙහි ජනතාව තේරුම් ගන්නේ රජය අනවශ්‍ය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවටය. එවැනි හස්තයක් නිසා අත්‍යවශ්‍ය මොහොතේ රටට ගලා එන විදේශ විනිමය ආරක්ෂා කරගැනීම පමණක් නොව රටෙහි සංචාරක ක්ෂේත‍්‍රයේ නිරතව සිටින ලක්ෂ තිහකට ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම උදෙසා මෙහිදී වියදම් කිරීමට තිබෙන රුපියල් මිලියන 38,000 ක මහා ධනස්කන්ධයක් පිළිබඳ අවිනිශ්චිතභාවයක් ගොඩනැගීම නතර කර නොහැක.

කොවිඩ් තියෙද්දී සංචාරක ප්‍රවර්ධනයට කෝටි ගණක් වියදම් කරන්නේ ඇයි?

සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ සංචාරක ව්‍යාපාරයෙන් ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක ඉලක්කය සාර්ථක කර ගැනීමට ජනපතිවරයාගේ අධිෂ්ඨානය කෙසේ වෙතත්, දිනකට සංචාරකයන් 100 ක් හෝ ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති සංචාරක බලධාරීන්, අද රුපියල් මිලියන 38,000 ක මහජන බදු මුදල් නාස්තියකට සැලසුම් කරමින් සිටියි. කොවිඞ් වසංගතයට මුවා වී තම නොහැකියාව වසාගෙන තමන් දක්ෂ යැයි මාධ්‍ය ඉදිරියේ ර`ගපාන මෙවන් නිලධාරීන් රජ කරන තෙක්, ඩොලර් බිලියන 10 ක් කෙසේ වෙතත් එදා රටට ලැබුණු ඩොලර් බිලියන 4.4 ක ආදායම හෝ රැකගැනීමට බුද්ධිමත්ව කටයුතු කිරීමට රජයට කාලය උදාවී ඇත.

උදයංග වීරතුංග
රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති

advertistmentadvertistment
advertistmentadvertistment