කොළඹ ජාතික සුපර් ලීග් තරඟාවලියෙන් ඉවතට

141

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පස්වැනි සහ අවසන් සති අන්තය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල සහ කොළඹ කණ්ඩායම අතර තරඟයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වූවේය.

මෙම තරගයේ ජයග්‍රහණය මත තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යන්නේ කවුරුන්ද යන්න තීරණය වීමට නියමිතව තිබූ අතර එහිදී පළමු ඉනිමේ ජයක් වාර්තා කළ දඹුල්ල කණ්ඩායම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ගාල්ල, දෙවැනි ස්ථානයේ පසුවන දඹුල්ල, තෙවැනි ස්ථානයේ පසුවන යාපනය සහ සිව්වැනි ස්ථානයේ පසුවන මහනුවර කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබද්දී කොළඹ කණ්ඩායම පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනු ඇත.

මිනෝද් භානුක නොදැවී ලකුණු 186 ක් වාර්තා කිරීමට සමත්වීම නිසා දඹුල්ල දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 401 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අවස්ථාව උදාවිය. දඹුල්ල දෙවැනි ඉනිම හමාර වන විටත් සිය අන්තය ආරක්ෂා කරගෙන සිටි මිනෝද් භානුක පන්දු 216 කට මුහුණ දී සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 19 කින් වර්ණවත් කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී දුශාන් විමුක්ති ලකුණු 121 කට කඩුලු 5 ක් බිඳ හෙළද්දී තරිදු රත්නායක ලකුණු 111 කට කඩුලු තුනක් දවාලූවේය.

ලකුණු 485 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායමට තරගය අවසන් වන විට කඩුලු 3 ක් දැවී රැස්කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 110 ක් පමණි. තරගය නිමා කරන විට ප්‍රමෝද් මදුවන්ත පන්දු 81 කදී ලකුණු 53 ක් සහ රොෂේන් සිල්වා එක් ලකුණක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

දඹුල්ල – පළමු ඉනිමට ලකුණු 341යි (ඕවර් 105) – නිමේෂ් ගුණසිංහ 19, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සනෝජ් දර්ශික 43, මිනෝද් භානුක 73, අශාන් ප්‍රියංජන නොදැවී 114, චමිඳු විජේසිංහ 27, රනිත් ලියනාරච්චි නොදැවී 23 ( හිමේෂ් රාමනායක 76/4, නුවන් ප්‍රදීප් 67/2, දුෂාන් විමුක්ති 72/2, තරිදු රත්නායක 60/1)

කළම්බු පළමු ඉනිමට ලකුණු 257යි (ඕවර් 85.2)- ක්‍රිෂාන් සංජුල 57, නවින්දු නිර්මාල් 46, රොෂේන් සිල්වා නොදැවී 65, ලක්ෂිත මනසිංහ 20, ප්‍රමෝද් මධුවන්ත 24, තරිදු රත්නායක 23 ( ළහිරු සමරකෝන් 63/6, වනිදු හසරංග 70/2, දෙවිදු තිලකරත්න 37/1, අශාන් ප්‍රියංජන 23/1)

දඹුල්ල – දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 401 යි (ඕවර් 101.5) – නිමේෂ් ගුණසිංහ 17, සනෝජ් දර්ශික 29, මිනෝද් භානුක නොදැවී 186, අශාන් ප්‍රියංජන 32, වනිදු හසරංග 40, චමිඳු විජේසිංහ 38, දුවිඳු තිලකරත්න 27, දුෂාන් විමුක්ති 121/5, තරිදු රත්නායක 22.5/3)

කලම්බු – දෙවැනි ඉනිම කඩුලු 3 ට ලකුණු 50 යි (ඕවර් 32) – (ප්‍රමෝද් මධුවන්ත 53, නවිදු නිර්මාල් 30, කුසල් ජනිත් 24)

advertistmentadvertistment
advertistmentadvertistment