කොළඹ කොටස් වෙළෙඳපොළ 11 වැනි දිනටත් අඛණ්ඩ වර්ධනයක්  

43

පසුබෑමට ලක්ව තිබූ කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය දිනවල අඛණ්ඩව වර්ධනය වෙමින් ඊයේ (12දා) දිනයේදී ඒකක 321.31ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය.

මේ අනුව ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 9027.48 දක්වා වර්ධනය විය.

පසුගිය මාර්තු 31 දිනෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඒකක 9000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ඊයේ දිනයේදී ද රු. බිලියන 6.33ක විශාල ගනුදෙනු පිරිවැටුපක් වාර්තා කිරීමද විශේෂත්වයකි. එයට වැඩිම දායකත්වය ලංකා අයි.ඕ.සී සමාගමෙන් ලැබී ඇති බවද වාර්තා වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ ඉහළ ගියේ අඛණ්ඩව 11 වැනි දිනටය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment