රාජ්‍ය බුද්ධි අංශවලට ලැබුණු තොරතුරු මත පෙරේදා (13දා) සිට කොළඹ නගරයට දැඩි රැකවල් යොදවා ඇත.
මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළට පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හමුදාවද යොදවා ඇතැයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවැසීය. මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළ වඩාත් ක්‍රියාත්මක වෙන්නේ කොළඹ 07 තුන්මුල්ල, කොළඹ විශ්වවිiාල අවට ප්‍රදේශය, නිදහස් චතුරස්‍රය, ගාලුමුවදොර, කොළඹ කොටුව සහ ටවුන් හෝල් ප්‍රදේශවල බවද නිහාල් තල්දූව මහතා කීවේය. මේ අතර කොළඹ නගරය තුළ මාර්ග සෝදිසි මෙහෙයුම්ද වැඩිකර තිබේ.
නෝමන් පලිහවඩන, පිංතූර – නිමල් දයාරත්න