කොස්තාපල් ශ්‍යාමන්ට ඇගැයුම්!

237

බිංගිරියේදී පුපුරන ද්‍රව්‍ය අඩංගු ලොරිය ඇතුළු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මුල් වූ පොලිස් කොස්තාපල් ශ්‍යාමන් ප්‍රභාත් අප්පුහාමි නමැති පොලිස් කොස්තාපල්වරයාගේ සේවය ඇගැයීමට මෙන්ම ඔහුට දිරි දීමනාවක් ලබාදීමට දැඩි අවධානය යොමු කළ බව කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය.

මේ හැර එම ලොරිය අත්අඩංගුවට ගැනීමට මෙම පොලිස් කොස්තාපල්වරයාට සහය දුන් සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාගේ සේවය ද පොලිස් අධිකාරිවරයා පැසසුමට ලක්කර ඇත.

පොලිසියේ අතළොස්සක් සිය රාජකාරි නිසි ලෙස ඉටුනොකරන බවට චෝදනා එල්ල වන මොහොතක බිංගිරිය පොලිසියේ පොලිස් නිලධාරීන් හතරදෙනා පොලිස් සේවයට කීර්තියක් බව ද හෙතෙම පැවසීය.
නෝමන් පලිහවඩන


advertistmentadvertistment