කොළොන්නාවේ කුඩු රැජින ‘දෝනි’ එස්ටීඑෆ් දැලේ

176

විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ඩුබායි ධනුෂ්ක හා කොලොන්නාවේ චන්දන යන අයවලුන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කුඩු රැජින ‘දෝණි’ පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි දෝනි නැමැති වයස අවුරුදු 37 කාන්තාවක් බව පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07 යි මිලි ග්‍රෑම් 100 ක් පොලිස් භාරයට ගැනිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ඩබ්. එම්. කේ. එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකළහ.
ඇන්ටන් ප්‍රනාන්දු, වේයන්ගොඩ – ඉන්දික තුෂාර


advertistmentadvertistment