කොවිඩ් නිසා ඉන්දියාවට ඩිජිටල් ආර්ථිකයෙන් ඩොලර් ට්‍රිලියනයක්

363

ගෝලීය කොවිඩ් වසංගතයත් සමග ඇතිවූ සංචරණ සීමා නිසා ඉන්දීය ශුද්‍ර මූල්‍ය,කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියන 65ක් ඉතා වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත යොමු වීම නිසා ඉන්දීය ඩිජිටල් ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් එකතු වූ බව එරට වානිජ ඇමැති පියුෂ් ගොයේල් මහතා පවසයි.තිරසාර ආර්ථික වර්ධනයක් නැමැති සමුළුවේ සමාරම්භක සැසියට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. කොවිඩ් වසංගතයේ පළමු රැල්ල හමුවේ ලෝකය සමග ගනුදෙනු කිරීමේ බාධා මතුවුවද දෙවැනි රැල්ල හමුවේ කටයුතු කරන ආකාරය නිවැරදිව හදූනාගත් බැවින් මෙලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකිවූ බව පැවසූ ඇමැතිවරයා මෙය මේ ශතවර්ෂයේ ඇතිවූ කාරුණික ගෝලීය වසංගතය ලෙස තමන් සිතන බවත් කීවේය.ඒ අනුව ලබන වසරේ දී ඉන්දීය ජනතාවගේ අමතර ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියනයක් නිපදවන බවත් වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය පහසුකම් රටවල් 150 අධික සංඛ්‍යාවකට සැපයීමට ඉදිරිපත් වන බව ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment