කොවිඩ්- 19-තාවකාලික විධිවිධාන පනත බලාත්මක වෙයි

98

2019 කොරෝනා වෛරස් රෝගය -කොවිඩ්- 19-තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත කථානායක මහින්ද යාපා මහතා විසින් සහතික කර තිබේ.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය.

කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණ වේ.

මේ අනුව කොවිඩ්- 19-තාවකාලික විධිවිධාන පනත පසුගිය 23 වැනිදා සිට බලාත්මකය.

advertistmentadvertistment
advertistmentadvertistment