කොළඹින් ඩයගම ගිය පොලිසිය මව – පියා හා තැරැව්කරුවන් ගෙන් පැය 10 ක් ප‍්‍රශ්න කරයි

958

හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන් මහතාගේ කොළඹ, බොරැුල්ල පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී ගිනි ගැනීමකින් ජීවිතක්ෂයට පත් ජේ. ඉෂාලිනි දැරිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට කොළඹින් ඊයේ  (21 දා) ඩයගමට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් දැරියගේ මව, පියා, සහෝදරයා සහ ඇය රිෂාඞ් බදුයුදීන් මහතාගේ නිවසට රැගෙන ගිය එම වතුයායේ පදිංචි තැරැව්කරුවාගෙන් ද පැය 10 ක් තිස්සේ ප‍්‍රකාශ ලබා ගෙන ඇත.

daraiya222

ඉෂාලිනි දැරිය පදිංචිව සිටි ඩයගම බටහිර කොටසේ නිවසට ඊයේ උදෑසන 7.30 ට පමණ පැමිණි මෙම විශේෂ පොලිස් කණ්ඩායම අදාළ ප‍්‍රශ්න කිරීම සිදු කළහ.

 විශේෂ පොලිස් කණ්ඩායමට අමතරව නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ ඩයගම පොලිසිය ද මේ වන විට ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 පොලිස් කණ්ඩායමක් ඩයගමට පැමිණ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අයුරු.


 නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment