කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල මෙවරත්

134

මේක මම ගත්තු තකතීරු තීරණයක් – නාට්‍යවේදී එම්. සෆීර්

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල 2019 වසරින් පසුව 2020, 2021, 2022 යන වසර තුනේම පවත්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකට බලපෑ ප්‍රධානම කාරණාව තමයි කොරෝනා වසංගතය වගේම ලංකාවේ පැවැති ආර්ථික අර්බුදය. එතකොට අපි මේ රංගකලා උළෙල අවුරුදු අටක් එක දිගට කරලා අවුරුදු තුනක කාලයක් විරාමයක් අරගෙන තමයි නැවත මෙය ආරම්භ කරන්න හදන්නේ. එළැඹෙන ආගෝස්තු මාසයේ 25 සිට 30 දක්වා කාලය තුළදී මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී තමයි මෙය පවත්වන්නේ. මෙවර උළෙල අපි මොනෝ ඩ්‍රාමා අංශයෙන් තමයි පවත්වන්නේ. ශ්‍රී ලංකාවේ නාට්‍ය පහකුත් ජාත්‍යන්තර නාට්‍ය දහතුනකුත් තිරගත කරනවා. ජාත්‍යන්තර වශයෙන් මෙම උළෙලට ඉන්දියාව, බංග්ලාදේශය, ටියුනීසියාව, ස්පාඤ්ඤය, පෝලන්තය වගේම යුක්රේනයත් සහභාගි වෙනවා. මෙම උළෙලේ වැඩමුළු ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනය ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදීත් ආරම්භ වෙනවා. මේක ඇත්තටම දැවැන්ත වැඩක්.

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල මෙවරත්

ජාත්‍යන්තරයේ දී පවා ඇගයීමට ලක්වූ Inter Act Art ආයතනයේ අධ්‍යක්ෂ නාට්‍යවේදී එම්. සෆීර් දිවයින සිනමා කලා වෙත එලෙස අදහස් දැක්වූයේ නුදුරු අනාගතයේ දීම පවත්වන කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල පිළිබඳවය. සැබැවින්ම මෙය දැවැන්ත උළෙලකි. ඉතින් දිවයින සිනමා කලා වෙත මේ ගැන ඔහුට කියන්න දැවැන්ත අදහස්, යෝජනා, උදහස් වගේම හිත් රිදීම් ඕනෑ තරම් ඇත. මෙතැනින් පසු දිග හැරෙන්නේ ඒ කතාවය.

“සරලව කවුරුහරි මගෙන් ඇහැව්වොත් ඇයි මේ වගේ ෆෙස්ටිවල් එකක් කරන්නේ කියලා මම ඒකට නාට්‍යකරුවෙක් විදිහට දෙන උත්තයර තමයි”

නාට්‍යකරුවෙක් විදිහට මම 2005 වසරේ ඉඳලා ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නකොට හැම නාට්‍යකරුවෙක්ම මගෙන් ඇහැව්වේ උඹලාගේ රටේ තියටර් ෆෙස්ටිවල් කීයක් තියෙනවාද? කියලයි. හැබැයි එතකොට අපිට කියන්න එකක්වත් නැහැ. ඔය හැමෝම මගෙන් අහන වාරයක් පසා ම මම කල්පනා කළේ ඇයි අපිට තියටර් ෆෙස්ටිවල් එකක් නැත්තේ කියලයි සහ කරන්න බැරි කියලයි. ඔන්න ඔය පසුබිම් එක්ක තමයි හරියන්න හෝ වරදින්න තියටර් ෆෙස්ටිවල් එකක් කරමු කියන තැනට ආවේ. මම අවුරුදු දහයකට පස්සේ තමයි, ඒ කතා කියන්නේ. මේක මම ගත්තු හරිම මෝඩ තකතීරු තීරණයක්.

කවුරු හරි ඇහැව්වොත් ඇයි එහෙම කියන්නේ කියලත් ඒකට දෙන්න මට උත්තරයක් තියෙනවා. මොකද කිසිම අත්දැකීමක් නැතිව පටන් ගත්තු එක තමයි කරපු ලොකුම වැරැද්ද. ඇත්තට ම මම ඒක හරිම සරල වැඩක් විදිහටයි ගත්තේ. වැඩේ කොච්චර සංකීර්ණ ද කියන එක දැනගත්තේ වැඩේ යනකොටයි. වෙන රටක ජාතිකයන් පිරිසක් එක තැනකට ගෙනැල්ලා මෙහෙම උළෙලක් කරන්න තරම් මට තියෙන බලය මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්. ඒවා තේරෙන්නේ පළමුවැනි ෆෙස්ටිවල් එක කරලා ඉවර වුණාට පස්සේ. මොනවා කරන්නත් දැන් මේ වැඩේ කරන්න එපායැ.

මෙවර අපිට එනවා යුක්රේන කණ්ඩායමක්. මම කැමැතියි තියටර් අධ්‍යක්ෂවරයෙක් විදිහට යුක්රේනයේ මොකද වෙන්නේ කියලා දැනගන්න. මොකද අපිටත් යුද්ධයක් තිබුණ රටක් තිබුණා. එතකොට යුද්ධ කාලයේ අපිට තිබුණ බාධක ටික අපි දන්නවා දැන් මම කැමැතියි යුකරේනයට මොකද වෙලා තියෙන්නේ කියලා දැන ගන්න.

රොමේනියාවෙන් කණ්ඩායමක් එනවා. එතකොට මම කැමැතියි රොමේනියානු නාට්‍ය කලාව ගැන දැන ගන්න. මෙවර ස්පාඤ්ඤයෙන්, පෝලන්තයෙන් නාට්‍යයක් එනවා. එතකොට මම කැමැතියි ඒ ඒ රටවල නාට්‍ය කලාවට මොනවද වෙන්නේ කියලා දැන ගන්න.

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල මෙවරත්

මේ අවුරුද්දේ Festival එකේ ප්‍රධාන වෙනස්කම් දෙකක් සිද්ධ වෙනවා. මෙවර අපි කරන්නේ මොෆෝ ඩ්‍රාමා කම්පිටිෂන් එකක්. මෙවර තව අපි International Awards එකකට ෆෙස්ටිවල් එක convert කරලා තිබෙනවා. category දෙකක් තිබෙනවා. එකක් International. අනෙක් එක Local category එක. මෙවර ඒ කාණ්ඩ දෙකට ම සම්මාන දෙනවා. විදෙස් රටවල් හතක් සහභාගි වෙනවා. නාට්‍ය අටක් එනවා. ඉන්දියාවෙන් නාට්‍ය දෙකක් එනවා. ඉන්දියාවෙන් නාට්‍ය දෙකක් එන්න හේතුව තමයි මෙම උළෙලට වැඩි ම ඇයැදුම්පත් ප්‍රමාණයක් අපිට ලැබෙන්නේ ඉන්දියාවෙන්. අනෙක් ලොකුම වෙනස්කම තමයි මෙහි සම්මාන උළෙලක් අපි 30 වැනදා පවත්වනවා.

ජාත්‍යන්තර අංශයේ තරගාවලියට විනිසුරුවන් හැටියට ප්‍රසාද් වනරාසි, සිසී, මර්සීන් කියන තුන්දෙනා සහභාග වෙනවා. ලංකාවේ තරගාවලියට ටික්ටික්, ටයරය, ඊකුවල් ෆීලින්ස්, ඉන්වෙන්ෂන්, අසඩක්ට වෙඩි තියනු කියන නාට්‍ය පහ ඉදිරිපත් වෙනවා.

මගේ දැනීම අනුව අපේ ලංකාවේ නාට්‍යකාරයෝ තරම් කුහක ජාතියක් තව කොහේවත් නැහැ. මම ඒකට හොඳම උදාහරණයක් කියන්නද?

ගිය අවුරුද්දේ අපි තමයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊජිප්තුවේ සම්මානයක් අරගෙන ආවේ. World Best Play කියලා අධ්‍යක්ෂණය සුජීව පතිරගේ ගේ. මම ඒකේ ප්‍රඩක්ෂන් ඩිසයිනර්. එතකොට ලංකා ඉතිහාසයට සම්මානයක් අරගෙන ඇවිත් තියෙනවා නම් නාට්‍ය පැත්තෙන් අපි ගෙනාපු එක තමයි දැනට තියෙන ලොකුම එක. විශ්වාස කරනවා ද? අවුරුදු දෙකක් ගතවෙලත් ඒ දිනපු සම්මානය ගැන කතා කරන්න කිසිම විශ්වවිද්‍යාලයක් කිසිම නාට්‍ය කණ්ඩායමක් හෝ කිසිම නාට්‍යකරුවෝ දසදෙනෙක් අදටත් එකතු වුණේ නැහැ. ලෝකයේ වෙන රටවල මොකද වෙන්නේ සංස්කෘතික අමාත්‍යාංශයෙන්වත් අපිට කතා කරලා සතුට ප්‍රකාශ කළේ නැහැ.

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල මෙවරත්

ලංකාව ඇතුළේ ඔලිම්පික් නියෝජනය කරලා එන අයට ගෙවල් දෙනවා. ඔවුන්ගේ පුහුණුකරුවන්ට මිලියන ගණන් සල්ලි දෙනවා. එතකොට මම අහන්නේ මොවුන්ට වඩා පල්ලෙහා දෙයක් ද මම මේ රටට කරලා තියෙන්නේ. ඉන්ටර්නැෂනල් තියටර් ෆෙස්ටිවල් එකක් කරපු එක ඔලිම්පික්, ඒෂියන් ගේම් තරම් වටිනාකමක් නැතිද? ඒක ද අපිට උදව් කරන්නේ නැත්තේ.

ජෝර්ජියාවේ, අසර්බයිජානයේ නාට්‍ය මරදානට ගෙනැල්ලා රුපියල් 1000කට හෝ 1500කට පෙන්වන කොට නොබලනවා නම් ඒකම කුහකකම හැර වෙන වචනයක් මට නැහැ. ජෝර්ජියාව ගිහිල්ලා නාට්‍යයක් බලන්න හැකියාවක් කෙනෙකුට තියෙනවාද? සමස්ත ලංකාවෙන් සියයට පහකට ඒ හැකියාව තියෙන්න පුළුවන්. මම මේ ට්‍රයි කරනවා විජය රජ්ජුරුවන්ගේ ඉඳලා නාට්‍ය උළෙලක් තිබ්බ නැති රටේ තනියෙන් නාට්‍ය උළෙලක් පවත්වාගෙන යන්න මට උදව් කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස හරි සීමිතයි. මට මේ උළෙලට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස හරි සීමිතයි. මම මේ රට වෙනුවෙන් කරන දේට කෙහෙන් හෝ මම බලාපොරොත්තු වෙන සහයෝගය නොලැබීම තමයි මේක ඇතුළේ තියෙන අවාසනාව. මේ අවාසනාව කියන එකේ පාඩුව එන්නේ මට නෙමෙයි මේ රටේ මිනිසුන්ට ප්‍රේක්ෂකයන්ට සහ අනාගත නාට්‍යකරුවන්ට.

● දිනේෂ් විතාන

කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල මෙවරත්

advertistmentadvertistment
advertistmentadvertistment