කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 9 කින් සමන්විත ගොඩනැඟිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානිකළ බව කියන පුද්ගලයන් 23 දෙනෙකු ඊයේ (4 දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය.
මෙම ගොඩනැඟිල්ල නඩු හබ ඇති ගොඩනැඟිල්ලක් බව ද අත්අඩංගුවට ගත් පිරිස කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය, දෙමටගොඩ යනාදී ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව ද ඒ මහතා කීය.
එම ගොඩනැඟිල්ලේ ආරක්‍ෂක නිලධාරීන්ට ද තර්ජනය කරමින් සැකකරුවන් එහි ඇතුළු වී ඇති අතර එම ගොඩනැඟිල්ලේ දේපළවලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.
මේ පිළිබඳව කොම්පක්‍ඳ්ක්‍ඳ වීදිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන අතර කඩාවැදුණු පිරිස එම ගොඩනැඟිල්ල බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට තැත් කර ඇතිද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා