කොළඹ – බදුල්ල අධි සුඛෝපභෝගී දුම්රිය හෙට ඇරඹෙයි

616

මෙරට ඉහළම සංචාරක අන්තර්ගතයක් සහිත දුම්රි ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල අතර අධිසුඛෝපභෝගී දුම්රියක් හෙටින් (13 වැනිදා) ඇරඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රිය ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙරවරු 5.30ට කොළඹ කොටුවෙන් පිටත්වන ‘නව ඇල්ල ඔඩෙසි’ අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55ට බදුල්ලට ළඟා වීමට නියමිතය. ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පෙරාදෙනිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල දුම්රිය නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙරවරු 9.50ට පිටත්වන දුම්රිය රාත්‍රී 7.20ට කොළඹට ළඟාවීමට නියමිත අතර දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථානවල දුම්රිය නතර කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා


advertistmentadvertistment