කොළඹ නුවර පාරේ වලකඩයාවේ දී බස් දෙකක් ඇනගෙන 18ක් රෝහලේ

294

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද, වලකඩයාව ප්‍රදේශයේ දී ඊයේ (11 දා) උදෑසන 8.15 පමණ එකම දෙසට ධාවනයේ යෙදුන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් එකිනෙක ගැටී මගින් 18 දෙනකු පමණ තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල යන රෝහල් වෙත ඇතුළත් කර ඇතයි කෑගල්ල පොලිසිය පැවසීය.

කෑගල්ලේ සිට මාවනැල්ල බලා ධාවනයේ යෙදුනු බස් රථයේ පිටුපස ගැටී ඇත්තේ පානදුර සිට මහනුවර දෙසට ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බවද පොලිසිය පැවසීය. අනතුරින් මගීන් 16 දෙනකු මාවනැල්ල මූලික රෝහලත්, දෙදෙනක් කෑගල්ල රෝහල වෙතත් ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය ඒ තරම් බරපතළ නොවන බවද පොලිසිය පැවසීය. පවතින වර්ෂාව හේතුවෙන් පානදුර දෙස සිට පැමිණි බස් රථයේ රියැදුරුට වේගය පලනය කරගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි සැක කරන බවත්, පානදුර සිට ධාවනයේ යෙදුනු බස් රථයේ ඉදිපස කොටසට හානි සිදුවී ඇතිවද පොලිසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

අරණායක – රෝහණ ජයරත්න


advertistmentadvertistment