කොළඹ නාට්‍ය ගමට ගෙනියන්න වටපිටාව හදල දෙන්න…

107

යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නළුවාගේ ඉල්ලීම

 අද රංගවේදියෙක්
 කතාබහ-  ඉෂාන් කුලතිලක

 * පාසල් කාලය

 මගේ ගම පල්ලෙබැද්ද. පාසල් ගියේ පල්ලෙබැද්ද මහා විද්‍යාලයට. කාලයත් එක්ක මට වේදිකා නාට්‍ය ගැන ආසාවක් ඇතිවෙනව. නමුත් ඒ සඳහා පහසුකම් මේ පාසලේ තිබුණෙ නැහැ. ඒ නිසාම මම රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලයට ඇතුළත් වෙනව. එතන ඉඳන් පාසල් නාට්‍ය තරඟ රැුසකට දිස්ත‍්‍රික්” පළාත් සහ ජාතික මට්ටමේ තර`ගවලටත් ටවර්හෝල් සහ අධ්‍යාපන අමාත්‍යංශය මගින් පැවැත්වූ තරඟවලටත් සහභාගී

 වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඒ බොහෝ අවස්ථාවන් වලදී හොඳම නළුවා සම්මානය දිනාගන්නත් මට අවස්ථාව ලැබිල තියෙනවා.

 * කට්ට කෑම

 මම කොළඹ එන්නෙ බලාපොරොත්තු ගොඩක් එක්ක. නමුත් අපි බලාපොරොත්තු වන දේ අපිට කවදාවත් ඉහළින්ම ලැබෙන්නෙ නැහැ. මුලින්ම මට ලැබුණෙ පෝස්ටර් අලවන්න. නළුනිළියන්ට වතුර අදින්න. අවුරුදු ගාණක් මේ කට්ට කෑවා. ගෙදරින් ඈත් වුණා. මගේ අරමුණ වුණ අධ්‍යක්‍ෂණය සහ රංගනය ගැන බලාපොරොත්තු නැති වුණේ නැහැ. අදටත් බොහෝ දෙනෙක් මගේ රංගන කුසලතාව ගැන දන්නෙ නැහැ. ඔවුන් මාව හඳුනන්නෙ අධ්‍යක්‍ෂවරයෙක්” පිටපත් රචකයෙක්” ආලෝකකරණ ශිල්පියෙක් සහ වේදිකා පරිපාලන ශිල්පියෙක් හැටියට. අදටත් මගේ අම්මයි තාත්තයි මගේ හීන වෙනුවෙන් කැපවෙලා විශාල ණය බරක ඉන්නෙ.

 * ප‍්‍රසිද්ධ වේදිකාවට

 මම ප‍්‍රසිද්ධ වේදිකාවට එන්නෙ 2016 වර්ෂයේ. ඒ නිලංක නාමල් මහත්මයාගේ අධ්‍යක්‍ෂණයක් වන ‘ඔරෙස් ටෙ‍්‍රස්. නමැති ග‍්‍රීක නාට්‍යය හරහා. ඉන් පසුව ලූෂන් බුලත්සිංහල මහත්මයාගේ ‘වෙස්මූණ ගලවන්න. නාට්‍යයටත් ප‍්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න අවස්ථාව උදාවුණා.

 * පියවරක් දිරියට

 පාසල් කාලයෙන් පස්සෙ මම රත්නපුර පාරින්ද්‍යා සෞන්දර්ය කලායතනයට සම්බන්ධ වෙනව. එතනදි ප‍්‍රවීණයන් සහ තරුණ නාට්‍යකරුවන් රැුසක් හඳුනාගන්න ලැබෙනව. ඒ අතරින් ප‍්‍රවීණ නාට්‍ය ශිල්පිණියක් වන ජීවන්ති පෙරේරා මහත්මිය හරහා මට එම්. සෆීර් මහත්මයාව හඳුනාගන්න ලැබෙනව.

 එතුමාගේ මාර්ගයෙන් මම ලෝක නාට්‍යකරුවන් හඳුනාගන්නව. මේ හඳුනාගැනීමත් එක්ක ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර නාට්‍ය උළෙලට සම්බන්ධ වෙමින් විවිධ රටවල සංචාරය කරන්න මට අවස්ථාව ලැබෙනව.

 * යූරෝපීය නාට්‍යයක් සමග

 මේ සංචාරයන් එක්ක මම නාට්‍ය අධ්‍යක්‍ෂණය ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබෙනව. එහි වැඩකටයුතු තවම අවසන් වෙලා නැහැ. එහිදී යුරෝපීය නාට්‍යයක වේදිකා කළමණාකරු හැටියට කටයුතු කරන්න මට අවස්ථාව ලැබෙනව. මේ නාට්‍ය නම් කළේ ීඅසබට දඑ ඛදඩැ යනුවෙන්. මෙහි ඉංග‍්‍රීසි පිටපතට අනුව රංගනයෙන් එකතු වුණේ ජූලියා පිලිප් ඕ. සිංහල පරිවර්තනය වූ ආදරයේ ඔන්චිල්ලා හි රඟපෑවේ රෙබෙකා දිල්රුක්‍ෂි. මේ නාට්‍යයේ විශේෂත්වය වෙන්නෙ ශ‍්‍රී ලංකාව තුළ ඒකපාත‍්‍රික රංගන ශිල්පිණියක් විසින් කළ පළමු දිගු නාට්‍ය වීම. මංජුල වෙඩිවර්ධන මහත්මයාගේ පිටපතක් වන මෙම නාට්‍ය අධ්‍යක්‍ෂණය කළේ එම්. සෆීර් මහත්මයා විසින්.

කොළඹ නාට්‍ය ගමට ගෙනියන්න වටපිටාව හදල දෙන්න...



 * මගෙන් වැඩක්
 ීඅසබට දඑ ඛදඩැ නාට්‍යයෙන් පස්සෙ ඔයැ ිපැකක නාට්‍ය මගේ අධ්‍යක්‍ෂණයෙන් වේදිකාවට පිවිසෙනව. මේක පර්යේෂණාත්මක නාට්‍යයක්. රාජ්‍ය නාට්‍ය උළෙලේදී” වේදිකාවෙන් මහපොලොවට නාට්‍ය උළෙලේදී වගේම යොවුන් නාට්‍ය උළෙලේදීත් සම්මානයට පාත‍්‍ර වුණ මේ නාට්‍යයට රංගනයෙන් එකතු වුණේ ජීවන්ති පෙරේරා සහ කසුන් ලියනගේ.

 මීට අමතරව ශදම ්බා පැ සහ ක්‍්එ ්බා රෙැා් යන ජර්මන් පරිවර්තන නාට්‍ය දෙකත් මා විසින් අධ්‍යක්‍ෂණය කළා.

 * අලූත් වැඩක්

 කොරෝනා නිසා නාට්‍යකරුවන් බොහෝ දෙනෙක් එකතැනකට කොටු වුණා. නමුත් අපිට හැමදාම එහෙම ඉන්න බැහැ. ඒ නිසාම තරුණ නාට්‍යකරුවන් විසින් පළමු වතාවට ටෙලි නාට්‍ය උපකරණ යොදාගෙන සිදුකළ වැඩක් විදිහට මගේ අධ්‍යක්‍ෂණයෙන් ‘ලේඞීස් ඔන්ලි. නමින් යූටියුබ් කතා මාලාවක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. එහි තේමා ගීතය මේ මාසයේ 15 20 අතරදී එළිදක්වන්න කටයුතු යොදා තියෙනවා. සති දෙකකට වරක් කොටස බැගින් විකාශනය වන මෙම කතා මාලාව ලබන ජනවාරි මස දෙවැනි සතියේ සිට විකාශනය කරන්න සූදානමින් ඉන්නවා. මේ සඳහා අනුග‍්‍රාහකයන් හැටියට අපිත් එක්ක එකු වෙන්න පුළුවන් කෙනෙක් හෝ පිරිසක් ඉන්නවානම් ඒක අපිට ලොකු හයියක්.

 * සම්මානයක අභිමානය

 යොවුන් නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයෙන් මම රංගනයෙන් දායක වුණ මුල්ම නාට්‍ය වුණේ ‘ඵසිිසබට.. මේ නාට්‍යයට තමයි මෙවර සම්මාන උළෙලේ ඉහළම අගැයීම වන හොඳම නළුවා සම්මානය මට ලැබෙන්නෙ. ඇත්තටම ලොකු සතුටක් දැනෙනව. මම මගේ සියලූම වැඩකටයුතු අතපසුකරගෙන මේ නාට්‍ය වෙනුවෙන් කැප වුණා. ඒ කැපවීමේ ප‍්‍රතිපලය අද මම භුක්තිවිඳිනවා.

 * සම්මාන” දේශපාලකයා සහ කලාකරුවා

 කලාකරුවන් වශයෙන් අපි කරන දේට අපි ආදරෙයි. ඒක ඕනෑම රැුකියාවක නියැළෙන කෙනකුට අදාළයි. ඒ වගේම අපි කරණ රැුකියාව අනුව අපේ හදවතේ ඉහළ තැනක ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. ඔවුන් තමයි අපේ ප‍්‍රවීණයෝ. අපි ලබන අගැයීම ඔවුන් අතින් ලබාගන්න එක ඒ වටිනාකමේ අගය දෙගුණ තෙගුණ වෙන්න බලපානවා. දේශපාලකයන් රටේ ඉහළම තැනක ඉන්නවා. නමුත් කලාකරුවන්ට පක්‍ෂපාතී වෙන්න බැහැ. අපිට ඉන්නේ පේ‍්‍රක්‍ෂකයන්. දේශපාලකයන්ට ඉන්නේ පාක්‍ෂිකයන්. කලාකරුවන්ට තම නිර්මාණයකින් දේශපාලන මතය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මොනම වෙලාවකදිවත් වේදිකාව මත දේශපාලකයාගේ

 මතය ඉදිරිපත් කරන්න බැහැ. මෙන්න මේ හේතුකාරණා නිසා තමයි කලාකරුවන් දේශපාලකයන් අතින් අගැයීම් ලබාගැනීම ප‍්‍රතික්‍ෂේප කරන්නෙ. එතනදි යම් කිසි කෙනෙක් මේක දේශපාලන ගැටුමක් හැටියට දකිනව නම් ඒක ඉතාම වැරදියි.

 * කනස්සල්ල

 සමහර අවස්ථාවන් වලදි ප‍්‍රවීණයන් සහ නවකයන් අතර සහ සම්බන්ධයක් නැහැ කියල කියනව අපි අහල තියෙනව. මේ දේ වෙන්නෙ කොතනින්ද කියන එක අපි සොයාබැලිය යුතුයි. ලංකාවේ පැවැත්වෙන ප‍්‍රධාන නාට්‍ය සම්මාන උළෙල තුනටම බොහෝ වෙලාවට ප‍්‍රවීණයන්ට ආරාධනා කරන්නෙ නැහැ. තරුණ නාට්‍යකරුවන් හැටියට අපි මේ ගැන බොහොම කනගාටු වෙනවා. ඔවුන් අතර එකමුතුවක්

 ගොඩනැගෙන්න නම් ප‍්‍රවීණයන් සහ නවකයන් එකට එකතු විය යුතුයි. අපේ රටේ හොඳ නිර්මාණ බිහි නොවන්නට ප‍්‍රධාන හේතුවක් වෙලාතියෙන්නෙත් මේ දුරස්බවයි.

 * රාජ්‍ය අනුග‍්‍රහය

 නාට්‍ය උළෙල සඳහා රජයෙන් ලොකු අනුග‍්‍රහයක් දක්වනවා. නමුත් ඉන් එහාට යමක් කරන්න පුළුවන් කියන දේ අපි දකිනව. 90 දශකයේ රාජ්‍ය නාට්‍ය උළෙලෙ හොඳම නාට්‍ය වගේම තමයි අද බිහිවෙන නාට්‍යයත්. ලොකු වෙනසක් සිදුවෙලා නැහැ. අද ලෝකයේ නාට්‍ය කලාව පිංතූර රාමු වේදිකාව අතහැරලා ගොඩක් කල්. අද තියෙන්නෙ බ්ලැක් බොක්ස් තියටර්. සමහර රටවල් එතනිනුත් ඉදිරියට ගිහින්. අපි කොතැනද ඉන්නෙ. කොළඹින් පිිට ඇතැම් තැන්වල මනමේ” සිංහබාහු නාට්‍යවලින් තොර නාට්‍යයක් ගැන දන්නෙ නැහැ. ප‍්‍රාදේශීය මට්ටමින් තියෙන සමිති ශාලා වෙනුවට රංග ශාලාවක් හදන්න පුළුවන්නම්… ගන්න සම්මානයෙන් හැකියාවෙන් ප‍්‍රයෝජනයක් ගන්න සංස්කෘතික මධ්‍යස්ථානයක උගන්නවන්න ලැබෙනවනම්… කොළඹ නාට්‍ය ගමට ගෙනියන්න පුළුවන් වටපිටාවක් හදල දෙනවනම්… කලාකරුවන් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් තවත් නැහැ.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment