කොවිඩ් වසංගතය මැද බස්නාහිර ළමයි පාසල් ආවේ දින 9 යි

328

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ සියලූම පාසල් දරුවන් මේ වසරේ පාසල් පැමිණ අධ්‍යාපනය ලබා ඇත්තේ දින 09 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා වී ඇත.
 
 එම කාලය මාර්තු 29 සිට අපේ‍්‍රල් 09 දක්වා පමණක් යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (15 දා* පැවැසීය. අනෙකුත් පළාත්වල සියලූ දරුවන් ජනවාරි 11 වැනිදා සිට අපේ‍්‍රල් 9 දක්වාත්, අපේ‍්‍රල් 19 සිට අපේ‍්‍රල් 23 දක්වාත් පාසල් පැමිණ ඇති බව වාර්තාවී ඇතැයිද ලේකම්වරයා කීය.
 
 නැවත පාසල් ආරම්භ කිරීමට පෙර ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා එන්නත් 279,000 ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ සේවක පිරිස සඳහා එන්නත් 2000 ක් ලබාදීමට අනුමැතිය ලබාගෙන ඇතැයිද ලේකම්වරයා පැවැසීය.
 
 දිවයින පුරා පාසල්වල එක් පන්තියක 325,000 ක් පමණ සිසුන් සිටින බවට ගණනය වන බවත් සිසුන්ට එන්නත් ලබාදෙනවා නම් උසස් පෙළ සඳහා පෙනී සිටින 202,000 ක සිසුන්ට එන්නත් ලබාදීමේදී ප‍්‍රමුඛතාව ලබාදිය යුතු බව සෞඛ්‍ය අංශ සමග පැවැති සාකච්ඡුාවලදී දැනුවත් කළ බවත් අධ්‍යාපන ලේකම්වරයා කීය.
 
 සිසුන්ට පාසල්වලට පැමිණ අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වුවත් ඔන්ලයින් ඔස්සේ පාසල් මට්ටමින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කර තිබෙන බවද එහි ප‍්‍රගතිය පිළිබඳව පළාත් මට්ටමින් තොරතුරු ලබා ගනිමින් සිටින බවද ලේකම්වරයා කීය.
 
 මේ වන විට දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය ලැබීමට සංඥා (සිග්නල්* නොමැති ප‍්‍රදේශ පෞද්ගලිකව සොයා බලා ඊට පිළියම් යෙදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී ක‍්‍රමවේදයක් සකස් කර කි‍්‍රයාවට නංවා ඇතැයිද ලේකම්වරයා අවධාරණය කළේය. ඕනෑම දුරකථන සේවාවක් මගින් රුපියල් 100 ක් ගෙවා ගිගා බයිට් 30 ක අන්තර්ජාල පහසුකම් සිසුන්ට ලබාගත හැකි ආකාරයට සාකච්ඡුා කරමින් සිටින බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment