කොස් ගෙඩියට මිනී මරයි

406

අල්ලපු වත්තට ගියේ  ගැබිනි බිරිඳගේ සහ දරු දෙදෙනාගේ කුසගිනි නිවන්නයි

ගැබිනි බිරිඳගේ සහ දරු දෙදෙනාගේ කුසගිනි නිවීමට කොස්ගෙඩියක් කැඞීමට අල්ලපු වත්තට ගිය දෙදරු පියෙකුට එම ඉඩමේ හිමිකරු විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය, පිටුවල පදිංචි ශෙහාන් ලසන්ත (34) නමැති දෙදරු පියෙකි.

මියගිය අය සිය බිරිඳ සමඟ ඊයේ (23 දා) කොස්  ගෙඩියක් කැඞීම සඳහා පදිංචි නිවසට යාබද ඉඩමට ගොස් කොස් ගෙඩියක් කඩන අතරතුර එම ස්ථානයට පැමිණි අදාළ සැකකරු ඔවුන් සමඟ බහින්බස්වී අනතුරුව මෙසේ පිහියෙන් ඇන පලාගොස් ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දෙදරු පියා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධියෙන් පසු ප‍්‍රදේශයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චාමර සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් ඒ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ඇල්පිටිය – විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment