කොළඹ පාසල් අසල අවදානම් ගස් 40ක්

68

පාසල් ළමුන් ප්‍රවාහන සංගමය නගර සභාවට දන්වයි

කොළඹ නගරයේ ප්‍රධාන පාසල් අසල ඇති අවදානම් ගස් 40ක් සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව ලිඛිතව දැනුවත් කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා “දිවයින”ට ඊයේ (02දා) පැවසීය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය දින කීපය තුළ පැවති ගස් කීපයක් කඩා වැටීමත් සමග තම සංගමය පාසල් අසල ඇති අවදානම් ගස් පිළිබඳව මෙලෙස දැනුවත් කළ බවද හෙතෙම කීය.

පාසල් නිමා වූ පසු සිසුන් පාසල් වෑන් රථ පැමිණෙනතුරු පාසල් අසල ඇති මෙම අවදානම් ගස්යට රැඳී සිටින බවත්, මේ නිසා ඔවුන්ගේ ජීවිත අවදානමේ බවත් පෙන්වා දුන්නේය.

පාසල් වෑන් රථය මතට ගසක් කඩාවැටුණොත් රක්ෂණයෙන් එයට පිළියම් යොදාගත හැකි බවත්, පාසල් දරුවකුගේ ශරීරය මතට ගසක් කඩා වැටුණහොත් ඒ පාඩුව දෙමවුපියන්ට බවත් හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment